කවි සිළුමිණ | සිළුමිණ

කවි සිළුමිණ

ගුරු මව­කගේ සිහි­ව­ටන

තිස් වස­රක ගුරු දිවි­යක සිහි­ව­ටන
සොඳුරු සිතු­ව­මක් ලෙස­කින් මාහදෙ ළැගු­ම්ගෙන
නොමැකී තියේ දරු­වනි මා මිය යන තුරුම
නුඹලා හා එක්ව ගෙව් මත­කය සදා­තන

මල් මඳ සිනා පාමින් දඟ­කම් කර­මින්
දිව එයි මා ළඟට ළැම­දට තුරුලු කරන්
සුදු රැලි ගවුම් පොඩි කමිස ද දව­ටා­ගෙන සතු­ටින්
ටීචර් අපි ආව බෙල් එක ගැසුවා කිය­මින්

නුඹ­ලගෙ සුර­ත­ගෙන ආදර බස් කිය­මින්
සිතු­වම් ඇන්ද මත­කද දරු­වනි අප සතු­ටින්
සුන්දර අතී­තය සිහි වෙන්නට කලි­යෙන්
මා දුටු සිහි­නය බොඳ­වුනා පායන හිරු කුම­රුන් සම­ඟින්

සිහිවී ගුරු­තු­මිය දරු­වනි නුඹ­ලාට
තිස් වස­රක් ගෙවු­ණත් නොමැකේ දරු­වනි හද­ව­තට
සුර­තල් මුවින් තෙපලු මත­කයෙ වදන් මට
නොමැකී තියේ හද පතුලේ සැමදා සිහි­ව­ට­න­යකි මට

සිප් කිරි පොවා නුඹ­ලාගේ සුරත ගෙන
සිත්තම් කෙරූ ගුරු­මව මත­කයේ තබා­ගෙන
දෙපා නැමැද බැති පෙම­කින් ඇය පුදන
දූ දරු­වන් සිරි­ල­කට වටිනා මැණික් මෙන

අව­සන් දින­ගිය පාසැල් විදු බිමේ සිටී
ගුරු මා පියන් හට යුතු­කම් කරන හැටී
අගය කරමි දූ දරු­වනි බොහොම වටී
සිහිවේ මෙමට මගෙ නිව­සට පැමිණි හැටී

දෙපා වාරු නැති මුත් මා නිවස තුළ
නුඹලා යන තුරුම බලා සිටි­යෙමි දුකකි මහද තුළ
කළ ගුණ දත් දරු­වනේ තුටු­වෙමි මා සැම­කල
ඉදි­රි­ය­ටම යනු දරු­වනි පත­නෙමි
තෙරු­වන් සර­ණයි ජයෙන් ජය

සුමනා අත්ත­නා­යක


වන්දනා

කිරුළ නැමුණා දරා සිටි සිර­සින්
දෑත ළං විය නිමල බුදු බැති­යෙන්
දහම් ඇසුණා සවන් දුන් සැණෙ­කින්
සැලුණි මල් ආසිරි පතා අහ­සින්

දිවි අරුත් පහ­දවා දුන් කුලු­ණින්
නිමල දහ­මින් තැනූ ලක්වැ­සි­යන්
දම් අමා පෙව් මිහිඳු මාහි­මි­යන්
දිවි තුරා­වට පුදමු සිත බැති­යෙන්

පිය­සිලි විජේ­නා­යක


අහිමි ප්‍රේමය

ජීවන මංපෙත එකලු කර­න්නට
නිලු­පුල් දෑසින් අවා­රයේ කළ ඒ ඇර­යු­ම‍
­සු­ප­සන් හැඟු­මින් ළය පුබු­දා­ගෙන
වාං දැමූ හීන කන්ද­රාව...

කාලය ගෙවිලා මනු­දම් හැරදා
පිය­බද දවලා මීවිත ලව­නත රඳවා
සව­නත පාරන චන්ඩ වදන් පෙළ
ඔබ සිත ඔබ­ටම අව­නත නොවූදා
මර­ණය තෙක් වූ පැතුම් බින්දා...

