සහරාන් සමග සබඳකම් පැවැත්වූ IS ත්‍රස්තයෙක් අත්අඩංගුවට | Page 11 | සිළුමිණ

සහරාන් සමග සබඳකම් පැවැත්වූ IS ත්‍රස්තයෙක් අත්අඩංගුවට

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහමොලකරුවන සහරාන් හෂීම් සමග සමීප සබදතා පැවැත්වූ පුද්ගලයෙකු ඉන්දියාවේ තමිල්නාඩුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
 
ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය මගින් මොහු අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. සැකකරු අයිඑස් සංවිධානයේ සාමාජිකයෙකු වේ. 
 
ඔහු පසුගිය 23වැනිදා ඉන්දියාවේ කොයිම්බතූර්හි පිහිටි මෝටර් රථයක් පුපුරවා යැමේ සිද්ධියට සෘජුවම සම්බන්ධ බවට ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ. 
 
ඉන්දීය  ජාතික විමර්ශන ඒජන්සිය අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා සම්බන්ධයෙන් පුළුල් විමර්ශන මේ වන විට ක්‍රියාත්මකයි.

Comments