ලංකාව සහ සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැති විස්සයි20 තරගාවලිය සංචාරකයෝ 2-1ක් ලෙස ජය ගත් අතර, එක්දින තරගාවලිය ... ජය ගැනීමට සමත් විය. ඔස්ට්‍රේලියාවේ මෙකී වසර අග පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලානය ජාත්‍යන්තර කණ්ඩායම් අතර ඉදිරියේ තිබෙන ප්‍රබල ම අභියෝගයයි.විස්සයි20 තරගාවලිය අවසානයේ ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි20 නායක දසුන් ශානක මේ පිළිබඳ අදහස් දැක්වීමක් කළේය.
අපේ අඩුපාඩු නැතුව නෙවෙයි,අපි හැම වෙලාවේ ම උත්සාහ කරන්නේ අපිට ලැබෙන හැම තරගාවලියක් ම ඉතාමත් හොඳට අවසන් කර ගන්නයි.පහුගිය ඉන්දිය සහ සිම්බාබ්වේ තරගාවලි දෙක ගත්තත් අපි උපරියෙන් ම හොඳට කළා.පිතිකරුවන්ගේ දක්ෂතා මත තමයි හුඟක් වෙලාවට තරගයක් ඉදිරියට ඇදිලා යන්නේ. මම විශ්වාස කරන දෙයක් තමයි අපේ පිතිකරුවන් හුඟක් හොඳට තරග කරනවා කියලා.
වෙනස හඳුනා ගත යුතුයි
කුසල් මෙන්ඩිස් විකට් රකින්නෙකු ලෙස ඉදිරියට ගන්න තමයි බලන්නේ.තරගයෙන් තරගය වෙනස්, විස්සයි20 ගත්තත් එක්දින තරග ගත්තත් මේ දෙකේ ම තියෙන්නේ රටා දෙකක්.අපිත් තරගයෙන් තරගයට වෙනස් වෙන්න ඔ්නෑ නැත්නම් ගමනක් යන්න අමාරුයි. දුනිත් ගත්තත් එයාට ලොකු චාන්ස් එකක් මේ හම්බ වෙලා තියෙන්නේ.කණ්ඩායම් සංයුතියේ ලොකු වෙනසක් වෙන්නේ නෑ. අපි තරගයකට කොහොමත් යන්නේ පිතිකරුවන් හයයි,තුන් ඉරියව් ක්‍රිඩකයන් දෙන්නයි සහ ඉතිරිය පන්දු යවන්නන් ගෙනුයි.
රෑන්කිංවල උඩට පහළට යන එක සමාන්‍යය දෙයක්.අපි හැම වෙලාවේ ම උත්සහ කරන්නේ රෑන්කිංවල හොඳ ස්ථානයක ඉන්න වගේ ම,එක්දින තරගාවලිය ජය ගෙන ඉදිරියට යන්නයි. විශේෂයෙන් රෑන්කංවල ඉදිරියෙන් ඉන්න ඔස්ට්‍රේලියාව වගේ රටවල් පරාජය කරාම අපට රෑන්කිංවල ඉදිරියට යන්න පුළුවන්.
ජයග්‍රාහී ඉනිම
තුන්වැනි විස්සයි20 තරගයේ ජයග්රාහි ඉනිමක් ක්‍රීඩා කිරීමට ලැබිම ගැන සතුටු වෙනවා.පන්දුවාර තුනකට වගේ ලකුණු ණනක් ලොකු ඉලක්කයක් තමයි.මම චාමිකත් එක්ක කතා කර ගත්තේ පන්දුවාරයකට කොහොම හරි හතරේ පහර තුනක් වගේ ගහන්න ට්‍රයි කරමු කියලා. ඒ අතර ඉතිරි පන්දු තුනට තව ලකුණ දෙක එකතු කර ගත්තොත් අපිට ටාගට් එකට යන්න පුළුවන් කියලා හිතුවා.
