මාතර මන්තර මුට්ටියෙන් හමු වූ රහස් කාව්‍ය 9 මෙන්න ! | Page 4 | සිළුමිණ

මාතර මන්තර මුට්ටියෙන් හමු වූ රහස් කාව්‍ය 9 මෙන්න !

 

නොපෙනෙන බලවේග එළවා තරුණ කතුන්ට නිදි යහන සුව යහනක් කරන කවි 9ක්

 

තරුණියන්ට කළු කුමාර දිෂ්ටියද තරුණයන්ට මෝහිනී දිෂ්ටියද ඇති වන බව අතීතයේ සිට අද දක්වා දන්නා දෙයකි. මෙම දිෂ්ටියෙන් පීඩාවට පත්ව සිතින් දුක් විඳින තරුණ, තරුණියන් සහ විවාහක කතුන් බොහෝ පිරිසක් තම ස්වාමි පුරුෂයාට සහ වැඩිහිටි අයට මේ බව කීමට ලජ්ජාවෙන් දුක් විඳිති. විවිධ රෝගවලින් පෙළෙති.

'කළු කුමාරයා' භාරතීය ඉන්දීය දේශයේ රජ කුලයක ඉපදී එම දේශයේ රජ මැඳුරක සේවය කළ අතර එහි විසූ රාජ කුමාරියකට පෙම් කර මහත් ශෝකයෙන් මියගිය පසු ශ්‍රී ලක් දෙරණේ රුහුණු පුරවරයේ 'කළු' නමින් ඉපදී පසු කලෙක රජ විය. මොහුට රිඅදි, ගිරිමේඛලා, කොණඩවල, සංකාර, රණකපාල, ධර්මපාල, මුදුන් මාල නමින් බිසෝවරු සත් දෙනකු සිටියේය.

මෙම කුමාරියන් හත්දෙනාට දිය නෑම සඳහා පොකුණු හතක්, වන්දනා කිරීමට කෝවිල් හතක් හා හත් මාසයට මාලිගා හතක් ඉදිකර දී ඇත.

පසු කල එක් දිනක රජු යුද්ධයකට යෑමට සැරසී බිසෝවරු හත්දෙනා ළඟට කැඳවා "තමා යුද්ධයට ගොස් ජය ලබා එන විට සුදු කොඩියක් ඔසවා එන බවත් පැරදුණහොත් කළු කොඩියක් ඔසවා එන බවත් පවසා යුද්ධ කිරීම සඳහා පිටත්ව ගියේය. එම යුද්ධයේදී ඔහු ජය ලබා එන විට කුමාරිකාවන්ට විහිළුවක් කරන්ට ඕනෑ යයි හිතා විහිළුවට කළු කොඩිය එසවිය. එය දුටු කුමාරිකාවෝ හත්දෙනා දැඩි ශෝකයෙන් 'ආභරණ' නම් දිය ඇල්ලට පැන දිවි නසා ගත්තෝය. එසේ මිය ගිය කුමාරිකාවෝ ගැන ශෝකයට පත් රජුත් එම ඇල්ලටම පැන සිය දිවි හානිකර ගත් බව 'මන්ත්‍ර පුරාණයේ' දක්වා ඇත. එය එක් කතාවකි.

'නාගවල්' නම් මොහුගේ පියා මරා රජකම ගන්නට උත්සාහ කළද එයින් පලක් නොලද නිසා වනගතව එහි විසූ එක් කාන්තාවක් කෙරෙහි ආදරය කළද පලක් නොලැබීමෙන් මහා ගල් පර්වතයකින් පැන දිවි නසා ගත් පසු නීල මහා යෝධයා නමින් ප්‍රචලිතව සොළීන් සමඟ සටන්කර එන අතරමඟදී ස්ත්‍රී පුරයට ගොස් එහි විසූ කාන්තාවක් සමඟ ආරවුලක් ඇතිකර ගර්භිණී කාන්තාවන් දෙදෙනෙකුගේ ගෙල කඩා ලේ බීව බවට තවත් ජනප්‍රවාදයක් ඇත. ඉන් පසු කළු කුමාරයා නමින් ස්ත්‍රීන්ගෙන් පළි ගැනීමට මොහු කළු කුමාර යක්ෂ අවතාරයෙන් පැමිණ ස්ත්‍රීන්ට දිෂ්ටි හෙළන බවද පැවසේ.

