බඩු මිල අහස උසට වැඩි වී ඇති අතර, බැංකු පොලියත් ඉහළ ගොස් තිබෙන බව ද උද්ධමනය අඩු වුණාට බඩු මිල අඩු වී නැති බවද සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න සිළුමිණට ප්‍රකාශ කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මෙසේද කියා සිටියේය. “මහ බැංකුෙව පොලී අනුපාතය අඩු කරන්න අවශ්‍යයි. එම අනුපාතය අඩුවීමේ ශිඝ්‍රතාවය ප්‍රමාද වී තියෙන්නේ.
වැඩිදුරටත් අදහස් දැක්වූ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මෙසේද කියා සිටියේය. “මහ බැංකුෙව පොලී අනුපාතය අඩු කරන්න අවශ්‍යයි. එම අනුපාතය අඩුවීමේ ශිඝ්‍රතාවය ප්‍රමාද වී තියෙන්නේ.
පොදු ජනතාවගේ ආදායම තිබුණ තැනම තිබුණත් වියදම වැඩිවෙලා තියනවා. බඩු මිල විශාල ලෙස ඉහළ යාමෙන් ව්‍යාපාරිකයන්ගේ වගේම ජනතාවගේ ආර්ථීකය පහළට ගිහින් තියෙනවා. බැංකු පොලිය වැඩි නම් ඉල්ලුම අඩු වෙනවා. ක්‍රෙඩිට් කාඩ් ගත්ත අයට ඒවා ගෙවාගන්න බැහැ. ණය ගෙවා ගන්න ක්‍රමවේදයක් නැහැ. පොලි අනුපාතය ඉහළ නිසා. ණය ප්‍රමාණය ඉහළ යන්නෙත් නැහැ. එයට හේතුව ක්‍රෙඩිට් කාඩ්වලට තියෙන ඉල්ලුම ඉහළ යන්නේ නැති නිසා."