රණවිරු සේවා පවුල්වල දත්ත ගබඩා කිරීමට ලංකා රාජ්‍ය ක්ලවුඩ් පහසුකම් | Page 11 | සිළුමිණ

රණවිරු සේවා පවුල්වල දත්ත ගබඩා කිරීමට ලංකා රාජ්‍ය ක්ලවුඩ් පහසුකම්

රණවිරු සේවා අධිකාරියේ ප්‍රතිලාභී පවුල් 55,000කට ආසන්න සංඛ්‍යාවකගේ දත්ත ගබඩා කිරීම සඳහා ලංකා රාජ්‍ය ක්ලවුඩ් (LGC2)  පහසුකම් සැපයේ. 
 
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් මෙම පහසුකම් සපයනු ලැබේ.
 
මෙහි සමාරම්භක අවස්ථාවට රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් නන්දන සේනාධීර, රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් ජි. එම්. සි. කේ. බි. ඒකනායක (විශ්‍රාමික) ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සයිබර් ආරක්ෂාව පිළිබද අධ්‍යක්ෂ සංජී බාලසුරිය, ඩිජිටල් සේවා ජ්‍යෙෂ්ඨ කළමනාකාර මලිත් ගල්කැටිය, තොරතුරු ආරක්ෂා, කළමනාකරු විශ්ව ලියනපතිරණ,  ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තොරතුරු තාක්ෂණ ඒකකයේ නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් සහභාගිවුහ.
 

Comments