
සතුරු මර්දන, මන්ත්‍ර බල පිහිටීම, නිවාස ව්‍යාපාර ආරක්ෂාව, අමනුෂ්‍ය දෝෂ දුරු කිරීම ආදී කාරණා 334ක් සඳහා ඉහළ ගුණ දෙන අතිප්‍රබල සූර්ය දැහැන තුළින් මුළු විශ්වය සමඟම ගනුදෙනු කිරීමේ හැකියාව ඇත.
මෙය භාවිත කරන අයකුට වැරදි කිරීමට හිත නොදේ. ආකල්පවල වෙනසක් ඇති වේ. යහපත් පිවිතුරු අදහස් පමණක් මනසට ගලා එනු ඇත. ප්‍රිය වචනයම නිතර භාවිත කරයි. ඉවසීම ප්‍රගුණ වේ. වෛරය ක්‍රෝධය සිතින් පහව යයි. නිතර මෛත්‍රී සිතින්ම කටයුතු කරයි. අනුන් කෙරෙහි අනුකම්පාව දක්වයි. ආගම ධර්මය කෙරෙහි නිතර සිත යොමු වෙයි. කල් ක්‍රියාව යහපත් වේ. දුටු දුටුවන් තමන් කෙරෙහි ඇල්මක් දක්වයි. ස්ත්‍රී පුරුෂ ආධාර, උපකාර, කරුණාව, දයාව ලබයි. සියල්ල යහපත් වේ. නිරතුරුවම නොපෙනෙන බලවේගයක් ඔබව ආරක්ෂා කරනු ඇත. ජීවිත ජයග්‍රහණය ඒකාන්තයෙන්ම ලැබේ. රාජ කරුණාව උපකාර ලැබේ. චෝර බිය පහව යයි. මරන්න ගියත් නොමරයි. මේ සියල්ල සත්තයි සහතිකයි.
තුන් සිත පහදා සූර්ය දැහැන භාවිතය ප්‍රයෝජනය ගැන සඳහන් කරනු කැමැත්තෙමි. කාරණා 334 අතරින් නිතර සමාජයේ අසන්නට ලැබෙන ප්‍රශ්න කීපයක් පමණක් ගෙන කරුණු ඉදිරිපත් කරමි.
ණය බරින් අත්මිදීම, නොදුන් ණය ලබා ගැනීම, වැටුණු ව්‍යාපාර ගොඩ ගැනීම, මතට හුරු වූ අය මුදා ගැනීම, අඹුසැමි සමඟිය, බිඳ වැටුණ ප්‍රේම සබඳතා ගොඩනැඟීම, දරුවන්ගේ අධ්‍යාපනය , අනවශ්‍ය නඩුහබ ජය ගැනීම, නීති ප්‍රශ්න ඇති නොවීම, ස්ථානගත රැකියා ප්‍රශ්න විසඳා ගැනීම, යුවතිපතිනට දරු සම්පත් ලබා ගැනීම, අනියම් සබඳතා බිඳ දැමීම, ශ්‍රීයාව සහ ශාරීරික පෘෂ්ඨීය වැඩීම, ප්‍රමාද විදෙස්ගත වීම ඉක්මන් කරගැනීම, ශාස්ත්‍රීය ඥානය වැඩීම, හදිසි අනතුරුවලින් මිදීම, ග්‍රහ අපල සමනය කිරීම, ප්‍රාර්ථනා ඉටු කර ගැනීම.
අහසින් යාමට තරම් මන්ත්‍ර බලය පිහිටුවා ගත් රාවණා රජුට පවා මන්ත්‍ර සිද්ධිය ලැබූ අතිප්‍රබල මන්ත්‍රයකි. සූර්ය ධ්‍යානය (සූර්ය දැහැන) මෙම සූර්ය දැහැනෙන් මන්ත්‍රබල පිහිටුවා ගත හැකි අතර ඊට අමතර කරුණු කාරණා 334ක් සඳහා ප්‍රතිඵල ලැබෙන බව සහතිකවම සඳහන් කළ හැකිය. අලුයම මෙය භාවිතය ඉතා සුදුසුයි. සූර්යදෙස බලමින් දිනපතා 21 වර සූර්ය දැහැන නොකඩවා කියන්න.
