පොසොන් පිංකම් | Page 6 | සිළුමිණ

පොසොන් පිංකම්

“මිහිඳු උදානය” ගුවන් විදුලියේ

පොසොන් ගීත නාටකය පොසොන් පොහෝ දින (03) උදේ 10.00 සිට 10.45 දක්වා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ විකාශනය වේ. පොසොන් ගීත නාටකය සිරිසමන් විජේතුංග විසින් රචනා කරනු ලදුව සංගීත විශාරද වික්ටර් දළුගම විසින් සංගීතය නිර්මාණය කර ඇත.

ගීත ගායනා කර ඇත්තේ මහාචාර්ය අමරා රණතුංග, ඩබ්ලියු. ඩී ආරියසිංහ, දර්ශනී චන්ද්‍රසේන සහ පීලික්ස් සිල්වා විසිනි.


කහවත්තේ ගුරුගේ පොසොන් කලාපය

පොසොන් පුර පොහොය නිමිත්තෙන් කහවත්තේ ගුරුගේ මැණික් ආයතනය 55 වැනි වරට ඉදිරිපත් කරන ගුරුගේ මැණික් පොසොන් තොරණ ප්‍රදර්ශනය හා බත් දන්සල ජූනි මස 03 - 11 දින දක්වා කහවත්ත ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙවරද ගුරුගේ මැණික් පොසොන් කලාපයේ විශේෂාංග රැසක් ඇතුළත් වේ. කහවත්ත ඔරලෝසු කණුව අසල සිට වැල්ලඳුර නගරය දක්වා පොසොන් කලාපයක් ලෙසද ක්‍රියාත්මක වේ.


මොරටුවේදී බැති ගී ප්‍රසංගයක්

මොරටුව කලා එකමුතුව පොසොන් පොහොය නිමිත්තෙන් ඉදිරිපත් කිරීම සඳහා සංවිධානය කරනු ලබන බැති ගී ප්‍රසංගය 4 වැනි ඉරිදා සවස 6.00ට මොරටුව බෞද්ධ මන්දිරයේදී පැවැත්වේ.

(තුෂාර හෙට්ටිආරච්චි)

Comments