අධික රස්නය මැයි අවසානය තෙක් | Page 6 | සිළුමිණ

අධික රස්නය මැයි අවසානය තෙක්

ධික උණුසුම් තත්ත්වය මැයි මස අවසන් වන තෙක් පවත්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය ශිරෝමණී ජයවර්ධන සිළුමිණට කීවාය. මේ දිනවල දිවයිනට බලපා ඇත්තේ අන්තර් මෝසම් තත්ත්වය බවත් එම වකවානුවේදී නිශ්චිත සුළං රටාවක් දිවයිනට බල නොපාන හෙයින් මේ ලෙසින් අධික උණුසුම් තත්ත්වයක් තිබෙන බවද ඇය පෙන්වා දෙයි.

මේ නිසා නිරිත දිග මෝසම පටන් ගන්නා මැයි මාසය අවසන් වන තුරු මේ ලෙසින් අධික උණුසුම් තත්ත්වයක් පවතින බව පෙන්වා දුන් ඇය පැවසුවේ අධික උණුසුම සම්බන්ධයෙන් මේ වන විට අවධානය යොමු කළ යුතු දිස්ත්‍රික්ක 17ක් නම් කර ඇති බවයි. එම දිස්ත්‍රික්කවල ජනතාව අනිවාර්යෙන්ම සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම කළ යුතු බවද ඇය අවධාරණය කර සිටී.

විශේෂයෙන්ම හැකි පමණ ජලය පානය කිරීම මේ දිනවල සිදු කළ යුතුම බවට වෛද්‍ය නිර්දේශ ලබා දී ඇති බව පෙන්වා දුන් ඇය වැඩිදුරටත් පැවසුවේ කුඩා දරුවන්, වැඩිහිටි පුද්ගලයන් හා රෝගීන් සම්බන්ධව අනිවාර්යෙන්ම වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

Comments