
පාර්ලිමේන්තුව හෙට (22) දිනය දක්වා කල් තැබීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පියවර ගෙන ඇත.
ඒ අනුව හෙට උදෑසන 9.30 දක්වා පාර්ලිමේන්තුව කල් තැබෙනු ඇත
මෙසේ කල් තැබීමට හේතු වී ඇත්තේ විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ සිය අසුන්වලින් නැගී සිටිමින් විරෝධතා පුවරු ඉහළට ඔසවමින් සභා ගර්භය මැදට පැමිණ විරෝධතාවයේ නිරත වීමයි.
එනම් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට පියවර ගන්නා ලෙස ඉල්ලා තිබෙයි.
ඊට ප්‍රතිචාර දක්වමින් කථානායකවරයා, අද පස්වරු 2ට පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට පියවර ගන්නා බව සඳහන් කර තිබෙයි