ජඩේජාගේ නායකත්වය නමට විතරයි, දෝනි ගැනත් විවේචන | Page 3 | සිළුමිණ

ජඩේජාගේ නායකත්වය නමට විතරයි, දෝනි ගැනත් විවේචන

 

මෙවර IPL තරගාවලිය වඩාත් උද්වේගකර ලෙස පැවැත්වෙන අතර, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මුහුණ දී ඇත්තේ උභතෝකෝටික ප්‍රශ්නයකට ය.ඒ ඔවුන් මේ වන විට මුහුණ දුන් තරග වැඩි ප්‍රමාණයක් පරාජය වි ඇති බැවිනි. මේ පරාජයන්ට මුහුණ දී ඇත්තේ නව නායක රවීන්ද්‍ර ජඩේජා යටතේ වීම තවත් ප්‍රශ්න උග්‍ර කරවීමට හේතු වී තිබේ. මේ හැටිට්‍රික් පරාජයන් සමඟ බොහෝ අයහපත් ප්‍රතිචාරයන් කරලියට පැමිණ ඇත. මෙකී පරාජයන් ගෙන් පසුව නැවත වතාවක් දෝනිව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකයා කරන්න ඉල්ලීම් මතු වන අතර, ජඩේජා ගැන දිගින් දිගටම දැඩි විවේචන එල්ල වෙයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ පසුගිය වසරේ ශූරතාව දිනා ගැනීමට සමත් වූයේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමයි. එපමණක් නොව පසුගිය වසරද ඇතුළුව සිව් වතාවක් IPL ශූරයන් වන ඔවුන්ට මෙවර තරගාවලියේ මේ තාක් එතරම් සුභ දායක නොවිණි. තරගාවලියේ මේ දක්වා තරග 6කදි, එක් තරගයක් ජය ගෙන සෙසු තරග පරාජයට පත් වී මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ 9වැනි ස්ථානයට පත්ව තිබෙන අතර තවත් ප්‍රබල කණ්ඩායමක් වු මුම්බායි ඉන්ඩියන්ස් සිය තරග හය ම පරාජය වී ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත්ව තිබේ. මේ පිළිබඳ අදහස් දක්වමින් හිටපු ඉන්දීය පුහුණුකරු රවී ශාස්ත්‍රි පවසන්නේ ෆැෆ් ඩු ප්ලේසි චෙන්නායි සුපර් කිංග්ස්හි නායකත්වය සඳහා යොදා ගත යුතුව තිබූ බවයි.

මහීෂ් තීක්ෂණගේ සුවිශේෂි පන්දු යැවීම හමුවේ මෙවර සිය පළමු ජය වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්ට එරෙහිව ය. පන්දු යැවීමේ දී බැංගලෝර් කණ්ඩායමේ ප්‍රබල කඩුලු 4ක් ලකුණු 33කට දවා ගැනීමට මහීෂ් තීක්ෂණ සමත් වු අතර, ඒ අනුව මහීෂ් තීක්ෂණ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරගයක කඩුලු හතරක් දවා ගත් ළාබාලත ම පන්දු යවන්නා බවට පත් විය.

චෙන්නායි සුපර් කිංග්ස් හි පසුගිය වසර දක්වාම නායකත්වය දැරූ එම්. එස්. දෝනි නායකත්වයෙන් ඉවත් වීමත් සමඟ නව නායකයා ලෙස පත්ව සිටින්නේ රවින්ද්‍ර ජඩේජායි. ශාස්ත්‍රි පවසන්නේ, දෝනි නායකත්වය අත්හැරීමට සිතන්නේ නම්, ෆැෆ් වෙන්දේසියට පෙර නිදහස් නොකර කණ්ඩායම් නායකත්වය ලබා දිය යුතුව තිබු බවකි. එහිදී ජඩේජා හට නායකත්වයේ පීඩනයකින් තොරව නිදහසේ ක්‍රීඩා කිරීමට හැකියි. එවිට චෙන්නායි සඳහා දේවල් වෙනස් විය හැකියි. යන්නයි. මේ වන විට චෙන්නායි සුපර් කිංග්ස් වෙතින් නිදහස් කළ පසු රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් වෙත ලබා ගත් ෆැෆ් ඩු ප්ලේසි එහි නායකත්වය දරයි.ඔවුන් මේ වනවිට තරග හයක දී හතරක් ජය ගෙන තෙවැනි ස්ථානයට පැමිණ තිබේ.

