අණවින කොඩිවින පුපුරන මන්ත්‍රය | Page 3 | සිළුමිණ

අණවින කොඩිවින පුපුරන මන්ත්‍රය

 

ඉරි නොකැපෙන සේ යන්ත්‍රය දෙකට නොබෙදෙන දිග පළලින් සකසා ගන්න.

යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාව ජ්‍යොතිෂය සමඟ එකට සබැඳුණු දෙයකි. අණවින කොඩිවින බන්ධන ගැන නෑසූ කෙනෙක් නැති තරම්ය. අණවින කොඩිවින බන්ධනවලින් ගැලවීම සඳහා භාවිත කළ හැකි බලසම්පන්න යන්ත්‍රයක් ගැනයි මේ සටහන. ඒ ඉසිවර පාඨකයන්ගේ යහපත උදෙසාය.

මේ යන්ත්‍රය සාදා ගැනීම සඳහා අවශ්‍ය දේ අතර පංච වර්ණ මලින් සමන්විත මල් බුලත් තට්ටුව සුවිශේෂිය.

එම මල් බුලත් තට්ටුව මැද සුදු හඳුන් ලී කැබැල්ලක් යන්ත්‍රය රඳවා ගැනීමට හැකි ආකාරයෙන් තබන්න. ඒ මත යන්ත්‍රය රඳවන්න.

ඉන්පසු යන්ත්‍රය ඉදිරිපිට රත් නෙළුම් මල් තුනක් තබන්න. ඒ ඉදිරිපස ඇඹුල් කෙසෙල් ඇවරියක් තැන්පත් කර යන්ත්‍රය වටා තවත් පලතුරු පහක්, කැවිලි පහක් වෙනමම, උදු කැවිල්ලක්, හබල පෙති, බැදි කඩල, පොල් ගෙඩියක්, සුදු හඳුන්, රත්හඳුන් බිඳක් තැන්පත් කර ගුරු දිනයක ගුරු හෝරාවෙන් උතුරු දිශාව බලා පිරිසිදු තැනක් පිළියෙල කර හෝ නුග ගසක් හෝ නා ගසක් මුල හෝ බෝධියක් අබියසනම් ජීවමට වඩාත් සුදුසුය.

සුදු පිරුවට ඇඳ පේවී, අලුයම හතර වන විටදී ජපය පංචශීලය පිහිටුවා අරඹන්න.

ජප වාර 334 සම්පූර්ණ කර නිවසේ, ආයතනයේ කහ දියර ඉස යන්ත්‍රය ප්‍රධාන උළුවස්සට ඉහළින් රඳවා සාම්බ්‍රානි, කහ කුඩු, ලුණු කුඩු මිශ්‍ර කර දින 21ක් මේ යන්ත්‍රයට දුම් දෙන්න. එයින් බලාපොරොත්තු නොවූ සහනයක් දියුණුවක් ලැබෙන අතර සතුරු කරදර ද පහව යනවා නිසැකය. මෙම යන්ත්‍රය නිවසේ, ආයතනයේ තැන්පත් කළ පසු තැන්පත් කළ වේලාවේ සිට දින 1 1/2ක් නිර්මාංශ විය යුතු අතර ඉන්පසු ඕනෑම ආහාරයක් ඒ තුළ සකසා ගැනීම හා අනුභව කිරීමට පුළුවන. කිලි නොවදී. මල් බුලත් තට්ටුවෙන් යන්ත්‍රය ඉවත් කිරීමෙන් පසු තටුව ගලා යන දිය පහරකට දැමීම ද සිදු කළ යුතුය. එහි ඇති පොල් ගෙඩිය දින තුනක් ගිය පසු භූමියේ ඉදිකඩුල්ල ළඟ බිඳ එළියට විසි කළ යුතුය. අනතුරුව පහත සඳහන් මන්ත්‍ර පිළිවෙළට ජප කර ගැනීමෙන් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙනවා නොඅනුමානය.

 

පළමුව

පංචශීලයේ පිහිටුවා කරණීය මෙත්ත සූත්‍රය තෙවරක් සජ්ඣායනා කොට සියලු දෙවි දේවතාවුන්ට ද මියගිය ඥාතීන්ට ද පින් අනුමෝදන් කරන්න.

දෙවනුව

ඕං ක්ධාං ක්ධාං හං හං හේං හේං

හුං හුං හ්‍රීං හ්‍රීං හෘං හෘං

තිෂ්ටං තුෂ්මා කියා වාර 108ක් සම්පූර්ණ කරගන්න.

තෙවනුව

ඕං සංඛාරාය නමෝ

සං මූඛාය නමේ දේවී දේවී

පංවාක්ෂර රූපී බීජාක්ෂරී

සකල අන වින පිල්ලි සූනියං

මාර් මාර් හසි මයි තෝස්වා හා...

අනුන්හට කරනවා නම් තෝස්වා හා... ද.. තමන්ට කරගන්නවා නම් ඒස්වා හා... යනුවෙන් භාවිත කරනු මැනවි (ජපය වාර 334 යි)

 

සිව්වැනුව

යන්ත්‍රය තටුවෙන් ඉවතට ගෙන උළුවස්සේ රඳවන තුරු මෙම මන්ත්‍රය කියන්න.

අමනුෂ්‍ය ප්‍රාණ, අමනුෂ්‍ය ජීව ජීව ඉහස්ථීතඃ

අමනුස්ස සර්‍වෙන්ද්‍රියානි චක්ෂු ශ්‍රොත ඝ්‍රාණ නාස

ඊහව චක්‍ර ආස භවන්තු ස්වාහා

ප්‍රාණ පුට දිෂ්ටි අවශ්‍ය නොවේ

ජ්‍යොතිෂවේදී

මන්ත්‍රාචාර්ය

ඒ.සී. ජයසිංහ

Comments