හෙට්ටිපොල කුලියාපිටිය ප්‍රධාන මාර්ගයේ කරන්තිප්පල ප්‍රදේශයේ බෑවුම් සහිත මාර්ගයේ පැමිණි එක්ස්කැවේටරයක් ප්‍රවාහනය කරමින් තිබූ තට්ටු ලොරියක් වේගය පාලනය කර ගත නොහැකිව ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් තිබූ වාහන කිහිපයක ගැටී අනතුරක් සිදු වී තිබෙයි
මෙම අනතුරින් කුඩා ලොරි රථයක්, ත්‍රීවීලර් 02කට දැඩි අලාහානි සිදු වී ඇත.
අනතුරට පත් වාහනවල ගමන් කරමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා කුලියාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
තට්ටු ලොරිය පදවාගෙන පැමිණි රියදුරු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙයි.
ඔහු අද දිනයේ කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කුලියාපිටිය මූලස්ථාන පොලිසියේ රථවාහන අංශ මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි