
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී
විශ්‍රාමලත් විදුහල්පති,
කොස්ගොඩ කේ.ඩී.ආර්. පී. රාජකරුණා
තම දූ දරුවන්ගේ අධ්‍යාපනය ගැන මවුපියන් දක්වන්නේ විශාල උනන්දුවකි. ප්‍රාථමික අධ්‍යාපනයට යොමු කළ දිනයේ සිට තම දරුවන්ගේ අනාගතය ගැන උනන්දු වීම වර්තමාන තරුණ මවුපියන්ගේ දැකිය හැකි විශේෂ ලක්ෂණයකි. සෑම මවුපියකුම බලාපොරොත්තු වන්නේ තම දියණිය හෝ පුතු වෛද්‍යවරයෙක් හෝ ඉංජිනේරුවෙක් කරගැනීමටය.
පසුගිය කාලයේම විදුහල්පතිවරයෙකු ලෙස සේවය කරන විට 5 වසර ශිෂ්‍යත්වය සමත් දරුවෙකුගේ මවක් "මගේ දරුවා දොස්තර කෙනෙක් කරන්න ආසයි" යැයි මා වෙත පැවසුවාය. ඇය මගේ නිවසට කැඳවා දරුවාගේ කේන්දරය පරීක්ෂා කොට එවැනි යෝග මේ දරුවාට නොමැති බව ප්‍රකාශ කළෙමි. නමුත් මා කී කිසිවක් ඒ මව පිළි නොගත්තාය. අන්තිමේදී මේ දරුවා අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සාමාන්‍ය පරිදි සමත්ව ජීව විද්‍යා අංශයට යොමු කළාය. නමුත් දරුවා එක් විෂයක්වත් සමත් නොවීය. තරුණ වියට එළැඹි පසු සිසුවා කුඩා ව්‍යාපාරයක් පටන්ගෙන එය අද විශාල ව්‍යාපාරයක් බවට පත්කර පවත්වාගෙන යන්නේ සාර්ථක ව්‍යාපාරිකයකු ලෙසය. පසුගිය දිනක මගෙන් කේන්දර බැලීමට පැමිණි එක් ගුරු මාතාවක් මට මෙසේ පැවසුවාය. "මගේ දුව ජීව විද්‍යා අංශයෙන් දෙවතාවක්ම ෆේල් වුණා. එයා ගත්තේ S සාමර්ථ්‍යය දෙකක් විතරයි. නමුත් මාස 09කදී දියණිය කලා අංශයෙන් උසස් පෙළ කොට A සාමර්ථ්‍යය 3ක් ලබා නීති පීඨයට ඇතුළත් වූ බවය.
මා මෙවන් සිද්ධිවලින් ඔබට කියන්නට අදහස් කරන්නේ ඔබේ දරුවාගේ අනාගත ජීවන වෘත්තියට අදාළ බලපෑම් ග්‍රහයෝග කේන්දරයෙන් පෙන්නුම් කරන බවයි. මෙම ග්‍රහ යෝග ග්‍රහ බලපෑම් හරිහැටි තේරුම්ගෙන කුඩා කල සිටම දරුවා නියමිත දිශාවට යොමුකළහොත් දරුවාට ද වැඩි බරක් නොදී අධ්‍යාපනය පහසු කොට ජයග්‍රහණය අත්පත් කරගත හැකි බව පෙන්වා දෙනු කැමැත්තෙමි.
මේ ලිපියෙන් මා පෙන්වා දීමට අදහස් කරන්නේ තමාගේ කේන්දරයට අනුව තමාට උරුම ජීවන වෘත්තිය ජන්ම පත්‍රයෙන් පෙන්නුම් කරන බව උදාහරණ සහිත පෙන්වා දීමයි. මීළඟට මා සූදානම් වන්නේ පහත සඳහන් වෘත්තීන්වලට අනුව ග්‍රහයෝග / ග්‍රහ බලපෑම් පෙන්නුම් කර දීමයි.
01. වෛද්‍ය වෘත්තිය
ඔබේ හඳහනේ 7,2,10 යන රාශිවල රවි / කුජ/ ගුරු / ශනි / රාහු යන ග්‍රහයන් බලවත්ව සිටීනම් වෛද්‍ය වෘත්තියට යොමු වේ. එමෙන්ම ගුරු / කේතු ලග්නයේ බලවත්ව සිටීම ද වෛද්‍ය යෝගයකි. ඉදිරියේ පෙන්නුම් කර දෙන යෝග හා ග්‍රහ බලපෑම් තේරුම් ගැනීමට පහසු වීම පිණිස ග්‍රහයන්ගේ බල දුබලතා පහතින් පෙන්නුම් කෙරේ.
