අහස මීඩියා ආයතනය මඟින් වසර 2022දී විවිධ ක්ෂේත්රවල රට පුරා විසිරී සිටින සුවිශිෂ්ට සිය දෙනකු අගය කරමින් ප්රදානය කළ 'සියක් සුවිශිෂ්ට' සම්මාන ප්රදානයේදී සිළුමිණ නියෝජ්‍ය කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සුමුදු චතුරාණී ජයවර්ධන ද සම්මානයට පාත්‍ර විණි. සිංහල සාහිත්‍යය පෝෂණය කිරීමේ ලා දශක දෙකකට ආසන්න කාලයක් ඇතුළත ඇය විසින් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ කරන ලද විශිෂ්ට සේවය මෙහිදී ඉහළින්ම ඇගයුමට ලක්විණි.
සම්මාන උලෙළ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තරය අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී අධිකරණ ඇමති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී උලෙළේ විශේෂ ආරාධිත අමුත්තා වූ රියාල් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා සුමුදු චතුරාණීට සියක් සුවිශිෂ්ට සම්මානය පිරිනමන අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.
ගාල්ල අක්මීමන උපන් සුමුදු චතුරාණී කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන පිළිබඳ පශ්චාත් උපාධිධාරිනියකි. සාහිත්‍ය පිළිබඳ ග්රන්ථ 9ක කතුවරිය වන ඇය, රාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාවේ සාමාජිකාවක ලෙස ද වත්මනෙහි කටයුතු කරන්නීය. ඇය, ස්වර්ණ පුස්තක හා ගොඩගේ සාහිත්‍ය සම්මාන විනිශ්චය මණ්ඩලවල හිටපු සාමාජිකාවකි.