කළු කුමාරයා යක්ෂණියන් තිස් දෙනකු සමඟ ලිංගිකව හැසිරෙයි. හිසේ නයි පෙන තුනකි. දෙපස දිවියන් දෙදෙනෙකි. නිල් නළල සහ සුදු නහයකි. මුහුණ කළුයි. රන්වන් තොල් දෙකකි. හැඩිදැඩි ශරීරයකින් යුක්තය. නිරුවත් ශරීරයකින් යුක්තය.

මොහු මල්වර තරුණියන්ට ලොල් වේ. ගර්භිණීන්ගේ දරු ගැබ විනාශ කරයි. නින්දේදී සිහිනෙන් තරුණියන් ළඟට පැමිණ ලිංගික තෘප්තිය සහ කාම ආස්වාදය පමණක් ලබා දෙන අතර ලෙඩ දුක් විපත්ද පමුණුවයි. කාමයෙන් මත් වුණු කළු කුමාරයා රූප, ශබ්ද, ස්පර්ශ ආදී කාන්තා කාම නිලයන් සියල්ලම නින්දේදී පුබුදුවා හැකි තරමින් තාවකාලික ලිංගික තෘප්තියක් ලබා දෙයි. විශේෂයෙන්ම මනස පාලනය කරගත නොහැකි ආශාවන් නිසා උමතු වී සිටින තරුණියන්ට මේ ලිංගික සිහින පෙනේ.

මෙයින් පීඩාවට පත්ව දුකින් පෙළෙන කාන්තාවන් කුවේණි ඉෂ්ට සිද්ධ කුණ්ඩලාභරණ යන්ත්‍රය ඉණ පැලඳීමෙන් කළු කුමාර දෝෂය ඉවත්වී කාම ඉන්ද්‍රියන් සක්‍රිය වී පුබුදා විවාහ වීමේ ආශාව ඇති වී යහපත් විවාහයකට මං සලසයි.

එමෙන්ම මාතර ප්‍රදේශයක වත්තක මහ පොළොව යට තිබී ගොඩ ගත් 'මන්තර මුට්ටියක' තිබූ ඉපැරණි පත් ඉරුවක සඳහන් මෙම කවි පෙළ තඹ කොළයක ලියා කියවා නිදන කොට්ටය යට තබාගෙන නිදාගන්න. කළු කුමාර දිෂ්ටිය මුළුමනින්ම දිවි ඇතිතාක් ශරීරයෙන් පහව ගොස් ප්‍රමාද විවාහ ඉක්මන් වීම, දරු පල ඇතිවීම, කාම නිල අවදිවී රති ක්‍රීඩාවට ලොල් වීම ආදී විවිධ රෝග නිවාරණය වී ශුභදායක යහපත් ගුණයක් ලැබේ.

එම රහස් කාව්‍යයන් ඉහත දක්වා ඇත.

ජප මන්ත්‍රය

ඕං ත්‍රයිතල විත්තක් මෝහනී නාරායනේ කළු ගල් මහා ඉරු දැපනේ සඳදැපනේ ලොව්තුරු බුදුන් පසේ බුදුන් වෙසමුනියන් අනවරං ලැබී කළුගල් කුමාරයා ගිනි හළැඹේ දැපනේ ලෑමේ ඉරලුම් බිල්ල අත් හැර දමා සූර්ය මණ්ඩලයට යන්න. පල සිටියොත් ලොව්තුරා බුදු රැස් කඳට අද අසුවී අළු වී යයි. මා අත වරද නැත සිඬ කළු යක්ෂයා යක්ෂණී ආතුර බිල්ල අත්හැර මායා කෝවිලට යව් යව් සමාහඃ

(පංචෝපාර මල් තටුව හදා කුකුළු ලේ ගොටුවක්, බිත්තරයක්, වෙරිපහ තබා යන්ත්‍රය ජප කර ඉණ බඳිනු) ජපය 321වරයි.

 

 

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ජිනදාස එදිරිසිංහ

Comments