ඔබ පුදුමයට පත්වනු ඇත. අපරාධ හිතක් හෝ දූෂ්‍ය හිතක් ඔබට පහළ නොවනු ඇත. අට දිශාවෙන්ම ඔබට ආරක්ෂාව ලැබෙනු නියතය. ජීවිතයේ අඩුපාඩු නැති, ප්‍රශ්න ගැටලු නැති, සිතේ සතුටු ප්‍රශ්න නැති සුබවාදී ජීවිතයක් වනු ඇත. අත්‍යවශ්‍ය කරුණු ඉටුකර ගැනීමට පෙර 108 වර කියවා රාහු කාලයෙන් තොර තම පක්ෂියා රාජ භෝජන වළඳන මොහොතක මරුට පිටුපා අවශ්‍යම ගමනක් යන්න. ඒකාන්තයෙන් කාරණාව ඉටු වේ. ඉල්ලූ දේ ලැබේ.
සියලු යහන් පහන් ශාස්ත්‍රානුකූලව දිෂ්ටි කරවා පරිවාර මන්ත්‍ර සහාය ඇතිව ඉතා පිරිසිදු සේරු ලීයෙන් ගා අව්වේ සිඳ ගත් තැඹිලි තෙල් දින 21 තුළ 24000 වර මතුරා සුරයක දා පැලඳීම, වෙළෙඳ සැල්වල මුදල් ලාච්චුවේ දැමීම, තිලක දීම තුළින් ඔබගේ පසුම්බියේ මුදල් උතුරනු ඇත. ඔබගේ වෙහෙසට, මහන්සියට ද අමතර ජය වාසනා තෑගි භෝග ආදිය සුලබව ඔබට ලැබෙනු ඇත. ගහකොළ සතා සිවුපාවා පවා ඔබට අවනත වනු ඇත. දීර්ඝකාලීනව අත්හදා බලා ප්‍රතිඵල නෙළාගත් මෙම සූර්ය දැහැන අපේ සුවහසක් පාඨකයන්ට ඉදිරිපත් කරන්නේ හුදෙක්ම ඔබේ දැවෙන තැවෙන ප්‍රශ්න ගැටලු සඳහා ප්‍රයෝජනයට ගැනීම සඳහායි.
---------------------------
සූර්ය ධ්‍යානය
සර්වඥනී සදානන්දේ - සර්ව දේවී නමෝ නමඃ
සුදස්ඵටික සංගීති - සුක්ෂ්ම දෙවී නමෝ නමඃ
මූල මන්ත්‍රස්‍ය රූපායේ - මූල ශක්ති නමෝ නමඃ
යෝගාන්ධ නී උමාදේවී - යෝගාන්ධානී නමෝ නමඃ
මුක්තාලං කෘත සංගීති - මූලධාරී නමෝ නමඃ
සර්වකායෙර්යෂු චිත්තායි - කාමදේවී නමෝ නමඃ
වාගීශ්වර ධනස්ථායේ - වරදේවී නමෝ නමඃ
නාරායනෙ ඝෝරරූපී - වරදේවී නමෝ නමඃ
ඕං ඉන්ද්‍රමුඛ චන්ද්‍රමුඛ භේලමුඛ මහාරාජමුඛං උදය බ්‍රහ්ම රූපාන් මධ්‍යම මහේශ්වර රූපාන් සවස විෂ්ණු රූපාන්, මෙවැනි ආකාර වූ සූර්යදිව්‍ය රාජයන්ගේ පිහිට ආධාරයෙන් මාගේ ජය යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර බන්ධන සකල කාර්ය සිද්ධි සිද්ධි සාධක සාධක ජය ජය බල ජීවබල ගුණ බල ආකර්ෂණ බල බන්ද බන්ද ඒස්වාහඃ
ඕං නමෝ ජය හෝනිතලේ ඊශ්වර කග්ග හස්ත ජය ගජපති ගණපති ජයතෝනි තලේ ජන බරණ සදාජය ඕකට තනවිකට ධරන නර භේරියෙන් සුජසා ක්‍රීත හරණයි මම දේහ විනාසේක සිද්ධි බලම් මම දේහ විනාසේක බුද්ධි බලම්