වාසනාවන්ත කාලයක් උදාකරන අවසානයක් නොමැති මාර්ගය | Page 3 | සිළුමිණ

වාසනාවන්ත කාලයක් උදාකරන අවසානයක් නොමැති මාර්ගය

 

නින්දේදී දකින සිහින ගෙනෙන පලාපල

යුගදිවියේ සතුට සැපත ගෙනෙන මුදුව

දැල්වෙන ගිනිකූරක් දුටුවොත් ආරම්භ කරන වැඩ කටයුතු සාර්ථකයි

පරවූ මල් පොකුරු ගෙනෙන අනතුරු

ඔබ-අප දකින සිහින පිළිබඳව ජ්‍යොතිෂ විග්‍රහයන් අතීතයේ සිටම සිදු කෙරිණි. මෙවර ඉසිවර කලාපයෙන්ද ඉදිරිපත් කෙරෙන සිහින කීපයක් පිළිබඳව ජ්‍යොතිෂයෙහි සඳහන් වන්නේ මෙලෙසිනි.

 

01. පිරවූ මල් පොකුරක් හෝ මල් ගොඩක් - හදිසි අනතුරු හෝ සතුරු උවදුරු

02. රත්රන් ආභරණ - සොර සතුරන්ගෙන් විපත් පැමිණේ

03. තඹ සුරයක් - නිවෙසට භූත දෝෂවලින් නපුරක් සිදුවේ

04. කුදු අයකු දුටුවහොත් - තමාගේ කටයුතුවලට අන්‍යයන්ගේ සහයෝගය ලැබේ

05. මිටි පුද්ගලයකු - සතුරන්ගේ සතුරුකම්වලින් පීඩා විඳින්නට සිදුවේ

06. මිතුරකුට අනතුරක් සිදුවීම - නොසිතූ පරිදි ලාභයක් සිදුවේ

07. දළඹුවා දුටුවොත් - තමා සතු අගනාම දෙයක් සොරු ගනී

08. දැලක සිටින මකුළුවා - ගමන් බිමන් අතරතුර අනතුරකි

09. වවුලා දකින්නට ලැබීම - පහසුවෙන් විසඳා ගන්නට නොහැකි ගැටලු රැසකට මුහුණ පාන්නට සිදුවේ.

10. අන්නාසි - ලොතරැයි දිනුම් වැනි හදිසි ධන ලාභ

11. ඉපැරැණි විහාරස්ථානයක් දැකීම - ප්‍රසිද්ධියට මෙන්ම ගෞරවයටද හිමිකම් ලැබේ

12. ගොයම් ගොඩගසන අයුරු - නොසිතූ නොපැතූ උසස් තත්ත්වයකට පත්වේ.

13. පුපුරන රතිඤ්ඤා - අන්‍යයන්ගේ සිතේ තමා පිළිබඳ තිබුණු වැරැදි වැටහීම දුරු වේ.

14. කරපිංචා ගසක් දැකීම - පදිංචි ස්ථානයට වඩා යහපත් තැනකට යන්නට මඟ පෑදේ.

15. අවසානයක් නොමැති මාර්ගයක් - ඉතා වාසනාවන්ත කාලයක් උදා වේ.

16. ළිඳක් ඉසින අන්දම - සේවා ස්ථානයේ ඉහළම බලවතියකගේ අනුග්‍රහය හිමි වේ.

17. ළිඳක් කපන අන්දම - තැන්පත් ධනය වැය කරන්නට සිදු වේ.

18. මුරගල‍ - පොළොවෙන් වස්තු සම්පත් නිසැකවම ලැබේ.

19. දැල්වෙන ගිනිකූර - ආරම්භ කරන වැඩ කටයුතු සාර්ථක වේ.

20. කපුටන් රංචු ගැසී කෑ ගැසීම - තමන්ද පැටළෙන කරදර කෝලාහල ඇති වේ.

21. බකමූණා - දෙනෙතට හානි සිදු වේ.

22. යකඩ ගොඩක් - නොසිතූ නොපැතූ උවදුරක් නිසා විශාල පාඩුවක් හා කම්පාවක් ඇති වේ.

23. දිරාපත් ලී දඬු - මරණයක් නිසා විශාල පාඩුවක් හා කම්පාවක් ඇති වේ.

24. රතු ඇඳුමකින් සැරසී සිටීනම් - නිමක් නැති ලෙඩ රෝග සහ ආර්ථික කරදර ඇති වේ.

25. රිදී ආභරණ - තමාගේ නියම තත්ත්වය හෙළි වීම නිසා විශාල හානියක් සිදු වේ.

26. මුදුව - යුග ජීවිතයේ සතුට, සැපත

27. මුදුවට හානි වීම - සිහිනය සැමියා දුටුවානම් බිරියට ද බිරිය දුටුවානම් සැමියාට ද තදබල අපල විපත් ඇති වේ.

28. පූජකවරයෙක් - සියලු කටයුතු අතරමඟ නවතී.

29. මිතුරකු සමඟ දබර කරගැනීම - ස්ත්‍රියකට නම් පුරුෂයන්ගේ ද පුරුෂයකුට නම් ස්ත්‍රීන් වෙතින් ද අපහාස විඳින්නට සිදු වේ.

30. සොරකු දුටුවේනම් - ඇසුරු කරන්නන් සමඟ දබර කරගන්නට සිදු වේ.

31. කහ පැහැති මල් පොකුරු - ශරීර අභ්‍යන්තරයේ රෝගයක් හට ගනී.

32. සිහිනයෙන් වෙව්ලන්නට වීම - තමා සතු බලය අහිමි වේ.

33. රෝගීව යහන මත සිටිනු දැකීම - ළය පෙදෙස ආශ්‍රිත රෝගයක් ඇති වේ.

34. කෙනෙකු එල්ලී මැරෙන අයුරු - තමාගේ ජීවිතයට ද එවැනිම මරු පහරක් වදී.

35. ඇතකු විසින් පාගා මරා දමන්නට තැත් කරන අයුරු - මුළු පවුලම බියපත් වන අන්දමේ කරදරයක්

36. ගිනිගෙන දැවෙන සොහොන - ආලය පිළිබඳ හෝ විවාහය පිළිබඳ සතුරු පීඩා ඇති වේ.

37. ගෙතුළ අල බතල ආදිය තිබෙන අයුරු - තම ඥාතීන්ට අනතුරු හේතුවෙන් මරණ සිදු වේ.

38. හිස් බේසමක් - පවුලේ අසමඟිය දුර දිග යන්නට ලකුණකි.

39. මුහුණ බලන කණ්ණාඩිය - සහකරුට සහකාරිය නිසාත් සහකාරියට සහකරු නිසාත් නින්දා විඳින්නට සිදු වේ.

40. නිවසේ බිත්තියක් ඉරි තැළීම - පවුලේ සාමාජික සාමාජිකාවන් අතර දරුණු ගැටුම්කාරී තත්ත්වයක්

41. තැඹිලි හෝ කුරුම්බා - තම දරුවකුට විපතක්

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී

සුදත් රත්නායක

Comments