
වත්මනෙහි සිටින ඇතැම් ජ්‍යොතිෂවේදීන්ට වඩා අතීතයේ සිටි ඇදුරන් විසින් සාදන නැකත්වලින් උපරීම ප්‍රතිඵල ලබා තිබෙන බවට ඕනෑ තරම් සාක්ෂි සාධක අපට ලැබී ඇත. අතීතයේ සිටි නැකත්කරුවන් 'ගලේ ඉනි පැළවෙන ' හැටියටත් 'ගහේ මුල තැඹිලි හටගන්නා' ආකාරයටත් නැකත් දී තිබූ බවට නම් සත්‍යයකි. සාගර පරයන වැව් හැදීමේදී හා අහස් උසට වෙහෙර විහාර සෑදීමේදී මේ ආකාරයට නැකත්වලින් ප්‍රයෝජන ගත් යුගයක් අපට තිබුණි. ප්‍රසිද්ධ හා ජනප්‍රිය ජ්‍යොතිෂවේදීන් විසින් දෙන නැකත්වලට අනුව සැදූ නිවාසවල කටයුතු අතරමග නතර කර තිබු අවස්ථා අප කොතෙකුත් දැක ඇත.
එසේ වන්නේ ඇයි ?
අකුරු කියවීමේදී විවාහයේදී මෙන්ම නිවාස ඉදිකිරිමේදී ඒ සඳහා බලපාන චක්‍රයන් තිබේ. ඇතැම් ජ්‍යොතිෂවේදීන් මෙම චක්‍රයන් යෙදෙන ආකාරය පිළිබඳව එතරම් සැලකිල්ලක් දක්වන බවක් දක්නට නොලැබේ. ගොවිතැන් කිරීමේ දී කෙසෙල් හා බටු පැළ සිටුවන්නට ද චක්‍ර තිබේ. එසේම සී සෑමට හා වගාවන් වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට වැට පිරීමේදී එක් එක් චක්‍රයන් තිබෙන අතර ඒ ඒ වගාවන්ට අනුගමනය කළ යුතු කාරණයන් ද අනුගමනය කළ යුතු බව පොත්පත්වල සඳහන්ය.
වර්තමාන සමාජය තුළ දී මිනිසුන්ට තිබෙන හදිසිය නිසා මෙම චක්‍රයන් හා කාරණයන් අල්ලා වැඩ කර ගැනීමට හැකියාවක් නැත. නිවාස ඉදි කිරීමේදී කෝණ හර මාසයක් හා භූමිනාග හා වෘෂභ චක්‍රයන්ට එල්ල වන නැකත් මෙම ඉක්මන් ක්‍රම නිසා මග හැරි යයි. මා දන්නා එක් තරුණයකු මා දුන් නැකත් අනුගමනය නොකර හිතුමතේට තම නිවස සාදා ගන්නට ගොස් මාස කිහිපයක් යන්නට ප්‍රථම ඔහු ලෙඩ විය. රජයේ හා පෞද්ගලික අංශයේ රැකියා කරන අය ද මෙවැනි අකරතැබ්බයන්ට යොමු වන්නේ ඔවුන් කියන දිනයන්ට එම චක්‍රයන් එල්ල නොවීම නිසයි.
අනික් කරුණ වන්නේ එම අයගේ ඉල්ලීම පිට මුදල් ගැන පමණක් සලකා බලා ඉතා ඉක්මණින් නැකත් දීමට ඇතැම් ජ්‍යොතිෂවේදීන් නිවාස, විවාහ, අකුරු කීම, බත් කැවීම වැනි ඉතා ප්‍රවේශමෙන් හා ඉවසීමෙන් සෑදිය යුතු නැකත් ඇතැම් අය කලබලේට නැකත් දීම ද එම නැකත් පල නොදීමට හේතු වේ.
ගෙයක් දොරක් සාදා ගැනීමේදී වත්මනයේ හැටියට විශාල මුදලක් වැයවේ. දරුවෙකුට අකුරු කීමේදී හා බත් කැවීමේදී මේ ආදී කරුණු සලකා බලා නැකත් ගැනීමට මවුපියන් වග බලා ගත යුතුය. නැත්නම් පසු කාලයේදී එම දරුවන්ට වෙනත් අතුරු ආබාධ ඇති වීමට පුළුවන. ඇතැම් සේවාදායකයන් නැකත් සෑදීමේදී ජ්‍යොතිෂවේදියා විසින් දරන කාලය හා මහන්සිය ගැන සැලකිල්ලක් නොදක්වන අතර බොහෝ දෙනෙකුට මේ පිළිබඳ කරුණු කීවත් ඒ පිළිබඳව ඔවුන් ගණන් නොගන්නා බවක් දක්නට ඇත.
මේ නිසා නැකත්වලින් ප්‍රයෝජන ගන්නට උත්සාහ කරන යම් අයෙක් වෙත්නම් තමාට හිතවත් තම පවුලේ ජ්‍යොතිෂවේදියාගේ උපදෙස් හා අවවාද අනුශාසනා පිළිබඳව සැලකිල්ලක් දක්වා කටයුතු කිරීමෙන් එම නැකත්වලින් උපරීම ප්‍රයෝජන ගැනීමට හැකියාව ලැබෙන බව පෙන්වා දිය හැකිය.