සැපවත් ජීවිතයකට මහා බලසම්පන්න බ්‍රහ්ම මන්ත්‍ර 5ක් | Page 4 | සිළුමිණ

සැපවත් ජීවිතයකට මහා බලසම්පන්න බ්‍රහ්ම මන්ත්‍ර 5ක්

ඕනෑම අයකුට වයස් භේදයකින් තොරව භාවිත කළ හැකියි

නිතර භාවිතයෙන් ප්‍රතිඵල නියතයි

 

අනාදිමත් කාලයක සිට මානව සංහතියේ ප්‍රයෝජනය සඳහා විවිධ සෘෂිවරුන් විසින් විවිධ ගුප්තමය ක්‍රමවේදයන් අත්හදා බලමින් සමාජගත කරන්නට වෑයම් කළ බව ගුප්ත ශාස්ත්‍රීය ඉතිහාසය පිරික්සීමෙන් පෙනී යන කරුණකි. මිනිසාට තම අවශ්‍යතා සපුරා ගැනීමේදී විවිධ ගැටලුවලට මුහුණ දීමට මෙන්ම විශ්වයේ පවතින ග්‍රහ තරුවලින්ද මිනිස් ජීවිත චර්යාවට විවිධ බාධක පැමිණෙන බවද සෘෂිවර මතයයි. ඒ නිසාම සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් තිබෙන බව ඔප්පු කිරීම සඳහා සියුම් බුද්ධිය මෙහෙය වූ සෘෂිවරු තම මානසික බලය ප්‍රයෝජනයට ගනිමින් හුදි ජනයාගේ පොදු ප්‍රයෝජන සඳහා විශ්වය සමඟ බද්ධ වෙමින් විවිධ නිර්මාණයන් කළ බව නොරහසකි. එයින් ඔවුන් අපමණ පල ප්‍රයෝජන ගත් බවද ඉතිහාසය නිරීක්ෂණයේදී පෙනී යන කරුණකි.

ඕනෑම අයකුට තම දෛනික ජීවිතය ගත කිරීමේදී සහ තම එදිනෙදා අවශ්‍යතා පිරිමසා ගැනීමට ක්‍රියාකාරකම්වල නිරත වීමේදි විවිධ ගැටලු ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවන බව නොරහසකි. එවැනි ගැටලු ප්‍රශ්න පැන නැඟීමේදී තම කාර්ය බාධාවකින් තොරව ස්වයංව සිදු කර ගැනීමට අති ප්‍රබල මන්ත්‍ර කීපයක් ඔබට ඉදිරිපත් කරමි. මේ සියල්ල අත්හදා බලා නියම ප්‍රතිඵල ගෙන එම පුරාණ මන්ත්‍රවලින් නියම ප්‍රතිඵල ලබා ගත හැකි බව මාගේ විශ්වාසයයි. සියලු ක්‍රියාවන් සඳහා මානසික සුවය අත්‍යවශ්‍ය වේ. යම් ආතතියකට, පීඩාවකට පත්වන මොහොතක ඔබට මෙම බලසම්පන්න මන්ත්‍ර ප්‍රයෝජනවත් වනු නිසැකය. සාමාන්‍ය මන්ත්‍ර ශාස්ත්‍රිය ක්‍රමවේදය වන්නේ දිෂ්ටි, ප්‍රාණ, පලිප්පු ආදී පරිවාර මන්ත්‍ර සහය ඇතිව යම් මන්ත්‍ර කටයුත්තක් ශාස්ත්‍රානුකූලව නිම කිරීමයි. නමුත් මෙම මහා බ්‍රහ්ම මන්ත්‍ර සඳහා වෙනම ස්ථානයක්, කාලයක්, මල් යහන්, දිෂ්ටි ක්‍රමවේද අවශ්‍ය නොවේ. ඕනෑම අයකුට වයස සහ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව මෙයින් ප්‍රයෝජන ගත හැකිය. ඔබට යමෙකුගෙන් යම් දෙයක් ඉල්ලා ගැනීමට අවශ්‍ය වුවත් එය ඉල්ලු සැණින් ලැබෙයිද නොලැබෙයිද යන සැකය ඇත්නම් ඉල්ලු දේ ලැබීම සඳහා පහත ක්‍රමවේදය අනුගමනය කිරීම ඔබට වඩාත් යහපත් ප්‍රතිඵල ගෙන දෙනු ඇත.

