මාවත විදත් පාස්කු සඟරාව එළිදකී | Page 6 | සිළුමිණ

මාවත විදත් පාස්කු සඟරාව එළිදකී

ජාතික කතෝලික ලේඛක සංවිධානය ප්‍රකාශයට පත් කළ විද්යුත් පාස්කු සඟරාව එළිදැක්වීම ජාතික කතෝලික ජනසන්නිවේදන අධ්‍යක්ෂ , ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමාගේ ප්‍රධානත්වයෙන් හා මෙරට පැරණිතම සඟරාව වන "භක්ති ප්‍රබෝධනය " කිතුනු සඟරාවේ සංස්කාරක, එමාඩ් දල්පදාදු පියතුමාගේ සහභාගිත්වයෙන් ඉකුත් 05 වැනිදා කොළඹ ජෝනෙත් ශ්‍රවණාගාර පරිශ්‍රයේදී පැවැත්විණි.

එහිදී මාවත සඟරාවට නිර්මාණ දායකත්වය ලබාදුන් ආධුනික ළමා සහ වැඩිහිටි ලේඛකයන් දස දෙනෙකුට ඇගයීම් සහතික හා ත්‍යාග ප්‍රදානය කෙරුණි.

එම අවස්ථාවට ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා චතුරි පින්තු , සිළුමිණ කර්තෘ මාණ්ඩලික ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සහ ලේඛිකා, සුරේකා නිල්මිණි ඉලංකෝන්, උපාලි පුවත්පත් සමාගමේ මූල්‍ය අධ්‍යක්ෂ ලක්ෂ්මන් පෙරේරා, ලේඛක සංවිධානයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ ගොඩ්ප්‍රී කුරේ,ලේකම් ශල්‍ය වෛද්‍ය සජිත් මෙන්ඩිස්, ‍ ඇතුළු පිරිසක් සහභාගි වූහ.

(ඡායාරූපය -වත්තල විශේෂ - ජෝශප් පයස්)

Comments