අතුරුදන් වූ මෙහෙණින් වහන්සේලා තිදෙනා හමුවෙයි | සිළුමිණ

අතුරුදන් වූ මෙහෙණින් වහන්සේලා තිදෙනා හමුවෙයි

 
 
මිනුවන්ගොඩ බොරළුවත්ත ප්‍රදේශයේ පිහිටි මෙහෙණි ආරාමයේ සිට අතුරුදන් වූ බාලවයස්කාර මෙහෙණින් වහන්සේලා තිදෙනා සහ තවත් කාන්තාවක නුවරඑළිය පොලිසිය මඟින් සොයාගෙන තිබේ.
 
වයස අවුරුදු 12,15,18 යන වයස් වල පසුවු මෙම මෙහෙණින් වහන්සේලා තිදෙනා පසුගිය 24වැනිදා සිට මෙහෙණි ආරාමයේ සිටි වයස අවුරුදු 32 ක කාන්තාවක් සමග අතුරුදන්ව ඇති බවට මිනුවන්ගොඩ පොලිසියට පැමිණිලි ලැබී තිබූ බව පොලිස් මූලස්ථානය සදහන් කරයි. 
 
අදාල කාන්තාව බාල වයස්කාර මෙහෙණින් වහන්සේලා නිත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීම හේතුවෙන් නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙනඇති අතර මෙහෙණින් වහන්සේලා තිදෙනා ආරක්ෂාව සදහා පොලිස් භාරයට ගෙන ඇත. 
 
සැකකාර කාන්තාව නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. 
 
මෙහෙණින් වහන්සේලා තිදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ, ආරාමයේ සිටින ප්‍රධාන මෙහෙණින් වහන්සේගෙන් සිදුවන පීඩා හේතුවෙන් පිරිවෙන් අධ්‍යාපනය කෙරෙහි කළ කිරී එම ආරාමයේ සිටි ඉහත සදහන් කාන්තාව සමඟ ආරාමයෙන් පිටව ගොස් නුවරඑළිය නගරයේ පිහිටි සැකකාර කාන්තාවගේ ඥාති නිවෙසකට පැමිණි බවයි. එම නිවැසියන් විසින් මෙම පිරිස නුවරඑළිය පොලිසියට භාර දී ඇත. 
 
සැකකාර කාන්තාව සහ මෙහෙණින් වහන්සේලා වැඩිදුර පරීක්ෂණ සඳහා මිනුවන්ගොඩ පොලීසියට භාර දී තිබේ. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Comments