මේ අතරතුර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමඟ ක්‍රීඩා කර ඇති හිටපු ක්‍රීඩක හර්බජන් සිං කණ්ඩායම පිළිබඳ දැවැන්ත විවේචනයක් ඉදිරිපත් කර තිබේ. චෙන්නායි සුපර් කිංග්ස් මේ තැනට ගෙන ආවේ ගෙනාවේ කවුද? චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පසුගිය වසරේ IPL තරගාවලියේ ඔවුන්ගේ සිව්වන ශූරතාව දිනූ කණ්ඩායම. එතන ඉඳලා මේ වාරයේදීත් ප්‍රේක්ෂකයන්ට චෙන්නායි සුපර් කිංග්ස් ගැන එවැනිම බලාපොරොත්තු තිබුණා. ජඩේජාගේ නායකත්වය සහ ඔහුගේ උද්යෝගය දැකීමට චෙන්නායි සුපර් කිංග්ස් ක්‍රීඩා ලෝලීන්ද දැඩි ආශාවෙන් සිටියා. ඒත් දැන් කතාව සම්පූර්ණයෙන්ම කණපිට හැරිලා.

නායකත්වයේ පීඩනය නිසා ජඩේජාට තම ක්‍රීඩාව කරගෙන යාමට නොහැකි වී තිබේ. ඒ වගේම කණ්ඩායම දිගින් දිගටම පරාජයට මුහුණ දෙනවා. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අඛණ්ඩව තරග 3ක් දුර්වල දස්කම් නිසා මෙවැනි අත්දැකීමකට මුහුණ දුන් පළමු අවස්ථාව මෙයයි. මම හිතන්නේ තවමත් චෙන්නායි සුපර් කිංග්ස් නායකයා දෝනි. හර්බජන් සිං පැවසුවේ ජඩේජා තවමත් තරගාවලියෙන් පිටත සිටින බව පෙ‍නෙනවා යැයි ද, මේ නිසා දෝනිට නැවතත් සම්පූර්ණයෙන් පන්දු රැකීම සකස් කිරීමට සිදුවී ඇති බවද ,හර්බජන් පවසයි.

හර්බජන් තවදුරටත් පවසන්නේ දෝනි මේ දේ කිරීම, ජඩේජාට හිසරදයක් වන බවයි. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම කොල්කටා නයිට් රයිඩර්ස් සමග මෙකී තරගාවලියේ පළමු තරගය ක්‍රීඩා කළ අතර, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පරාජය ආරම්භ වූයේ මෙතැන් සිටය. එමෙන් ම දෙවැනි තරගයේදී නව කණ්ඩායමක් වන ලක්නව් සුපර් ජයින්ට්ස්ටද චෙන්නායි සුපර් කිංග්ස් පරාජය විය.

පන්ජාබ් කිංග්ස් පිලට එරෙහිව පැවැති තරගයේදී ද චෙන්නායි සුපර් කිංග්ස් ට පරාජයට මුහුණදීමට සිදුවිය. එතැන් සිට චෙන්නායි සුපර් කිංග්ස් ක්‍රීඩා ලෝලීන්ට සුරේෂ් ‍‍රෙයිනා ඉතා ඉක්මනින් නැවත කණ්ඩායමේ දැකීම අත්‍යාවශ්‍ය කරුණක් විය.

නායකත්වයට ඇඟිලි ගැසීම ගැන ජඩේජා දෝනිට දෝස් මුරයක් එල්ල කළේ මේ අතරය. මම නායකයා නම් ඇයි බලහත්කාරයෙන් තීරණ ගන්නේයැයි ජඩේජා පැවැසීය.

සියලුම කණ්ඩායම් ශක්තිමත්ව ඉදිරියට යන තැනේ දී එනම් මෙකී තරග වාරය ආරම්භයේදී ම චෙන්නායි සුපර් කිංග්ස් නායක එම්.එස්. එක් තීරණයකින් සියල්ලන් මවිතයට පත් කළේය.ඒ දෝනි හදිසියේම චෙන්නායි සුපර් කිංග්ස් වෙතින් ඉල්ලා අස්වීමට ගත් තිරණයයි. දෝනි කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්ව යන විට ඔහුගේ නායකත්වයේ වගකීම රවීන්ද්‍ර ජඩේජා අතට පත් විය. නමුත් ආරංචි අනුව නායකත්වයෙන් ඉවත් වුවාට කණ්ඩායම සම්බන්ධයෙන් බොහෝ තීන්දු තීරණ ගන්නේ හිටපු නායක දෝනිය. තරග කරන අවස්ථාවේ ක්‍රීඩාංගණයේ තින්දු තිරණ ගැනීමේ දී ඔහුගේ හැසිරීම ද නායකයකු මෙන්ය. මේ සම්බන්ධයෙන් ද දැන් බොහෝ දෙනෙකු දෝනිගේ මේ හැසිරීම ගැන ප්‍රශ්න කරති.

