
ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය - 23
භාව අන්තර සම්බන්ධතා න්‍යායට අනුව තත්කාල කේන්දරය හදන්න 2193න් පහළ අංකයක් යොදාගත යුතුයි
මේ තත්කාල කේන්දරයට අනුව කේන්දර හිමියාගේ බලාපොරොත්තු ඉටු වෙයි
ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු ලැබෙනවාදැයි බැලීම සඳහා තත්කාල කේන්දරය උපයෝගී කර ගත හැකි වෙයි. තත්කාල කේන්දරයක 11 වැනි භාවය පමණක් යොදා ගෙන නිවැරදි පිළිතුරක් ලබා ගත හැකි වෙයි.
“ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය” අනුව තත්කාල කේන්දරය සකස් කිරීමට 249 න් පහළ ඇති අංකයක් යොදා ගත යුතු වෙයි. ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය තව දුරටත් ඉදිරියට ගොස් භාවිත කරන “භාව අන්තර සම්බන්ධතා න්‍යාය” අනුව තත්කාල කේන්දරය සකස් කිරීමට 2193න් පහළ අංකයක් යොදා ගත යුතු වෙයි. කෙසේ වුවද අංකයක් නැතිව වුවද තත්කාල කේන්දරය සකස්කර පිළිතුරු ලබා ගත හැකි වෙයි. ප්‍රශ්නය ඉදිරිපත් කරන තැනැත්තා අංකයක් ලබා දීමට මැළි වන්නේනම් සුදුසු “ක්‍රිෂ්ණමූර්ති පද්ධති” පරිගණක වැඩසටහනක් යොදා ගෙන අංකයක් සහ ප්‍රශ්නය විමසන ප්‍රදේශය මෙන්ම වේලාවද අනුව ප්‍රශ්න කේන්දරයද සකස්කර ගත හැකි වෙයි.
තත්කාල කේන්දරය.
ග්‍රහ පිහිටීම්
තත්කාල කේන්දර විශ්ලේෂණය කිරීමේදී මුලින්ම එහි සඳුගේ පිහිටීම බලන්න. සඳු ග්‍රහයා ප්‍රශ්නකරුගේ හිත ගැන කියයි. ඒ නිසා තත්කාල කේන්දරයේ සඳු ග්‍රහයාගේ පිහිටීම අනුව ප්‍රශ්නය අසා ඇත්තේ කුමන කාරණයක් සම්බන්ධයෙන්ද යන්නට ඉඟි ලබා දෙයි.
සඳු ග්‍රහයා මෙම තත්කාල කේන්දරයේ 10 වැනි භාවය හිමිව, 10 වැනි භාවයේම සහ බුධගේ නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියේය. බුධ ග්‍රහයා 9 වැනි සහ 12 වැනි භාව හිමිව, 10 වැනි භාවයේ සහ ස්වකීය නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියේය.
ඒ අනුව සඳු ග්‍රහයා 9 වැනි, 10 සහ 12 වැනි භාව නිවේදක ග්‍රහයකු වෙයි.
මෙම තත්කාල කේන්දරයේ 11 වැනි භාව ස්ඵුටය රවි ග්‍රහයා හිමි සිංහ රාශියේ කේතු ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක සහ සඳු ග්‍රහයා හිමි උප ස්ථානයක යෙදී ඇත.
මෙහි 11 වැනි භාව ස්ඵුටයේ නක්‍ෂත්‍රය අධිපති කේතු ග්‍රහයා 12 වැනි භාවයේ තැන්පත්ව සිටියි. මේ කේතු ග්‍රහයා සිකුරු ග්‍රහයාගේ නියෝජිතයෙකු ලෙස ක්‍රියාත්මක වෙයි. සිකුරු ග්‍රහයා 11 වැනි භාවය සමඟ සංයෝගය. ඒ නිසා ප්‍රශ්නකරුගේ බලාපොරොත්තුව ඉටු වෙයි.
මේ ජන්මියාගේ බලාපොරොත්තු ඉටු වන කාලසීමාව නිගමනය කිරීම සඳහා තත්කාල කේන්දරයේ 11 වැනි භාවය නිවේදක ග්‍රහයන් යොදා ගන්න.
11 වැනි භාවය නිවේදක ග්‍රහයන් වන්නේ රවි, කුජ සහ කේතු යන ග්‍රහයෝ වෙති. කේතු ග්‍රහයා සිකුරු සහ කුජ යන ග්‍රහයන්ගේ නියෝජිතයෙකු ලෙස කටයුතු කරයි.
මෙම ග්‍රහයන්ගේ නිවේදකත්වය ඇති දශා සහ අතුරු දශා කාල මොනවාදැයි තෝරා ගන්න. මෙසේ තෝරාගත් කාලසීමාවලදී එම ග්‍රහයන්ගේ ගෝචර ගමන් මඟින් තහවුරු කරන විට ප්‍රශ්නකරුගේ බලාපොරොත්තු ඉටු වෙයි.
තෝරාගන්නා ලද දශා අතුරු දශා කාලයේදී සහ එම දශා කාලවල අධිපති ග්‍රහයන්ගේ මෙන්ම රවි සහ සඳුගේ ගෝචර ගමන් සමඟ සඳුගේ ගෝචර ගමන බලා දිනය නිගමනය කරන්න.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී
ජී. එච්. ඩබ්ලිව්. සිල්වා