තරගයක අපි මුලින් පන්දුවට පහර දෙන කොට සහ දෙවැනියට පන්දුවට පහර දෙන කොට තියෙන වාතාවරණයය වෙනස්, අනික මේ අවස්ථා සංසන්දනය කරන්නත් බෑ.මේ ගැන දැන දැනත් ඒ ප්රශ්නය ම අහන්නේ ඇයි කියලා මට හිතා ගන්නත් අමාරුයි.ඔස්ට්‍රේලියාවේ, ඉන්දියාවේ වගේ විකට් අපට හම්බ වෙන්නේ නෑ.ඒ නිසා විකට් එකට අනුව අපට හැඩ ගැහැන්න වෙනවා.ඉන්දියාවේ විකට් වෙනස් ඔස්ට්‍රේලියාවට යන කොට ඒ විකට් ඊට වඩා වෙනස්, අපේ පන්දු යවන්නෝ පිතිකරුවන් ලබා දෙන ලකුණු ගණන ආරක්ෂා කර ගන්න එක තමයි කරන්න ඕනෑ ලොකු ම දේ එහෙම වුණෝත් විතරයි අපට තරගයක් දිනන්න පුළුවන් වෙන්නේ.
බලපෑම් කරන්නේ නෑ
මම සාමාන්‍යයෙන් කිසිම ක්‍රීඩකයෙකුට බලපෑම් කරන්න යන්නේ නෑ.අපේ ටීම් එකේ ඉන්න හැම ක්‍රීඩකයෙකු ම වගේ වයසින් අඩු ළාබාල අයයි. ඒ අයගේ කාර්යයන් කරගෙන යන්න අපි හැම වෙලාවේ ම උදව් කරන්න ඕනෑ. එහෙම වුණෝත් විතරයි ඔවුන් පීඩනයකින් තොරව ක්‍රීඩා කරන්නේ.
අද තියෙන සමාජ මාධ්‍ය ජාලා හරිම ප්‍රබලයි.අපට අද නිතර ම මෙවත් එක්ක ගැටෙමින් තමයි කටයුතු කරන්න වෙලා තියෙන්නේ. අපි අතිතයට ගිහින් බැලුවොත් මේ වගේ සමාජ මාධ්‍ය ජාලා එදා තිබුණේ නෑ. මේ වගේ සමාජ මාධ්‍ය ජාලා එදා තිබුණා නම් හුඟක් ක්‍රීඩකයන්ට මෙතරම් දිර්ඝ කාලයක් ක්‍රීඩා කරන්න වෙන්නෙ නැති වෙයි කියලා හිතෙනවා.
අපි මේ වෙලාවේ බලන්නේ ක්‍රීඩා කරන තරගාවලිය ඉතාමත් හොඳින් නිමා කර ගන්නයි.ඒ විශ්වාසයෙන් තමයි තරගාවලියකට යන්නේ ,තරගාවලියකට මුහුණ දෙන්නේ.ඒකට හැම කෙනෙකු ම සහාය ඕනෑ වෙනවා. ඒ සහාය ක්‍රීඩකයෙකුට ලබාදීම තමයි වැදගත් වෙන්නේ. ඒකට නායකු විදියට මටත්, මිඩියා විදියට ඔයගොල්ලන්ටත් ලොකු වගකීමක් තියෙනවා.ටීම් එකක් විදියට ඉදිරියට ගෙන යන්නේ කොහොම ද කියලා.
පරදින්න ග්‍රවුන්ඩ් එකට යන්නේ නෑ
අපි තරග කරන්නේ ලෝකයා එක්ක.මේ හැම තරගයක් ම ජාත්‍යන්තර තරග,ඒ තරගවලදි දිනවා වගේ ම පරාජය වෙන්නත් සිද්ධ වෙනවා.අපි හැම වෙලාවේ ම උත්සාහ කරන්නෙ ජය ගන්න තමයි.තරග පරදින්න අපි කිසිම කෙනෙක් ග්‍රවුන්ඩ් එකට බහින්නේ නෑ. හැබැයි අපි හැම වෙලාවේ තරග කරන්නේ ජාත්‍යන්තර තරග අපි ඒක අමතක කරන්නත් හොඳ නෑ.