1. රවි - මේෂ / සිංහ - බලවත් වේ. තුලා රාශියේ දුර්වලයි.
2. සඳු - කටක / වෘෂභ - බලවත් වේ. වෘශ්චික රාශියේ දුර්වලයි.
3. කුජ - (අඟහරු) මේෂ / වෘශ්චික / මකර බලවත් වේ. කටක රාශියේ දුර්වලයි
4. රාහු - වෘෂභ /කන්‍යා / කුම්භ - බලවත් වේ. වෘශ්චික රාශියේ දුර්වලයි.
5. කේතු - වෘශ්චික / මීන - බලවත් වේ. වෘෂභ රාශියේ නිචවේ.
6. බ්‍රහස්පති - ධනු / මීන/ කටක - බලවත් වේ. මකර රාශියේ නිචවේ.
7. සෙනසුරු - මකර / කුම්භ/ තුලා බලවත් වේ. මේෂ රාශියේ නීචයි
8. බුධ - මිථුන කන්‍යා බලවත් වේ. මීන රාශියේ දුර්වලයි
9. සිකුරු - වෘෂභ / තුලා බලවත් වේ. කන්‍යා රාශියේ නිචයි.
ගුරු / බුධ දෙදෙනා වෘශ්චික රාශියේ හෝ 7 වැන්නා මත යෙදීම ද 3/5/9/6/8/12 යන රාශිවල රවි/සඳු/කුජ/ශනි/ රාහු ග්‍රහයින් සිටීම ද වෛද්‍ය වෘත්තිය සුදුසු පිහිටීම වේ.
යම් කේන්දරයක 10 වන රාශියේ හෝ එහි අධිපති සමඟ ගුරු/කේතු පිහිටීම ද වෛද්‍ය යෝගයක් වේ. කේන්දරයේ ත්‍රිකෝණ ස්ථාන එනම් 5/9 හෝ සුබ ග්‍රහයන් සිටීම ද බලවත් යෝගයකි. එසේම ලග්නාධිපති සමඟ මේ ග්‍රහයන් ලග්නයේ සිටීම ද වෛද්‍ය යෝගයකි. එය ඉෂ්ට බල යෝගය නම් වේ.
02.ඉංජිනේරු වෘත්තිය
1. කිසියම් කේන්දරයක දසවැන්න/තුන්වැන්න/පස්වැන්න/නවවැන්න (10/3/5/9) යන රාශි අධිපති ග්‍රහයින් මේෂ/ සිංහ/ධනු රාශිවල සිටීම ඉංජිනේරු වෘත්තියට යොමු වන ලක්ෂණයකි.
2. කුජ/බුධ/සිකුරු/ශනි ආදීන් බලවත් වීම හෝ දසවැන්නේ හෝ ලග්නයේ සුබ ග්‍රහයන් සිටීම ඉංජිනේරුවරයෙකු වීමේ ලක්ෂණ පෙන්නුම් කෙරේ.
3.කුජ /ශනි බලවත්ව 10 වැන්නේ සිටීම හා සුබ ග්‍රහයන් ලග්නයේ සිටීම ද ඉංජිනේරුවරයෙකු බිහිවීමේ ලක්ෂණයකි.
4. සියලුම ග්‍රහයින් රාශිවල සිටීම ද රාජ යෝගයක් මෙන්ම ඉංජිනේරු යෝගයක් වේ. මෙසේ පිහිටීම කලාකුරකින් සිදුවන දෙයකි.
05. 5/9/1 අධිපති ග්‍රහයින් යෝගය කාරකව ලග්නයේ සිටියේ නම් එයද වෛද්‍ය / ඉංජිනේරු / නීතිඥ යන වෘත්තීන්ට බලපාන යෝගයකි. එයට ඉෂ්ට බල යෝග යැයි කියනු ලැබේ.
03. නීතිඥ වෘත්තිය
1. ගුරු බලවත් වීම තුලා රාශියේ ගුරු සිටීම කේතු/රවි කුජ/ශනි බලවත් වීමෙන් නීතිඥවරුන් බිහි වේ.
2. කේන්ද්‍රයේ රවි 9 වැන්නේ පිහිටීම ද රවි තුලා රාශියේ පිහිටීම ද කුජ බලවත් වීම ද සඳු නීච වීම ද නීතිඥවරුන් බිහි කරන පිහිටීමකි.
3.10 වැන්නේ රවි/තුලා රාශියේ වීම කුජ බලවත් ව සිටීම ද ග්‍රහයන් දෙදෙනා මඟින් රාශි 4 ක සිටි ද නීතිඥවරයකු බිහිවීමේ ලක්ෂණයි.
