එළාර පරදවා දුටුගැමුණු රජුට ජයගෙන ආ අති ප්‍රබල සූර්ය යන්ත්‍රය | Page 4 | සිළුමිණ

එළාර පරදවා දුටුගැමුණු රජුට ජයගෙන ආ අති ප්‍රබල සූර්ය යන්ත්‍රය

මහා බලගතු සප්ත සූර්ය චක්‍ර යන්ත්‍රයේ නිධාන කතාව

යන්ත්‍රය පලඳින්නාට සූර්ය ආකර්ෂණයෙන් ලැබෙන ප්‍රබල ප්‍රතිඵල

දුටුගැමුණු රජු යුද්ධයට ගියේ මේ යන්ත්‍රය පැලඳගෙන

 

 

සූර්යයාගේ භෞතික බලපෑම් සාපේක්ෂකභාවය අනුව මිනිසාගේ සහ ලෝකයේ පැවැත්ම සිදුවන බැවින් සූර්යයාට මහත් ගෞරවයක් දක්වා පුද පූජා පැවැත්වීම මිනිසාගේ උපතේ සිට අද දක්වාම සිදු කරන ලද ක්‍රියාවකි.

බුදුරජාණන් වහන්සේට පර්යාය ලෙස ආදිත්‍ය බන්දු යනුවෙන් ව්‍යවහාරව ඇති බැව් පාලි ග්‍රන්ථවල සඳහන් වේ. සිංහලයන් සූර්ය වංශයෙන් පැවත ආ බවද තැනෙක කියැවේ. සිංහල මාස ක්‍රමයද සැකසී ඇත්තේ සූර්යයා මුල් කරගෙනය.

මිනිසා පාලනය කරන්නටද සූර්ය ශක්ති කිරණ අත්‍යවශ්‍යය. සිංහල සාහිත්‍යකරුවන් උදයට පායන හිරු දෙවි වැඳගෙන යන කාව්‍ය පදවලින් දේවත්වයට අග්‍රස්ථානයක් දී හිරු උපමාවන්ගෙන් වර්ණවත් කර ඇත. 'චක්‍රවර්ති රාජ සංකල්පයෙහි' දැක්වෙන 'චක්‍ර රත්නයද' සූර්යයාය.

ඒ කෙසේ වුවද මුළුමහත් ලෝකයේම අවසානය සිදුවන්නේ සූර්යයන් හතක් උදාවීමෙන් පසුව බව "සප්ත සූර්යෝද්ගමන සූත්‍රයේ" දක්වා ඇත.

ඉහත කරුණු අනුව පුරාණ මන්ත්‍රවේදී ඍෂිවරු සූර්යයා මුල් කර ප්‍රාණ අක්ෂර ගැබ් කර බලගතු යන්ත්‍ර, මන්ත්‍ර සකසා ඇති බව පැරණි රන්පත්, තඹපත්, තල්පත් කියවීමේදී හොඳින් නිරීක්ෂණය වන කරුණකි. ඒවා බොහොමයක් සකසා ඇත්තේ මිනිසාගේ ආරක්ෂාවට, ජය ලැබීමට, උතුමන් වශීකර ගැනීමට, සර්වජන වශියට, සතුරු ආක්‍රමණවලදී අනතුරු මරණ ආදියෙන් මිදීමට, අණවින, කොඩිවින, බන්ධන, අංගම්, පිල්ලු, වස්කවි, ග්‍රහ අපල, නැකැත් මරවේද නොවැදීමට, තමාගේ දියුණුව, සෞභාග්‍ය ළඟා කර ගැනීමටය.

මෙවන් මන්ත්‍ර අල්පය. ඒවාද ඇත්තේ අතළොස්සක් මන්ත්‍රවේදීන් සන්තකයේ පමණකි. හෙළ රජ 'ගාමිණි අභය' නොහොත් දුටුගැමුණු රජු එළාර රජු පරදවා ජය අත්කර ගැනීම සඳහා මෙම මහා බල ඇති "සප්ත සූර්ය මහා චක්‍ර රත්නය" නැමැති යන්ත්‍රය පැලඳ යුද්ධයට ගිය බවත්, ඉන් එළාර පරදවා ජය ගත් බවත් පුරාණ 'මන්ත්‍රීය වේදයේ' දක්වා ඇත.

