උද්ධමනය අඩු වුණාට බඩු මිල අඩු වෙලා නැහැ | සිළුමිණ

උද්ධමනය අඩු වුණාට බඩු මිල අඩු වෙලා නැහැ

උද්ධමනය අඩු වී තිබීම සත්‍යයක් වුව ද මහ බැංකුව විසින් මුදල් අච්චු ගැසීම නතර කිරීම ආර්ථීකය සංකෝචනය කිරීමේ ප්‍රතිපත්තිමය වශයෙන් ගත් නිවැරැදි නොවන තීන්දුවක් බව සමගි ජන බලවේගයේ (සජබ) පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මෙසේද පැවසීය. ‘භාණ්ඩ නිෂ්පාදනයක් නැති රටක මුදල් විතරක් වෙළෙඳ පොළට දැම්මාම බඩු මිල අඩු වෙන්නේ නැහැ. උද්ධමනය නිසා තමන්ගේ ආදායම් මට්ටම වෙනස් නොවී රටේ මිනිසුන් දුප්පත් වුණා. අද උද්ධමනය අඩු වෙලා ප්‍රගතියක් තියෙනවා. අපි කියපු විදිහටත් මහ බැංකු උපදෙස් මත හිතලා ප්‍රතිපත්ති වෙනස් කිරීම නිසාත් රටේ හොඳ ප්‍රවණතාවක් තියෙනවා. රට තවම පෙර තිබූ තැනට ඇවිල්ලා නැහැ. නමුත් අපේ රට බංකොලොත් වීමට කලින් තිබූ මිල මට්ටමට බඩු මිල අඩු වෙලා නැහැ.’

Comments