
ගණේගම සරණංකර හිමි ලියූ බුදුහාමුදුරුවෝ
කෘතිය - බුදුහාමුදුරුවෝ
කර්තෘ - ගනේගම සරණංකර නාහිමි
මිල රුපියල් 525/= පිටු 186
විමසීම් - 011 2323336
එම්. ඩී ගුණසේන ප්‍රකාශනයකි.
පණ්ඩිත ගනේගම සරණංකර ස්වාමීන් වහන්සේ විසින් 1973 වසරේදී ලියා පළකළ ඇති මෙම ග්‍රන්ථයේ නවතම මුද්‍රණය දැන් පිටවී ඇත. බුද්ධ චරිතය අළලා බොහෝ පොත පත ලියෑවී ඇත. නමුදු ඒ සියල්ලටම වඩා වෙනස් අයුරකින් බුදුන් ඇසුරේ සිටි භික්ෂුවක සේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ උන් වහන්සේගේ ගුණ පිළිබඳ මැනවින් ලියැවී ඇති කෘතියක් ලෙස “බුදුහාමුදුරුවෝ“ කෘතිය දැක්විය හැකිය.
සෝණ නදිය ගලායයි නව තාලයේ නවකතාව
කෘතිය - සෝණ නදිය ගලායයි
කර්තෘ - සැම්සන් ගුණතිලක
මිල - රුපියල් 480/= පිටු 80
විමසීම් 0718 140056
අගහස් ප්‍රකාශනයකි
ගුරුවෘත්තියෙන් විශ්‍රාම ලැබීමෙන් පසු වඩාත් පුළුල් ලෙස ලේඛන කලාවට පිවිසි සැම්සන් ගුණතිලකයන්ගේ පළමු නවකතාව සෝණ නදිය ගලාබසී දැන් නිකුත් වී ඇත. ඔහු මීට පෙර ශාස්ත්‍රීය කෘති ගණනාවක්ම ලියා ඇති අතර ළමා කෘති තුනක් ද ලියා පළකර තිබේ. ඉංග්‍රී පොත පත කියැවිමෙන් ඒ වා හැදෑරීමෙන් ලද ආභාය ද එක්කර ගනිමින් කතුවරයා විසින් “සෝණ නදිය ගලායයි“ රචනා කර ඇත.
ඩබ්ලිව්. එම්. බී. කරුණාරත්නගෙන් අප්පා නැති දරුවෙක්
කර්තෘ - අප්පා නැති දරුවෙක්
කර්තෘ - ඩබ්ලිව්. එම්. බී. කරුණාරත්න
මිල - රුපියල් 300/= පිටු 181
විමසීම් - 0714 477889
කර්තෘ ප්‍රකාශනයකි
අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරියකු වන ඩබ්ලිව්. එම්. බී. කරුණාරත්නයන් ජීවිතයේ බොහෝ අත්දැකීම් ලැබූ අයෙකි. ඒ අත්දැකිම් ඇසුරේ ඔහු විසින් මෙම කෘතිය රචනා කොට ඇතැයි අපට හැගෙන්නේ එය එතරමටම නිර්ව්‍යාජ ලෙස ලියැවී ඇති බැවිනි. “අප්පා නැති දරුවෙක්“ නම් වූ මෙම කෘතිය සිය ජීවිතය මතක සටහන් එක්කර ලියැවුණ කෘතියකි.
ලෙටීෂියා බොතේජුගෙන් මට මතකයි
කෘතිය - මට මතකයි
කර්තෘ - ලෙටීෂියා බොතේජූ
මිල - රුපියල් 475/= පිටු 268
විමසීම් - 011 2323336
එම්. ඩී ගුණසේන ප්‍රකාශනයකි.
1930 ගණන් වල සමාජ පරිසරය මුල් කරගෙන නැසීගිය ප්‍රවීණ ලේඛිකාවක වූ ලැටීෂියා බොතේජු විසින් ලියන ලද මට මතකයි කෘතියෙ හයවැනි මුද්‍රණය දැන් නිකුත්ව ඇත. මේ කෘතිය හරි අපූරුය. එදා පරිසරය අද වන විට ක්‍රමයෙන් වියැකි ඇත. නමුදු එදා ගැමි පරිසරයේ තිබු සොඳුරු බව මෙන්ම පුද්ගයන් අතර තිබූ ආදරණීය බැඳිම් ද අද අපට කියවා දැන ගත හැක්කේ මෙවන් කෘති තුළිනි. පොතේ පෙර වදන ලියමින් ලේඛිකාව මෙසේ සඳහන් කර ඇත.
“හොඳට හුරුපුරුදු ගම්බද පරිසරය ඇතුළු කොට කතාවක් ලිවීමට සිතුණි. මේ කතාව ලිවීමට පටන් ගත් වේලේ පටන් යසට පීදුනු ගොයමෙහි කිරි සුවඳ මුසුකර ගනිමින් ඈත වෙල් යායේ සිට හමා එන සිහිල් සුළඟේ මිහිරියාවක් මගේ සිතට දැනුණි.
පොත කියවන ඔබ 1930 -34 කාලය සිහි තබා ගතහොත් මැනවී ...“ ලේඛිකාව එසේ පවසන්නේ එදා සහ අද කාල පරාසය වෙනස් බැවිනි. එහි සොඳුරු බව විද ගැනීමට නම් පොත කියවිය යුතුමය.