‘නෑයන්ගේ කවි’ | සිළුමිණ

‘නෑයන්ගේ කවි’

පරි­ව­ර්ත­න­යක් කී විට අපට සිහි­යට නැඟෙන්නේ විදෙස් බස­කින් අපේ බස­කට කෙරෙන පරි­ව­ර්ත­න­යකි. මෙවර සොයා­ගෙන කිය­වන ලෙස යෝජනා කෙරෙන්නේ ඊට වෙනස් ආකා­රයේ එකකි.

පොතේ නමෙන්ම එය කවි එක­තු­වක් බව­ප්‍ර­කට ය. ඒවා නෑයන්ගේ කවි ය. ඉතින් කවුද මේ නෑයෝ? ඔවුන් අපේ ම අය ය. මේ සිංහ­ලට පෙරැළි ඇත්තේ අපේ ඇත්තන් දෙතිස් දෙන­කුන් විසින් ‘අපේ ඉංගි­රි­සි­යෙන්’ ලියු කවි පංති අනූ අටකි.

අප දන්නා පරිදි ලේඛ­කයෝ බොහෝ වෙති. එහෙත් කවීහු දුල­බය.

කවී­න්බොහෝ විට සිය නිර්මාණ ඉදි­රි­පත් කරන්නේ සිය මවු­බ­සිනි. එහෙත් එසේ නොවන අවස්ථා ද නැත්තේ නොවේ. මේ එක­තුවේ කවින්ගේ ලැයි­ස්තුවේ සිටින තිස් දෙදෙනා අත­රින් විසි­තුන් දෙන­කුට ම ඇත්තේ සිංහල වාස­ගම් ය. ඉතිරි නම දෙනා බර්ගර්, දෙමළ සහ මුස්ලිම් ජන­වර්ග නියෝ­ජ­නය කරති. මේ අත­රින් කිහි­ප­දෙ­නෙක් ඉංගි­රි­සි­යෙන් මෙන් ම සිංහ­ලෙන් ද නිර්මා­ණ­ක­ර­ණයේ යෙදෙන්නෝ ය.

අපට කිය­ව­න්නට ලැබෙන බොහෝ කාව්‍ය නිර්මා­ණ­වල අන්ත­ර්ගත වන්නේ ආලය, වියෝ­ගය, විප්‍ර­ලම්භ ශෘංගා­රය වැනි රාගය සම්බන්ධ අත්දැ­කීම් වුවද මේ නිර්මා­ණ­වල වෙනස් අත්දැ­කීම් සමු­දා­යක් දැකිය හැකිය. මහා­චාර්ය කමණී ජය­සේ­කර විසින් සපයා ඇති පෙර­ව­දනේ සඳ­හන් පරිදි මේ කවි එක­තුව ශ්‍රී ලංකාවේ ඉංගි­රි­සි­යෙන් රචිත කවි­වල විවි­ධ­ත්වය පිළි­බිඹු කරයි.

‘කවීන්ගේ වයස් සීමා, ඔවුන් නියෝ­ජ­නය කරන කාල වක­වානු, සංස්කෘ­තිය හා ඒ ආශ්‍රි­තව ඔවුන් ලබන අත්දැ­කීම් සමඟ ඒ ඇසු­රෙන් මෙහෙ­ය­වනු ලබන සිතුම් පැතුම් මේ විවි­ධ­ත්ව­යට හේතු අතර ප්‍රධා­න­ත්ව­යක් ගනියි. අත්දැ­කීම් පිරි­ක්සද්දී ජන­ව­ර්ගය ඔවුන්ගේ දෘෂ්ටි­කෝ­ණය කෙරේ බලපා ඇති ආකා­රය සැල­කිය යුතු වන්නේ ය. මෙප­ම­ණක් නොව ලිංග භේදය, ස්ත්‍රී පුරුෂ සමා­ජ­ගත භාවය පිළි­බඳ ඔවුන් තුළ තිබෙන සංවේදී බව ද වෙනස් වෙයි. කවි­යන් වශ­යෙන් ලාංකීය සමා­ජයේ ස්ථාව­ර­ත්ව­යක් ලැබූ පරි­ණත කවීන්ගේ සහ දක්ෂතා ඇති නවක කවීන්ගේ නිර්මාණ ද මෙහි ඇතු­ළත් වන්නේ ය.

කවි නිර්මා­ණයේ දී ශෛලිය වැද­ගත් වන අතර, මොවුන්ගේ කවි ද දිග කෙටි හා සවි­ස්තර වශ­යෙන් වෙන­ස්වන බව පෙනේ. සම­හර කවි දාර්ශ­නික තල­ය­කට එළැ­ඹෙන අතර සම­හර කවි සරල සැහැල්ලු බවක් නිරූ­ප­ණය කරයි.
එහෙත් පොදුවේ ගත් කළ පන්ති භේදය කෘති­මව අව­ධා­න­යට ලක් කරන බව නොපෙනේ. මින් හැඟෙන්නේ ඒ පිළි­බඳ ඔවුන් සංවේදී නොවන බව නොවේ. තමා වෙසෙන පරි­ස­රය පිළි­බඳ තමන්ට මනා අව­බෝ­ධ­යක් ඇති බව ඔවුහු හැඟීම් නිරූ­ප­ණ­යේදී පෙන්නුම් කරති. සම­හර කවි අප සමා­ජයේ ඉංගි­රිසි බසට ඇති “තත්ත්වය”වෙත අව­ධා­නය යොමු කරන බව පෙනේ.