4. ලග්නයේ පාප ග්‍රහයන් තිදෙනෙකු සිට 9 වැන්නේ හා 5 වැන්නේ සුබ ග්‍රහයන් සිටීම ද නීතිඥ වෘත්තිය සුදුසු පිහිටීමයි.
04. පරිපාලන ක්ෂේත්‍රය
1. මෙම ක්ෂේත්‍රයට පිවිසෙන අයගේ කේන්දරයේ ඉතාම නිහතමානි ගති ලක්ෂණ පෙන්නුම් විය යුතුය. රවි නීච විය යුතුය. කුජ බලවත් විය යුතුය. සෙනසුරු බලවත් විය යුතුය.
2. කේන්දරයේ ජෝඩු යෝග 4ක් තිබේ. උසස් පරිපාලන නිලධාරියෙක් වේ. අනිත් ග්‍රහයා ලක්ෂණයේ සිටිය යුතුය.
3. කේන්දරයේ 11 වැන්නේ කුජ/රවි/ සිටිය ද ගුරු ලග්නයේ හෝ පස්වැන්නේ සිටීම ද පරිපාලන ක්ෂේත්‍රයට ඉතා හොඳ පිහිටීමකි.
4. කේන්දරයේ 9 අධිපති ග්‍රහයා සහ 10 අධිපති ග්‍රහයා එක්ව සිටීම ද ඉතාම සුදුසු ග්‍රහ පිහිටීමක් වේ. මෙය ධර්මකර්මාධිපති යෝගය නම් වේ.
5. 9 වැන්නේ සිට ගණින විට 9 අධිපති ග්‍රහයා සහ 10 වැන්නේ සිට ගන්නා විට 10 අධිපති ග්‍රහයා එක්ව සිටීම ද ඉතාම යෝග්‍ය පරිපාලන නිලධාරි බිහි වේ.
05. ගුරු/බැංකු/ ගණකාධිකාරී / කලා අංශවල අයත් වෘත්තීන්
1. කිසියම් කේන්දරයක 9 වැන්නේ ගුරු සිටීම හා 10 වැන්නේ බුධ සිටීම ද මෙවන් වෘත්තීන්වලට යොමු වන ග්‍රහ පිහිටීම වේ.
2. බුධ / සිකුරු සහයෝගව 5 වැන්නේ සිටීම ද 11 වැන්නේ රවි/රාහු/ගුරු සිටීම ද 10 වැන්නේ ශනි සිටීම ද මෙවැනි ක්ෂේත්‍රවලට යොමු වන පිහිටීමකි.
3. චන්ද්‍ර / කේතු 5 වැන්නේ සිටීම 10 වැන්නේ බුධ සිටීම 9 ගුරු සිටීම ද මෙම ක්ෂේත්‍රයේ සුදුසුම ග්‍රහ පිහිටීමේදී
4. 10 වැන්නේ සිකුරු බලවත් වීම 5 වැන්නේ බුධ හෝ ගුරු සිටීම ද දෙවැන්නේ සඳු සිටීම ද කාලීන අංශයට හොඳ පිහිටීමකි.
5. බුධ/ සිකුරු සංයෝගව 10 වැන්නේ සිටීම කලා අංශයේ යොමුවන හොඳ පිහිටීමකි. මේ සංයෝගය මේෂ/වෘශ්චික/තුලා/වෘෂභ/මිථුන/කන්‍යා රාශිවල සිටීම ඉතාම සුබ පිහිටීමකි.
අධ්‍යාපනය ලබන දරුවන් සිටින මවුපියන් මේ ලිපිය කියවා තම දරුවන් කුමන අංශයට යොමු කරගත යුතු ද යන්න තීරණය කළ හැකිය. මේ අයුරින් දරුවන් නිසි මඟට යොමු කිරීම තුළින් දරුවන්ට ද මහත් සහනයක් ලැබේ. එය පිටිවහලක් ද වේ. වෛද්‍යවරයෙකු/ඉංජිනේරුවෙක් වීමට යෝග නොමැතිව ඒ සමඟ යොමු කිරීම කාලය/ශ්‍රමය/ධනය විනාශ කිරීමකි. දරුවාට පීඩාකාරි ද වේ. මේ නිසා දරුවන්ගේ කේන්දර ප්‍රවීණ ජ්‍යොතිෂවේදියෙකු ලවා පරීක්ෂා කරගෙන 11 ශ්‍රේණියෙන් පසු නිසි මඟට යොමුකළහොත් මේ ලිපියේ අරමුණ ඉටු වනු ඇත.