මා වෙහෙස කළ ප්‍රේමයේ යදම් සිඳ දමා
තැවුල් විඳ දරා අද තනි මඟ මා
අහිමි වූ ප්‍රේමයේ අනන්ත ප්‍රාර්ථනා
නෙළුම් පතට වට දිය බිඳු­වකි අද

ඊ. එම්. ඩී. එදි­රි­සිංහ


යළි ඉප­දීම

ඉප­දීම ද දුකකි එහි කෙළ­ව­රක් නැත
නිතර වෙනස් වන සිරුර ද ජරා වෙත
ලෙඩ­වීම ද උරු­මය සැම සතුන් හට
මරණ බිය දරන් ලෝ සත මියෙනු ඇත

ඉප­දුන අපට පස මිතු­රන් ළං වෙනවා
ප්‍රිය උප­ද­වන මිතු­රන් අප හැර යනවා
කැමති සැම දෙයම ලැබු­මට බැරි වෙනවා
මේ හැම දුක දරන් ලෝ සත ලත­වෙ­නවා

පව­කට ඔබගෙ තුන්දොර නම් හරිනු එපා
රාග, ද්වේශ, මෝහෙට ඉඩ තබනු එපා
කිසි­වෙකු නස­න්නට අත ඔස­වන්න එපා
තව­කෙකු පෙළ­න්නට ඔය මුව අරිනු එපා

ඉසි­කෝ­මාන අත­හැර මෙත් පතු­රන්න
කිසිදා එපා තණ්හා­වෙන් පසු වන්න
හැකි හැම­වි­ටම සඳ­හම් ගුණ දන් දෙන්න
එත­කොට හැකිය හැමට ම නිව­නට යන්න

දූවගේ ශ්‍රියා කාන්ති


අම්මාගේ වැඩ මුරය

හතරේ සිට මහ රෑට වැඩ මුරයෙ සරනා
පොතක් අත්සන් නොකොට කරන මෙහෙ වරුණා
ගතේ වැඩ ඉවර නැත කෙඳි­රි­යද නොගෙනා
නොයි­ල්ලති අයි­තීන් වැඩ වැරුම් නොවනා

කටට රස බෙද­න්නට මස­වු­ළුද තනනා
ගෙදර අය­ගෙන් ඒත් හුඟක් හොඳ නොඑනා
කකි­ය­මින් එන විටත් හිස කෙළින් කරනා
හැඳි­මි­ටෙන් මැන ඈගෙ ආද­රය බෙදනා

නෑඹි­ලියෙ ගෙවෙන නිය පලා පැහැ රඳනා
සිලිටි බව මැකී ගොස් කැපුම් ඉරි තළනා
ලිපේ ගිනි වැදී ගත දාහ­යෙන් දැවෙනා
ඒත් කිසි­වෙ­කුට ඈ ආඩ­පළි නොදෙනා

පී. බී. ගුණ­රත්න


සෙනෙ­හ­සක අරුම

ලොබ වීමි ආල­යට
ආමි ඔහු සමඟ මා
ආල­යෙන් අන්ද වූ
කළ නුදුටු හෙට දවස

වැට­හු­ණත් ජීවිතේ
පමා වැඩි බව දැනේ
ඔහු ගියා මා දමා
මට වඩා
පෝස­තෙකු හමු­වෙලා

හිත පිරුණ ආල­යෙන්
කිරි එරුණ සෙනෙ­හ­සින්
උඹ මගේ ඇස් දෙකයි
රකි­නවා පණ මෙන්

තවින්සා දිව­සරි



මට හිතෙ­නවා

හමු­වෙන්න එන්න මට ආයෙත් සිතෙ­නවා
මුමුණ - මුමුණා හෙමින් ඇවිද ගෙන යමු නැවත
පමා­වුණ හින්දාම තර­හ­කුත් පෙන්ව­මින්
මුහුණ රතු කර­ගන්න නැවත හිත කිය­නවා

මගෙ පුංචි කවි දෙකක් පත්ත­රෙත් දුටු­වාද
ඔය හිතට පොඩි දුකක් දැනු­නේම නැති­වාද
වෙන කවු­රු­වත් එහෙම ළංවෙලා ඉන්න­වද
ඇය ගැනත් එදා මෙන් කවි ගීත ලිය­න­වද?

කුසුමා ප්‍රේම­රත්න



 

ඔබ දුටු සඳ

දින දෙක තුනක දිගු ගම­නක් නිමා­කොට
මම එහි ගියෙමි මගෙ සෙනෙ­හස දකි­න්නට
පුත­ණුව සමඟ ආ ලේලිය පෙරටු කොට
මුළු ලොව එකලු වූවා සේ දැනුණි මට

උණු­සුම පිරුණු සෙනෙ­හස දී හද­ව­තට
ඉව­සුම් නැතිව මගෙ තොර­තුරු අස­න­විට
සුව­හස් සිතුම් පැට­ලෙන විට එකි­නෙ­කට
සෙනෙ­හස දියව කඳු­ළැ­ල්ලක් විය නෙතට

ලස්සන වට­පි­ටා­වක තැනු කැදැල්ලේ
දොර­ටුව විවර වන්නට පෙර ඇසිල්ලේ
මා පිළි­ගන්ට සැර­සුණු මල් තොටිල්ලේ
තුරු හිස් අතර මුමු­ණන ගී සඳැල්ලේ

