බිත්තර නව මිලට එකඟ නැහැ - බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය | Page 6 | සිළුමිණ

බිත්තර නව මිලට එකඟ නැහැ - බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය

පාරිභෝගික සේවා අධිකාරිය විසින් ඉදිරිපත් කරන ලද බිත්තර සඳහා වූ නව සංශෝධිත මිල ගණන් සම්බන්ධයෙන් එකඟවිය නොහැකි බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය අද(14) අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.
 
ඊයේ රැස් වූ පාරිභෝගික සේවා කවුන්සිලය විසින් සුදු බිත්තරයක් සඳහා රුපියල් 42 ක් ද රතු බිත්තර සඳහා රුපියල් 44ක උපරිම සිල්ලර මිල නියම කිරීමට තීරණය කළ බව දැනුම් දී ඇත.
 
මීට පෙර නිකුත් කළ ගැසට් නිවේදනය තිබෙන පාලන මිළ ගණන්වලට වඩා නව මිල ගණන් අඩු මට්ටමක පවතින බවත් එය කිසිසේත්ම සෑහීමකට පත් විය නොහැකි බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා මෙම පෙත්සම විභාගයට ගැනීමට නියම කරන මෙන් ඉල්ලා සිටියේය.
 
එම ඉල්ලීම පිළිගත් අභියාචනාධිකරණය මෙම නඩුව පෙබරවාරි මස 06 වැනිදා විභාගයට ගැනීමට තීරණය කළේය.

Comments