IMF නියෝජිතයින් හා වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව අතර සාකච්ඡාවක් | Page 11 | සිළුමිණ

IMF නියෝජිතයින් හා වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව අතර සාකච්ඡාවක්

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජතයින් සහ වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව අතර සාකච්ඡාවක් පැවැත්වුණි.
 
බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මෙහිදි විශේෂ අවධානය යොමුව ඇත.
 
ඒ සම්බන්ධයෙන් තවත් සාකච්ඡා වට කිහිපයක් පවත්වන බව වෘත්තීය සමිති එකමුතුව සඳහන් කළේය.
 
ඉහළ ගොස් ඇති බදු සම්න්ධයෙන් අයි එම් එෆ් නියෝජිතයින් දැනුවත් කළ බවයි වෘත්තීය සමිති එකමුතුවේ මහාචාර්ය අරුණ ශාන්තආරච්චි මහතා පැවසීය.
 
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කළ යුතු බවත් එසේ නොකළ හොත් විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට නොහැකි වන බවත් අයි එම් එෆ් නියෝජිතයින් ප්‍රකාශ කර තිබේ.
 

Comments