1. ඉල්ලු දේ ලැබීමට

මන්ත්‍රය - ඕං රාමානියේ ස්වාහඃ

ක්‍රමවේදය - ඉඟුරු කෑල්ලකට දහස් වරක් ඉහත මන්ත්‍රය කියා ඉඟුරු කෑල්ල මුඛයේ තබා අවශ්‍ය දේ ඉල්ලන්න. පළමු දිනයේ නොලැබුණහොත් දෙවන තෙවන දිනවලටත් නොකඩවා ඉල්ලන්න. දිනපතා දහස් වර මතුරන්න. නිසැකවම ඔබ ඉල්ලු දේ ඔබට ලැබෙනු ඇත. මෙය යහපත් ක්‍රියාවන් සඳහා පමණක් ප්‍රයෝජනයට ගත යුතු අතර අයුතු දේ ඉල්ලීම හෝ වෙන යම් ක්‍රියා සිදු කිරීම නොකළ යුතුය. එයින් ලැබෙන ප්‍රතිවිපාක සඳහා ගුරු උපදෙස් හෝ සහය නොලැබෙන බව සිහි තබා ගත යුතුය.

2. මීට අමතරව දුටු දුටුවන් ඔබට ප්‍රියමනාප වී ඔබගේ රැකියා කරන ස්ථානයේ හෝ ව්‍යාපාර ස්ථානයේ මෙන්ම මහ මඟ දුටුවන් සැමගේ ප්‍රියමනාප ඔබට ලැබීම සහ ඔබගේ ශ්‍රියාව වැඩි වීමටද පහත ක්‍රමය අනුගමනය කිරීම අතිශයින් ඔබට වැදගත් වනු ඇත.

මන්ත්‍රය - ඕං ප්‍රිය සුන්දරි ප්‍රිය භගවතී මා මුණදුටුවන් ප්‍රිය නෙත්කර බලා බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් සාධාරණ වේවා.

ක්‍රමවේදය - පිරිසිදු වතුර කුඩා මැටි කළයකට දිනපතා 1008 වර මතුරා මුහුණ සෝදා සබයට, සමාජයට, වෙළෙඳ සැලට, රැකියා කරන ස්ථානයට යන්න ගරුබුහුමන් ලැබේ. ඔබ සිතන පතන කාර්ය සිද්ධ වේ. සත්‍යයි.

3. වෙළහෙළදාම්, රැකියා දියුණුව, ධනය ලැබීමට

මන්ත්‍රය - ඕං ක්ෂතං මුක්ද්ව උත්ගාවෙශ්මර

ත්‍රඥාපයති ස්වාහඃ ඕං හ්‍රිං හ්‍රිං හුං හුං එම් එම් ස්වාහඃ ඕං නමෝ නරසිංහාය

ක්‍රමවේදය - සාම්බ්‍රාණිවලට මේ මන්ත්‍රයෙන් දහස් වර ජපකර උදේ හවස දුම් අල්ලන්න.

4. සකල ලෝකයාම වශී වී ගහකොළ පවා ඔබට අවනත වීමට ප්‍රබල සර්වජන වශියක්

මන්ත්‍රය - ඕං සිරි ගුණ දෙවෙල් ප්‍රමේශ්වරි හර හාර ශිව යමකුරු දිෂ්ට වර වර නමඃ

ක්‍රමවේදය - රන් තැඹිලි තෙලට පහනක් දල්වා සුවඳ දී දස දහස් වර ජපකර තිලක ලනු සියලු ප්‍රශ්න ගැටලු විසදී සෞභාග්‍ය උදා වේ. සත්තයි.

5. ඇස්වහට කටවහට අත්දුටු ක්‍රමයක්-

සි සිනේන්දා - නෛතා රෙන්ඩුම්

පෝයුම් පෝයුම් පොහ් අං

ක්‍රමවේදය - සතුන්ගේ නාදයට පෙර නැවුම් කළයකට වතුර ගෙන කපු ඇට සහ ඇටි ඇට අඟුරු දමා දෙහි අත්තකින් දිය කළවම් කරමින් 108 ජීවම් කර මූණ සෝදා වෙළෙඳසැලට, ඉඩමට ඉසින්න. සියලු දෝෂ ඇස්වහ, කටවහ දුරු වී යහපත උදා වේ. ඔබගේ ගැටලු ප්‍රශ්න දුරු වීමටත් යහපත උදාවීමටත් සිතූ දේ ඉටු වීමටත් මහා හාස්කම් පිරි රතන සූත්‍රය මුල් ගථා තුන නිතර භාවිත කරන්න. ඔබගේ පවුලේ යම් අයෙක් මත්පැනට, මත්ද්‍රව්‍යවලට පුරුදු වී සිටීනම් සම්බ පාපස්ස ගාථාවෙන් පිරිසිදු ජලය හැකි උපරිම වාර ගණනක් පිරිත්කර දිනපතා බොන්න දෙන්න. ඔහුට සදාකාලයටම මත්ද්‍රව්‍ය, මත් වතුර එපා වනු ඇත. ඔබත් අත්හදා බලන්න. නියත වශයෙන්ම ජය ලැබෙනු ඇත.

 

 

ජ්‍යොතිර්විද්‍යා විශාරද

කේ. එස්. එස්. යෝදින්ගේ

Comments