මේ කෘතියේ ඇතු­ළත් මට‘දැනුණු’
කවි කිහි­ප­යක් මෙසේය:
‘කරු­ණා­වෙන් මවෙත පිරි­න­මනු
මැන දෙවි­යනි.
බිල්ගේට්ස්ගේ බුද්ධිය
මැන්ඩෙ­ලාගේ ප්‍රඥාව
හිලරි ක්ලින්ටන්ගේ ඉව­සීම
පරි­ග­ණ­ක­යක මතක ශක්තිය
එද­වස මොහ­ම­ඩ්අලි දැරු­වාක් මෙන්
පුෂ්ටි­මත් කාය­ශ­ක්ති­යක්
ජවය, අධි­ෂ්ඨා­නය වීර්යය,
අන­න්ත­ය­ටත් ඔබ­යන පරි­ණත බව,
ලොක්කා වැරදි වුව නිවැ­රදි යයි
කපටි ලෙස ඇඟ­වීමේ නැඹු­රුව’
(ලේක­ම්ව­රි­යගේ යාඥාව -
ඩියර්ඩ්රි ජෝන්ක්ලාස් කදි­රා­මන්’
‘වෙනස් වී ඇත් ද ට්‍රෝජ­න්පු­රය
කොහි වෙති ද විරුවෝ?
දැව­මුවා අසු පෙර­ළනු ලැබේ
අප මැදට
දොර විවර වේ රහස් ලෙස
එකම කූටෝ­පාය නැව­තත්
වෙනස් වී නැත ඉති­හා­සය
අප හා අපේ යුද්ධ
වේ ද කෙදි­නක හෝ වීර­කාව්‍ය
යළි කැඳ­වන්න යුලි­සිස්
යළි කැඳ­වන්න හෝමර්
දී ඔවුන්ට ආරූඪ නම්
නිම­ව­න්නෙමු ය අපි අපගේ වීර කාව්‍යය
කිය­න්නෙමු ය පුරා­වෘත්ත විකල්ප අයු­රින්
නිම නොවේ කෙදි­න­ක­වත් “ඔඩිසි”
ගොඩ­න­ඟ­න්නෙමු අපි යළි
නව ටෝයි පුර­යක්’
( ට්‍රෝජන් යුද්ධ - ජීන් අර්ස­නා­ය­ගම්)
‘ඌ මගේ මනු­ස්සයා ගෙනිච්චා
ඌ මගේ­ස­හෝ­ද­රයා ගෙනිච්චා
ඌ මගේ­පුතා ගෙනිච්චා
ආයෙත් දොර කඩ­නවා ඌ
උඹට ඇහෙන්නේ නැද්ද?
උඹ තාම ­මෙ­තන.
උන් ගේ වටේ­ටම
මං උඹට කි­යන්නේ
දැන් උඹට යන්න බෑ
අම්මා ඒ හෙව­ණැලි
අපි ඊයේ හදපු වැටේ
හඳ එළියේ රැක­වල් කරන වැට.
උඹට පේන්නේ නැද්ද දොර ඇරෙ­නවා
අනේ දෙවි­යනි
මා ජීව­ත්ව­නවා ද මෙය දකි­න්නට
කවු­රුන් හෝ මගේ කෙල්ල රැක දෙන්න’
(දොරට තට්ටු කිරීම - ඊවා රණ­වීර)
‘ලේ බොන වවු­ලන් සමා­ජයේ
ඔබේ කම්මුල් මිරි­කාවි
සිහින් රත්පෑ ගත් ඇඟි­ලි­ව­ලට
රත්ත­රන් කියා අම­තාවි,
ඔබ සින­හ­ව­න්නට උග­නිවි.
ඔබේ දත් සුදුයි ඔවුන් කියාවි.
හරි­යට වෘක­ය­කුගේ වාගෙයි.
කුල­මත් කර­වන නුහුරු බීම වීදුරු
බලෙන් තෙර­පාවි ඔබේ අඩ­මාන අත්ව­ලට
ඔයාගෙ අත් ලස්ස­නයි ඔවුන් කියාවි
හරි පැහැ­පත් හරි ශක්ති­මත්
ඔයාගේ ඇඟිලි දිගායි.
උග­නීවි ඔබ පිළි­ගන්න
ග්‍රහ­ණයේ කුතු­හ­ලා­ත්මක බැල්ම
උණු­සුම් ඇස්වල, දිලි­සෙන ඇස්වල
විසල් ඇස්වල, ඌරු ඇස්වල
පිරිමි ඇස්වල.
බීම?
සිග­රට්?
කෝපි?
රස්සා­වක්?
මංඔ­යාව ගෙදර ඇර­ල­ව­න්නද?’
(ීසජ ඔර්බි­සඑ- රිචඩ් ද සොයිසා)
‘නැවතී ඇත දැන් ලෙය ද
ආලය මිදී සීත ව
සජීව නොවේ ආශා තව­දු­ර­ටත්
ඉදින් සිතමි
මැන­වයි මියැ­දු­නා­නම් මා
සත­ළිස් වියේදී.
ඉස­බෙල් ඔබත්
ඔබේ පන්තිස් වියේදී’
‘ඉස­බෙල්ට - පැට්‍රික් ප්‍රනාන්දු)

‘නෑයන්ගේ කවි’
දේ. වි. ගාල්ල­ගේගේ කෘති­යකි.

Comments