පඬු කරඳ රෝපණයට ජාතික වැඩ සටහනක් සමාරම්භය ඉරිදා කතරගමින් | Page 11 | සිළුමිණ

පඬු කරඳ රෝපණයට ජාතික වැඩ සටහනක් සමාරම්භය ඉරිදා කතරගමින්

පඬු කරඳ ගසට කතරගම දෙවියන් හා සම්බන්ධව පුරාවෘත්ත රාශියක් පවතින නිසා කතරගම මහ දේවාලය පදනම් කරගෙන පඬු කරඳ ශාකය සුරක්ෂිත කොට පෝෂණය කර ව්‍යාප්ත කිරීම සඳහා වැඩසටහනක් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් ජුලි 16 වැනිදා ඉරිදා පෙරවරු 7.00ට රුහුණු කතරගම මහා දේවාලය භූමියේදී ආරම්භ කෙරේ.

ඇමතිවරයාගේ ඉල්ලීම පරිදි කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර විසින් කතරගම පුදබිම ආශ්‍රිතව හා අනෙකුත් පූජනීය ස්ථානවල මෙම ශාකය ව්‍යාප්ත කිරීම සඳහා ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද නියමිතය.

Comments