ආයෙත් එන්න ආසයි ඔබ දකි­න්නට
සෙනෙ­හස් සිසිල මැද සතු­ටින් ගෙව­න්නට
විය­පත් බව පෙරටු වී ඇත එක­තු­වට
කවදා කොතැ­න­කදි හෝ යළි හමු­වන්ට

ඔබ සිත පිරුණු සුදු මුදු ගුණ හැඳි­න්නෙමී
නුබ ගැබ දිලෙන සඳ­වත සිරි දකි­න්නෙමී
නැව­තත් සසර හමු­වේ­දැයි සිත­න්නෙමී
මගෙ සිත පුරා ඔබ­හට සෙත් පත­න්නෙමී

කුසුමා වර්ණ­සූ­රිය


එද­වස

වෙල් ඉප­නැල්ල සෙල්ලම් පිටි කරපු යුගේ
කොලු කෙල්ලන් සමඟ චක්ගුඩු පැනපු රඟේ
බඩ­වැටි ඕවි­ටිද පසු­කර දුවපු දඟේ
මත­කය ඇදී­යයි - පෙර දව­ස­කට මගේ

පාසල ඇරී නිව­සට එන ඇසිල්ලේ
කෑවත් නොකෑ­වත් හිත ගියෙ නිදැල්ලේ
අත්තික්කා සෙවණ යට රැඳි තොටිල්ලේ
සිසි­ලස ලැබූ­වෙමි - කඳු­රෙහි පිහිල්ලේ

රෑබෝවී අවට කළු­වර ගලන වෙලේ
කුප්පියෙ ලාම්පුවෙ එළි­යට අඳුර ගිලේ
ගත සිත සුව­පත්ව සෙනෙ­හස රැඳුණු පැලේ
අම­තක නොවෙයි - මට ඒ පෙර දවස මලේ

ගෙරි­කටු පොහොර බිජු වී සම­ඟින් කුඹුරේ
යල මහ දෙක­න්නය අස්වනු පිරි ඉතිරේ
බත ඉඳෙනා විටදි සුව­ඳක් ගම පැතිරේ
ලෙඩ දුක් නසන දිව ඔසු­වකි - හිත මිතුරේ
.
වැට ඉනි මායි­මෙන් කොටු­වුන නිවසෙ අගේ
මහ මැඳු­රක නොමැත එහි ඇති සුවය හැඟේ
ගම්මා­න­යම පිබි­දෙන එක හඬක් දිගේ
සර­ලය සුන්ද­රය - පෙර කළ දවස මගේ

එස්. සම­ර­නා­යක


අසු­න්දර වූ සැන්දෑව

මුතු­පින්න
මල් වැස්ස
විහඟ නද
සොඳුරු වූ උදෑ­සන
මලක් මෙන් පිබිද
රැකි­යා­වට යන
නේක වූ සිතු­විලි
සමඟ ගත­වන දිවා කළ
.
වහල් වී පුරු­ද්දට
මධු විතට ලොල්ව
පැද්දෙ­මින් කැර­කෙ­මින්
අවුල් වූ මන­සින්
ඔබ ගෙදර එන
අසු­න්දර වූ සැන්දෑව
.
ගාමිණී චන්ද්‍ර­සේන


තනි අහස

ගුගුර ගුගුරා අසෙනි වැස්සක
පෙර නිමිති අහ­සෙහි තියා
අකී­කරු රළු සුළං කෝඩය
තදින් ඒ මේ අත ගියා .

තනි ව වැල­පෙන අහස ඉකි­බිඳ
තම වරද කොතැන ද කියා
හිතා­ග­න්නට බැරි ව එක වර
හඬයි පොළො­වට ගතු කියා

අහස තනි­වන නපුරු මොහොතේ
සඳ සමඟ තරු ඉතිරි වී
රැයේ අඳුරෙ ම සැඟ ව සිටියා
වලා­කු­ළ­කට මුවහ වී....

අකුණු සැර වැහි විදුලි රේකා
ඇඳෙන විට සිත බිය නොවී
පුංචි තරු­වක් හෙමින් ඇවි­දින්
එළිය දුන්නා නතර වී

හිරු නැඟෙන හිමි­දි­රිය එන විට
කුරුලු ගී නද පැති­රුණා
රැයේ නපු­රට හුරු වු අහසේ
නැවුම් රැස් කෙඳි ඇති­රුණා

පුංචි තරු­වට තවත් අහ­සට
තනි රකි­න්නට බැරි වුණා
වියෝ කඳු­ළක සිසිල සීතල
පිනි පොදක් මත තැව­රුණා

ශ්‍රියා හිඳුරං­ගල


මැදි­යම් රැය

රිදුම් විඳ­වන හද­වත, මා අම­තන්න.
කොත­රම් පරි­හා­සා­ත්මක ගම­නක්ද
නිම­වා­ගන්නේ ඔබ ඔබ­ටම,
ඔබේ කසල මල්ලත් ඇතිව
වැල­පෙ­මින් අඳුරු ගරා­ජය තුළ.
කසළ ඉවත් කෙරුම නොවේ ඔබෙ කාරිය
බඳුන් සෝද­නය හිස් කෙරු­මයි ඔබ කළ යුත්ත.

