ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේ පාලක ග්‍රහයන් පිළිබඳ අලුත් ක්‍රමවේදයක් | සිළුමිණ

ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේ පාලක ග්‍රහයන් පිළිබඳ අලුත් ක්‍රමවේදයක්

 ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ජී. එච්. ඩබ්ලිව්. සිල්වා

ක්‍රිස්තු වර්ෂ 1970 නොවැම්බර් මාසයේදී ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේ නිර්මාතෘ ජ්‍යොතිෂ්‍ මර්තන්‍ඩ සොතිද මන්නාන් කේ. එස්. ක්‍රිෂ්ණමූර්ති පඬිතුමාගේ ශ්‍රී ලංකා සංචාරයට පසුව බොහෝ ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයන් මේ සම්බන්ධව උනන්දුවක් ඇතිව කටයුතු කිරීමට පටන් ගත්හ.

අනතුරුව ක්‍රිස්තු වර්ෂ 2015 සැප්තැම්බර් මාසයේදී අභාවප්‍රාප්ත කේ. එස්. ක්‍රිෂ්ණමූර්ති පඬිතුමාගේ පුත්‍රයෙකු වන හරිහරන් ක්‍රිෂ්ණමූර්ති පඬිතුමා ශ්‍රී ලංකාවේදී වැඩමුළුවක් පවත්වන ලදී.

හරිහරන් ක්‍රිෂ්ණමූර්ති පඬිතුමා සහ ඔහුගේ බිරිය වන ශ්‍රී විද්‍යා හරිහරන් මැතිනිය සමඟ ඔවුන්ගේ පුතණුවන් වන විග්නේෂ් හරිහරන් පඬිතුමා එක්ව ඉදිරිපත් කරන ලද තවත් ක්‍රිෂ්ණමූර්ති පද්ධති වැඩමුළු හතරක් මෙරටදී පවත්වා ඇත.

මෙම වැඩමුළුවලදී ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේ පාලක ග්‍රහයන් පිළිබඳ අලුත් ක්‍රමවේදයක් ඉදිරිපත් විය. මෙම අවස්ථාවලදී පාලක ග්‍රහයන් ලෙස යොදාගන්නා ලද්දේ ග්‍රහයන් තුන් දෙනෙකු පමණි.

ඒ පාලක ග්‍රහයන් 3 දෙනා මෙසේ වෙති.

1. සඳූ ග්‍රහයා සිටි නක්‍ෂත්‍රය අධිපති ග්‍රහයා

2. ලග්නයේ නක්‍ෂත්‍රය අධිපති ග්‍රහයා සහ

3. ලග්නයේ උපස්ථානය අධිපති ග්‍රහයා වෙති

මේ ක්‍රිස්තු වර්ෂ 2023 අගෝස්තු මාසයේ 16 වැනි රවි දින පස්වරු 01.31ට නැඟෙනහිර දේශාංශ 80038‘ සහ උත්තර අක්‍ෂාංශ 07007‘ ස්ථානයේදී සකස්කර ඇති තත්කාල කේන්දරයයි. මෙය සකස් කර ඇත්තේ ප්‍රශ්නකරුගේ විවාහය සිදුවන්නේ කවදාදැයි දැනගැනීම සඳහාය.

ඒ නිසා මුලින්ම මෙම තත්කාල කේන්දරයේ සඳුගේ පිහිටීම බලන්න.

ඊළඟට 7 වැනි භාවයේ උපස්ථානය අධිපති ග්‍රහයා විවාහය පෙන්වන ප්‍රමුඛභාවය වන 7 වැනි භාවයේ හෝ 2 වැනි හෝ 11 වැනි භාවයේ නිවේදක ග්‍රහයෙකු වන්නේදැයි බලන්න. එසේ වුවහොත් ප්‍රශ්නකරු විවාහය සඳහා වාසනාව ඇත්තේදැයි නිගමනය කළ හැකිය. ප්‍රශ්නකරු විවාහය සඳහා වාසනාව ලබා ඇත්තේනම් එය ඉටුවන දිනය දැනගැනීම සඳහා තත්කාල කේන්දරයේ 7 වැනි 2 වැනි සහ 11 වැනි භාවයේ නිවේදක ග්‍රහයන්ගේ දශා සහ අතුරු දශාවලදී ඔවුන්ගේ යහපත් ගෝචර ගමන් සිදුවන කාල සීමාව තුළ රවිගේ සහ සඳුගේ ගමන අනුව දිනය සොයාගන්න.

