හරිත සුබ පැතුමට අගමැති සරණ | Page 11 | සිළුමිණ

හරිත සුබ පැතුමට අගමැති සරණ

පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් ග්‍රාමීයව නිෂ්පාදනය කරන අලිමානා නම් ආක්‍රමණශීලී තෘණ විශේෂය යොදාගෙන නිෂ්පාදනය කරන කඩදාසි දැන් ජනප්‍රියවෙමින් පවතී.

මෙම දේශීයව නිම වූ කඩදාසිය භාවිතා කරමින් නව වසරේ සිය සුබපැතුම් කාඩ්පත් සකස් කිරීමට පවා අගමැති දිනේෂ් ගුණවර්ධනයන් මෙවර කටයුතු කර තිබේ. ශීඝ්‍රයෙන් බෝවෙන අලිමානා තෘණ විශේෂය ගොවි ජනතාවට හිරිහැරයක් බැවින් එම ශාක යොදා ගෙන කඩදාසි නිෂ්පාදනය කිරීම නිසා එම ප්‍රදේශවල ජනතාවට විශේෂයෙන් කාන්තාවන්ට අමතර ආදායමක් උපයා ගැනීමට දැන් හැකි වී තිබේ.

Comments