හැම ක්‍රීඩකයෙකුට ම මේ හැම තරගයක් ම ලොකු පීඩනයක් තමයි.ඒක තමයි ජාත්‍යන්තර තරග කියන්නෙ. මේ පීඩනය දරා ගන්න බැරි කිසිම ක්රීඩකයකුට මෙච්චර දුර එන්න පුළුවන් වෙයි කියලා හිතන්නේ නෑ. ක්‍රීඩකයෝ මේ මේ හැම දෙයක් ම එක්ක ම තමයි ක්‍රීඩාව කර ගෙන යන්නේ.
අපේ රටේ ජනතාව දැන් හැම අතින් ම ලොකු පීඩනයක ඉන්නේ. මිනිස්සුන්ට අත්‍යාවශ්‍ය කිසිම දෙයක් හරියට හම්බ වෙන්නේ නෑ. මේ හැම පීඩනයක් ම දරා ගෙනත් අපෙත් එක්ක ඉන්න ඒකට ගරු කරන්න ඕනෑ.
ලොකු ම වගකීම තේරීම් කමිටුවට
හැම ක්‍රීඩකයෙකු ම අවස්ථාව දෙන්න තමයි අපිත් බලන්නේ. ඊළඟ විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලානය කොහෙද තියෙන්නේ ඒ අනුව තමයි ටීම් එක තෝරන්නෙ.ඒකේ ලොකු ම වගකීම තියෙන්නේ තේරීම් කමිටුවටයි.ඒ අය තමයි තෝරා ගැනිම් කරන්නේ. මේ ක්‍රීඩකයන් මේ මේ ක්‍රීඩකයන් මේ තැන්වල ඉන්න ඕනෑ කියලා. හැම ක්‍රිඩකයකුට ම අවස්ථාව හම්බ වෙනවා.
මම විශ්වාස කරන්නේ අපි දැන් වැඩ කරන්න ඕනෑ ලක ලෑස්ති වෙන්න ඕනෑ විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලානය ඉලක්ක කරගෙනයි.ඊට ගැලපෙන විදියට ටීම් එක හදා ගන්න තැනක තමයි දැන් අපි ඉන්නේ.
විස්සයි20 පිතිකරණය ගැන නම් මට ප්‍රශ්නයක් නෑ. ලෝක කුසලානයට යන ටීම් එක තමයි මේ දවස්වල තරගවලට ක්‍රීඩා කරන්නේ. මේකේ සම්පුර්ණ වගකීම තියෙන්නේ තේරීම් කමිටුව අතෙයි.ටීම් එක තොරන්නේ මම විතරක් ම නෙවෙයි. තේරීම් කමිටුව, පුහුණුකරුවන්, වගේ අයගේ මැදිහත්වීමෙන් තමයි තරගයකට ටීම් එකක් තෝරා ගන්නේ.
එළියට යනවා ද, ක්‍රීඩා සමාජ ද
විශේෂයෙන් අපේ ක්‍රීඩකයන් ව විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලානයට සුදානම් කිරීමේ දී,මෙහේ ක්‍රීඩා සමාජ තරගවලට කරනවා ද,වෙනත් රටවල් එක්ක තරග කරලා ලෝක කුසලානයට යනවා ද කියලා තීරණය කරන්න ඕනෑ.
ක්‍රීඩකයකුගේ වරදක් නායකයා විදියට මට පෙන්නලා දෙන්න පුළුවන්.හැබැයි ඒ ක්‍රීඩකයකුගේ වරදක් මට හදන්න අමාරුයි. .තේරීම් කමිටුව සහ පුහුණුකරුවෝ එකතු වෙලා කණ්ඩායමක් විදියට හරි ක්‍රීඩකයා ගෙන් ක්‍රීඩාකයාට හරි කියලා දිලා හදා ගන්න පුළුවන් වෙයි.තම තමන්ගේ වැරැදි හදා ගන්න ක්‍රීඩකයෝත් හැම වෙලාවේ ම උත්සහ කරන්න ඔ්නෑ.එහෙම වුනෝත් විතරයි අපිටත් ටීම් එකක් විදියට වැරැදි හදා ගෙන ඉදිරියට යන්න හම්බ වෙන්නේ.