ඔබ යළිත් සෝබන පානවා
හරි­ය­ටම ළමා වියේදී කළා සේම.
කොහිද ඔබේ සාධා­රණ ,පරි­හා­සා­ත්මක උපේ­ක්ෂාව?

පුංචි සඳ එළි­යක් වදියි බිඳුණු කවු­ළුවේ
පුංචි ගිම්හාන සඳ එළි­යක්.
පොළ­වෙන් නැඟෙයි මුදු කෙඳු­රුම්,එහි මිහි­රත් සමඟ
මෙයද ඔබ සන්නි­වේ­ද­නය කරන අයුර
ඔබේ සැමියා සමඟ ?

පිළි­තුරු නොදෙ­මින්, ඔහු අම­තන විට.
මෙයද හද­වත හැසි­රෙන අයුර
එය ශෝක වන විට ?
එයට වුව­මනා කසළ සමඟ තනි වෙන්න­ටද?

මා ඔබ වූවා නම්, හිත­නවා මං ඉදි­රි­යට.
පස­ළොස් වස­ර­කට පසු
ඔහුගේ කට­හඬ විඩා­පත් වනු හැකිය
යම් රැයක පිළි­තුරු නොදු­න්නොත් ඔබ
අන් කෙනෙකු පිළි­තුරු දෙනු ඇත.

Louise Gluck

1943 නිව්යෝක් නග­රයේ උපත ලබන Louise Gluck කිවි­ඳිය, කොලො­ම්බියා විශ්ව­වි­ද්‍යා­ල­යෙන් උපා­ධිය හිමි කර­ගෙන ඇත. කාව්‍ය කෘති 12ක් පළ කර ඇති ඇය Pulitzer, PEN, Bolingen සහ තවත් සම්මාන, පද­ක්කම් රැසක් අත් පත් කර­ගෙන සිට අව­සන 2020 වස­රේදී ලොව උතුම්ම ගෞර­වය වන නොබෙල් ත්‍යාගය, සාහි­ත්‍යය වෙනු­වෙන් දිනා­ග­ත්තාය.
වත්ම­නෙහි ඇමෙ­රි­කාවේ යේල් විශ්ව­වි­ද්‍යා­ල­යෙහි Writer-in- Residence තත්ත්ව­යෙන් සේවය කරන මේ කිවි­ඳිය වාසය කරන්නේ මැස­චු­සෙට්ස් ප්‍රාන්තයේ, කේම්බ්‍රිජ් පෙදෙ­සෙ­හිය.

Louise Gluck ගේ Midnight නම් කවියේ සිංහල පරිවර්තනයකි.

දේ . වි. ගාල්ලගේ


දීග යන දුවේ

මල් ඉහි­රුණු පොඩි ගවු­මක්
ඇඳ­ගෙන හස­රැලි නංවා නිතර මුවේ
දුව පැන නට­මින් සෙල්ලම් කළ ඔබෙ
රන් සම­නල රැලි මල් ගොමුවේ
අද සිට කිංකිණි රාව නොනැං­වෙයි
දොම්නස උරු­මයි පාළු ලොවේ
සිරි­කත නිව­සට කැන්දන
කුසු­මක් වූවා ඔබ මගෙ පුංචි දුවේ

දිව රැය බබ­ළන පහ­නක් වූවා
කුරුලු කැදැ­ල්ලක එළිය දිදී
අහිමි කළා මගෙ සුර­තල් දිය­ණිය
නව යුග­යක හෙට අඳුර බිඳී
ලොව්තුරු දහ­මින් ලොව සන­ස­න්නට
පිපි කුසු­මක් සහ රොනට වදී
කිසි කලෙ­කත් නැත වර­දින්නේ දුව
හැම දෙවි­යොත් ඔබෙ නමට වදී

කුරුලු කෙවි­ලි­යන් ගයන ගීත­යෙන්
ඔබෙ දිවි මඟ සත්සර වේ නම්
කුම­ටද වීනා තව හඬ­වන්නේ
මගෙ දිවි­යට රං රාව නැගේ නම්
නැතු­වට පාවඩ රනින් එළන ලද
දහ­සක් කුසු­මන් තව පිබිදේ නම්
පුංචි දුවේ ඔබෙ මංගල ගම­නට
තනි­වම මෙහි සිට පවන් සලන් නම්

ජය­රත්න සිරි­සේන

Comments