නෙළුම් කුළුණ නැරඹූ පිරිස මිලියනයට ආසන්න වෙයි | Page 11 | සිළුමිණ

නෙළුම් කුළුණ නැරඹූ පිරිස මිලියනයට ආසන්න වෙයි

කොළඹ නෙළුම් කුළුණ නැරඹූ පිරිස මිලියනයට ආසන්න වේ.
 
එහි පාලනාධිකාරිය සදහන් කරන ලද්දේ කොළඹ නෙළුම් කුළුණ මහජනතාවට නැරඹීමට විවෘත වූ 2022 සැප්තැම්බර් 15වැනිදා සිට මේ දක්වා නරඹන්නන් 960,775 ක් එහි පැමිණ ඇති බවයි. 
 
මෙම වාස්තුවිද්‍යාත්මක විශිෂ්ඨ නිර්මාණය නැරඹීමට විදේශීය සංචාරකයින් 18,709ක් පැමිණ තිබේ. 
 
විශ්මයජනක දසුන් සමඟ අමතක නොවන අත්දැකීම් මුණගැසෙන කොළඹ නෙළුම් කුළුණ සුන්දර ගමනාන්තය බවට පත් කිරීමට නෙළුම් කුළුණ පාලනාධිකාරිය කටයුතු කරනු ලැබේ. 
 
නෙළුම් කුළුණ මහජනතාවට විවෘත කර වසරකටත් අඩු කාලයකදී මිලියනයක් නරඹන්නන් පැමිණීමේ අවස්ථාවේ සැමරීමට ද නියමිතය. 

Comments