ලග්න ස්ඵූඨය මීන 12053’20” ගුරු, ශනි, කුජ.

සඳූගේ ස්ඵූඨය කටක 28023’30” සඳු, බුධ, ශනි.

ග්‍රහයා තැන්පත් භාවය රාශිය අධිපති නක්‍ෂත්‍රය අධිපති උපස්ථානය අධිපති

ඒ පාලක ග්‍රහයන් 3 දෙනා මෙසේ වෙති.

1. සඳූ ග්‍රහයා සිටි නක්‍ෂත්‍රය අධිපති ග්‍රහයා බුධ,

2. ලග්නයේ නක්‍ෂත්‍රය අධිපති ග්‍රහයා ශනි සහ

3. ලග්නයේ උපස්ථානය අධිපති ග්‍රහයා කුජ,

මේ අනුව පාලක ග්‍රහයන් ලෙස බුධ, ශනි සහ කුජ යන ග්‍රහයන් තෝරා ගමු. මෙම අවස්ථාවේ ඇති දශා ශේෂය බුධ ග්‍රහයාට අවුරුදු 02 මාස 00 දින 18 කි. ඒ අනුව ක්‍රිස්තු වර්ෂ 2025 සැප්තැම්බර් මාසයේ 03 වැනි දින දක්වා බුධ ග්‍රහයාගේ මහ දශාව පවතී. ක්‍රිස්තු වර්ෂ 2022 දෙසැම්බර් මාසයේ 25 වැනි දින සිට 2025 සැප්තැම්බර් මාසයේ 03 වැනි දින දක්වා බුධ ග්‍රහයාගේ මහ දශාවේ ශනි ග්‍රහයාගේ භුක්තිය පවතියි. මේ දශාව සහ භුක්තිය අධිපති ග්‍රහයන් දෙදෙනාම පාලක ග්‍රහයන් වන හෙයින් ඉතිරි පාලක ග්‍රහයා වන කුජගේ අන්තරය තෝරා ගන්න. ක්‍රිස්තු වර්ෂ 2024 ඔක්තෝබර් මාසයේ 04 වැනි දින සිට 2024 දෙසැම්බර් මාසයේ 01 වැනි දින දක්වා බුධ ග්‍රහයාගේ මහ දශාවේ ශනි ග්‍රහයාගේ භුක්තිය සහ කුජගේ අන්තරය පවතියි.

මෙම කාල සීමාව තුළ රවි ග්‍රහයාගේ ගෝචර ගමන බලන්න. ක්‍රිස්තු වර්ෂ 2024 ඔක්තෝබර් මාසයේ 04 වැනි දින සිට 2024 ඔක්තෝබර් මාසයේ 17 වැනි දින දක්වා රවි ග්‍රහයා, බුධ හිමි කන්‍යා රාශියේද, 2024 ඔක්තෝබර් මාසයේ 18 වැනි දින සිට නොවැම්බර් මාසයේ 16 වැනි දින දක්වා, සිකුරු හිමි තුලා රාශියේද, 2024 නොවැම්බර් මාසයේ 17 වැනි දින සිට දෙසැම්බර් මාසයේ 01 වැනි දින දක්වා, කුජ හිමි වෘශ්චික රාශියේද ගෝචරය වෙයි.

මෙම කාලසීමාව තුළ රවි ග්‍රහයා, කුජ හිමි වෘශ්චික රාශියේ ගෝචරය වන කාල සීමාව තෝරා ගන්න. ක්‍රිස්තු වර්ෂ 2024 නොවැම්බර් මාසයේ 19 වැනි දින සිට දෙසැම්බර් මාසයේ 03 වැනි දින දක්වා රවි ග්‍රහයා, ශනි හිමි නක්‍ෂත්‍රයේ ගෝචරය වෙයි. ඊළඟට මෙම කාලසීමාව තුළ සඳු ග්‍රහයාගේ ගෝචර ගමන බලන්න.

ක්‍රිස්තු වර්ෂ 2024 දෙසැම්බර් මාසයේ 01 වැනි දින දක්වා සඳු ග්‍රහයා, කුජ හිමි වෘශ්චික රාශියේ ශනි හිමි නක්‍ෂත්‍රයේ ගෝචරය වෙයි. ඒ නිසා එදින බලාපොරොත්තුව ඉටු වෙයි.

Comments