සිංහල හා දමිළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් 'වසන්ත උද්‍යානි- සූර්ය මංගල්‍යය ධ්වනි' ගුවන්විදුලි ගීත නාටකය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශීය සේවයෙන් අප්‍රේල් 14 වැනිදා පෙරවරු 10 ට විකාශනය වේ.
එහි පිටපත හා ගීත කාව්‍ය නිර්මාණ ප්‍රවීණ ගේය පද රචක ජයම්පති අල්ගම විසින් වන අතර, සංගීත අධ්‍යක්ෂණය ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ එම්.ආර්. චූලසිංහ ගෙනි. ගායන දායකත්වය විශාරද එඩ්වඩ් ජයකොඩි, චරිතා ප්‍රියදර්ශනී, සුභාෂිණී සුබසේන, සංගීතවේදී රෝහණ සිරිවර්ධන ඇතුළු ගායන වෘන්දයකිනි. නිෂ්පාදනය රෝහණ සිරිවර්ධන සහ විශාරද දිල්කා හඳුවල විසිනි.