ජීවිතයම වෙනස් කරන ධන උදාන සප්ත මන්ත්‍ර | Page 5 | සිළුමිණ

ජීවිතයම වෙනස් කරන ධන උදාන සප්ත මන්ත්‍ර

විවිධ අවශ්‍යතා සපුරා ගැනීමේදී හැම දෙනාටම බෙහෙවින්ම අවශ්‍ය වන්නේ මුදල්ය. බොහෝ අයට මුදල් හිඟය. අවශ්‍ය ගැටලුවලදී අතමාරු ණය ගනුදෙනුවලට යාමටද සිදුවන අවස්ථා ඇත. ආහාරපාන, සෞඛ්‍ය, අධ්‍යාපන, වස්ත්‍ර, ඉඳුම්-හිටුම් යන මූලික කටයුතුවත් ඉටුකර ගැනීමට වේතනය හෝ ආදායම මදි වන අවස්ථා ඇත. ජීවන ගමනේදී පීඩාකාරී බව, වෙහෙසකාරී බව, මානසික පීඩනය, සතුරු උවදුරු, නීති ගැටලු ආදිය කොයි මොහොතේ තමන් වෙත පැමිණේවිදැයි කියන්නට අසීරුය. ශාරීරික විවේකය, සුව සහනය, සතුට, ප්‍රීතිය නැති තරම්ය. කලකිරීම් බොහෝය. බොහෝ ප්‍රශ්න විසඳා ගැනීමට අවශ්‍ය වන්නේ මුදල්ය.

මේ තත්ත්වය වෙනස්කර ගැනීමට ඔබට උපකාරී වන එසේම ඔබගේ අතට නිරායාසයෙන් මුදල් ගලා එන මෙම අපූරු ක්‍රමවේදය අත්හදා බැලීමට දැන් ඔබට අවස්ථාව ඇත. මෙයින් ප්‍රතිඵල නිසියාකාරව නෙළා ගැනීමට නම් පිරිය යුතු වත්පිළිවෙත් රාශියක් ඇත. ඔබ ඔබගේ අනාගත දියුණුව, පවුලේ දියුණුව, හිතේ සතුට වෙනුවෙන් එම පිළිවෙත් පිරීමට හැකි නම් දින 41 වන විට ඔබට හිතාගත නොහැකි ලෙස ඔබ දියුණුව කරා යනු ඇත.

ධර්මානුකූල ජීවිතයක් ගත කරද්දී නොකළ යුතු ව්‍යාපාර, නොකළ යුතු කාර්යයන් ද ඇත. ඒ සියල්ලෙන් අත්මිදී ධර්මානුකූල යහපත් ජීවිත රටාවක් ඔබ හුරුකර ගත්තේ නම් දින 41ට පසු ඔබ සිටින තැන ඔබටම හිතා ගත නොහැකි වනු ඇත. මෙම ගුප්තමය ක්‍රමය අත්හදා බලද්දී එය සිදුවන ආකාරය ගැන ඔබට පෘථුල අවබෝධයක් ලබා ගැනීමට නොහැකි වුවත් එහි ප්‍රතිඵල ලැබීමේදී එහි සත්‍යතාව නිසැකවම වැටහෙනු ඇත.

මෙම 'සප්ත මන්ත්‍ර ක්‍රමවේදය' අනුගමනය කිරීම සඳහා දවසේ සුදුසුම කාලය බ්‍රහ්ම යාමයයි. එනම් අලුයම 3 කණිසමයි. මෙම සප්ත මන්ත්‍ර භාවිත කරද්දී ඔබගේ චිත්ත ශක්තිය වර්ධනය වන අතර එය විශ්වය සමඟ ගනුදෙනු කිරීමේ පූර්ව ආරම්භයක් බව ඔබ සිහි තබා ගත යුතුය.

ඉහත පැහැදිලි කිරීම්වලින් ඔබට යම් අවබෝධයක් ලැබෙන්නට ඇතැයි සිතමි. ඔබට මොනතරම් අගහිඟකම්, නැතිබැරිකම්, ගැටලු, ප්‍රශ්න, අලසකම්, කම්මැළිකම තිබුණත් ජීවිතයේ ඊළඟ පියවර යහපත් කර ගැනීම සඳහා මෙම සුවිශේෂි ගුප්ත ක්‍රමය ඔබගේ මනසට යම් තල්ලුවක් ලබා දෙනු ඇතැයි මාගේ අත්දැකීම් පෙරදැරි කරගෙන මම විශ්වාස කරමි.

අලුයම අවදි වන ඔබ මුලින්ම කළ යුත්තේ පන්සිල් ගෙන බුදුන් වැඳ මෛත්‍රිය අට දිසාවටම පැතිර වීමයි. මෛත්‍රිය පැතිරවීම පිළිබඳව පෙර ලිපියක සඳහන් කළ බව මතක් කරනු කැමැත්තෙමි.

අනතුරුව තුන්සිත පහදා විශ්වය සමඟ ගනුදෙනු කිරීමට පහත සඳහන් මන්ත්‍ර 7 දිනපතා නොකඩවා කියවන්න. දින 41 වන විට ඔබට ප්‍රතිඵල ලැබීම ආරම්භ වනු ඇත. ලබන වසරේ මේ මාසය වන විට ජීවිතයම ජයගත් අයකු ලෙස ඔබට ආඩම්බර විය හැකිය. එම මන්ත්‍ර නොකඩවා කියවන්න. ඔබට ආකල්පමය වෙනසක් ඇති වී යටි හිත අවදි වී හිතන්නට පුරුදු වී ඔබගේ වෘත්තියට අමතරව බොහෝ දේ ක්‍රියාවේ යෙදවීමට ඔබට සිතෙනු ඇත. ඒ දේවල් ක්‍රියාවේ යෙදවීමට ද මාර්ග සැලසේ. කලකට පසු ඔබට ඉතා සාර්ථක පුද්ගලයකු වීමේ අවස්ථාව නිරායාසයෙන් ලැබෙනු ඇත.

මෙම අගනා මන්ත්‍ර රත්න 7 දිනපතා 21 වරක් අලුයම කියවීමට පුරුදු වන්න. මීට අමතරව පිරිසිදු තැඹිලි තෙල් සුද්ද පවිත්‍ර කළ ස්ථානයක මල් පහන් සහිත සුවඳ පූජා පවත්වමින් පනස් හතර වර හෝ දහස් වර ජපකර රන් හෝ රන් ආලේපිත, එසේත් නැතිනම් පස්ලෝ සුරයක දමා පැලඳවීමෙන් යුක්තිය දිනා වැටුණු බිස්නස් ගොඩනඟා නව වෙළඳාම් අරඹා රැකියා දියුණු කර ජීවිතය ජය ගැනීමට වරම් ලැබෙනු ඇත.

ඔබගේ මුවින් මෙය දස දහස් වර කියවන්න. පසුව කිරි ඇති දල්ලකට මතුරන්න. එය තමා දෙසට නැමී එයි. ත්‍රිලෝකයම වශී වේ. අති ප්‍රබල මන්ත්‍ර 7කි. මෙය අත්හදා බැලු අතිවිශාල පිරිසක් ඉතා සැපවත් ජීවිත ගත කරන බව කියන්නේ ද සතුටිනි.

 

Comments