
විදෙස් රටවලින් ඖෂධ ආනයනයේදී මෙන්ම ඖෂධ නිෂ්පාදනයේදී මාෆියාවක් ක්‍රියාත්මක වන බව ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සිළුමිණට කීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ජවිපෙ ලේකම්වරයා මෙසේද කීය. ‘‘හදිසි මිලදී ගැනීම් ලෙස ගෙන්වන ප්‍රමිතියෙන් අඩු ඖෂධවලට රටේ ජනතාවගේ ජීවිතවලින් වන්දි ගෙවන්න වෙලා තියෙනවා. සමස්ත පද්ධතිය කඩා වැටෙන කොට සෞඛ්‍ය විතරක් බේරෙන්නේ නැහැ. නමුත් සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩාවැටීම සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතිවෙන මාෆියාව අතිශයින්ම භයානකයි. නිර්වින්දන බෙහෙත් විස වීමෙන් රෝගීන් මිය ගියා.
මේ ආණ්ඩුව රෝගී ජනතාවට වග කියන ආණ්ඩුවක් නොවෙයි. රෝහලට යන රෝගීයෙක් අසනීපයෙන් නොවෙයි අද මිය යන්නේ. ඔවුන් අද මිය යන්නේ ඖෂධ අසාත්මිකතා නිසා’.