මේ අතර ඉන්දීය කණ්ඩායමේ හිටපු ක්‍රීඩක අජේ ජඩේජා පවසන්නේ නායකත්වය රවීන්ද්‍ර ජඩේජා අතේ තිබියදී දෝනි මැදට එන්නේ ඇයි ද කියායි. තවද අජේ ජඩේජා දෝනිව විවේචනය කරමින් කියා සිටියේ හිටපු නායකයා තවමත් ඔහුගේ ම කොන්දේසි මත තරගය පවත්වාගෙන යාමට උත්සාහ කරන බවයි.

IPL ආරම්භ වීමට දින දෙකකට පමණ පෙර දෝනි චෙන්නායි සුපර් කිංග්ස් නායකත්වයෙන් ඉවත්ව සියල්ලන් මවිතයට පත් කරලා, ඉන් පසුවයි රවීන්ද්‍ර ජඩේජා කණ්ඩායමේ නව නායකයා ලෙස පත් කෙරුණේ. අජේ ජඩේජා පැවසුවේ මෙය වැරදියි, ඒ ගැන කිසිම සැකයක් නැහැ. මම දැන් දෝනිගේ ලොකුම රසිකයෙක් වෙන්නේ එයාගේ ගතිගුණ නිසා.

දෝනි මේ විදියට වැඩ කරන්නේ අවසන් තරගය නම් හරි වෙනත් තිරණාත්මක අවස්ථාවක නම්, එයාට පාලනය බාර ගැනීමට අවශ්‍ය වනු ඇතැයි මට බොහෝ විට තේරුම් ගත හැකිය. හැබැයි දෙවෙනි මැච් එකේදී ම එහෙම දෙයක් වුනොත් එකේ හොඳක් පේන්නෙ නෑ.

ශ්‍රී ලංකාවේ සුපිරි පා දඟ පන්දු යවන්නා වන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්හි වනිඳු හසරංග වැඩිම දස්කම් දැක්වු ක්‍රීඩකයන් අතර ඉදිරියෙන් ම සිටියි.මේ අතර එංගලන්තයේ අගෝස්තු මස පැවැත්වෙන ද හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලියට සුපිරි දඟ සහ ලොව අංක එකේ විස්සයි20 පන්දු යවන්නා වන වනිඳු හසරංග තෝරාගෙන තිබේ. ඒ මැන්චෙස්ටර් ඔරිජිනල්ස් කණ්ඩායම ස්ටර්ලිං පවුම් ලක්ෂයකට ය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන ම වේග පන්දු යවන්නා වන දුෂ්මන්ත චමීර නියෝජනය කරන්නේ ලක්නව් සුපර් ජයන්ට්ස් ය.මෙතෙක් පැවැති තරග වලදී චමීර විශිෂ්ට දස්කම් දැක්වු අතර ඒ නිසා ම විචාරකයන් රැසකගේ පැසසුමට ලක්විය.ඒ අතරින් හිටපු ඉන්දිය නායකයකු වන සුනිල් ගවස්කාර්ට ප්‍රමුඛ ස්ථානයක් හිමිවෙයි. මේ වනවිට ලොව සිටින දක්ෂත ම වේග පන්දු යවන්නන් අතර චමීර ඉදිරියෙන් ම සිටිනවා, යැයි සනී පැවැසීය.

කිංග්ස් පන්ජාබ් කණ්ඩායමට ක්‍රීඩා කරන බානුක රාජපක්ෂ මෙවර තරගාවලියට එක් වන්නේ කණ්ඩායමේ ඉදිරිපෙළ පිතිකරුවකු සහ කඩුලු රකින්නා ලෙස ය.ඒ අතර විශිෂ්ට ඉනිම් කිහිපයක් ම ක්‍රීඩා කළ බානුක සිය ශාරීරික යෝග්‍යතාව මුල් කරගෙන ශ්‍රී ලංකා ජාතික තේරීම් කමිටුවෙන් එල්ල වු කෙනෙහිළිකම් වලට කදීම උත්තරයක් ලබා දුන්නේය.

 

 

 

Comments