මෙම යන්ත්‍රයද සකසා ගන්නේ මේ උපදේශ අනුවයි. පුර පක්ෂයේ රවි දිනක රවි හෝරාව තුළදී මෙම යන්ත්‍රය රන් රිදී ගෑ හෝ තඹ පතක නැගෙනහිර දිශාව බලා පස්ලෝ කටුවෙන් ඇඳ නෙළුම් අල, රේණු , සූර්යකාන්ත මල් රේණු සහ ඇට, මුල්, කුංකුමප්පු, හිරියල්, දුටු සතුටු, සිංදුර, මනෝසීල, කඩුපහර, ඉරරාජ, සඳරාජ, ත්‍රයිලෝක්‍ය විජයපත්‍රං, නිදිකුම්බා පන්චාංගය, අමු කහ, මුඩ මහත, බැමි කිරිය අෂ්ට ජලයෙන් අඹරා සඳුන් තෙලින් අනා යන්ත්‍රය මත තවරා මල් යහන සකසා එහි රතු කහ මල්, බුලත් 33, පලතුරු වර්ග හතක්, සුවඳ ධූප වර්ග අල්ලා යමකාල සිඬි ප්‍රාණ දිෂ්ටියෙන් 51 වර දිෂ්ටිකර, ප්‍රාණ, සිඬි, පුට, පලිප්පු මන්ත්‍රවලින් 21 වර බැගින් ජප කරන්න. මෙම මන්ත්‍රයෙන් 327 වරක් ජප කරන්න.

මන්ත්‍රය

ඕම් නමෝ සිද්ධ මන්ත්‍ර වරංලත් අයුරපාල බිසවුන් වහන්සේ දහසක් රජුන් මැදට ගිය ආඥාවෙන් ආනුභාවෙන් මෙමා දුටු නේත්‍රා මා වෙත නැමී වර වර වර වර නමඃ ඕම් සුර දිෂ්ටි සුර අවතාර දිෂ්ටි දිෂ්ටි ස්වාහා මා දුටු දෙවියන් දේවතාවියන් බන්ධ බන්ධ සැණින් ගොළුකොට රජුන් උතුමන් ගොළුකොට මා දිනවා ගත් ශූර වීර සූර්ය දේව නමින් අනෙක් සූර්ය අවතාර දිෂ්ටි වර වර නමඃ ඕං ඉනගුලේ ඉනගුලේ සත් සුර්ය බන්ධ බන්ධ ආදිත්‍ය දේවෝ (මා) මූණ බලා සබේ බලා වර වර රජුන් පරදවා (මා) දිනවා මා දුටු දුටු නේත්‍රා මා වෙත හරවා මාදිනවා ගන්ශර සූර්ය රාජයානෝ (මා) මූණ බලා නෙත් බලා දිෂ්ටි වර වර ගන් සුර්ය දැපනේ අ ආ ඉ ඊ උ ඌ ඒ ඒ ඔ ඕ යන පංච අක්ෂර අණින් (මා) මූණ බලා (මගේ ශරීර බලා දැපනේ දැපනේ සත් සූර්ය දිෂ්ටි බන්ධ බන්ධ ස්වාහඃ මෙහි මා - මෙමා - යන තැන්වලට අනුන්ට කරන විට ඔහුගේ නම කියන්න)

මෙම යන්ත්‍රය පලඳින්නාට සූර්ය ආකර්ෂණය ලැබීමෙන් රජුන්, ඇමතීන්, ප්‍රභූවරුන්, පූජකයින්, ප්‍රධානීන් අවනත වී වශී වේ. තමා වෙත ආකර්ෂණය වේ. නඩුවෙන්, තරගයෙන් ජය ලැබේ. යුද්ධයෙන්, වාද්‍යයෙන්, දිනයි. සතුරාගේ ඡායාව පාගනු යටත් වේ. ශ්‍රීයාව වැඩේ. කොඩිවින නොවදී. අළු වෙයි. බල බිඳේ. ධන සම්පත් ලැබේ. වෙළෙඳ ව්‍යාපාරයට ජනයා ඇදී එයි. රැකියා ලැබේ. සම්මුඛ පරීක්ෂණයෙන් කැපී පෙනී ජය හිමි වේ. විවාහ ප්‍රමාද වළකා ඉක්මන් විවාහ ඇති වේ. ග්‍රහ දෝෂ, මාරක අපල භංග වේ. දේවතා බැල්ම ලැබී වරම් ලැබී ආකර්ෂණය ඇති වේ. පෙම්වතුන්ගේ ප්‍රේමය රන් රසසේ නොකැඩී දිවි ඇති තාක් පැවැත්මට මෙන්ම තමාගේ ශරීරයෙන් සූර්ය රශ්මි කිරණයන් විහිදී බැබළී තමාගේ සර්ව කාර්යන් ඉටු වන්නේය. දුටු දුටු අය ප්‍රිය කරති. පසසති. ගුණ කියති. පණ නළ ඇතිතාක් ශරීරයට සූර්ය බලය බැඳී පවතී.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී

රඹුක්කන ජිනදාස එදිරිසිංහ

Comments