සතියේ කවිපොත | සිළුමිණ

සතියේ කවිපොත

කෘතිය - සෙනෙහෙ විල
කර්තෘ- ශ්‍රියා ගනේගොඩ
මිල - රුපියල් 250/= පිටු 54
විමසීම් 0711619626
කර්තෘ ප්‍රකාශනයකි

කොවිඩ් වසංගත කාලයේ නිර්මාණශිලි එහෙත් කාර්යඉහුල ජීවිතයක් ගත කළ ඇත්තන්ට කෙටි විරාමයක් ලැබුණු. කිසි තැනක යනු එනු බැරිව ගත කළ ඒ කාලයේ ඇතැමුන් මහපොළො හා හැප්පෙන විට ඇතැමුන් පොත් කියවීමට මෙන්ම ලිවීමට ඇබ්බැහි වුහ. ඒ කාලයේදී අලුත්ම ලේඛක ලේඛිකාවන් පිරිසක් ද අපේ ලේඛක පරපුර එක්විය. කෙසේ නමුත් ඇතැමුන් කිසිවක් ලියන්නට බැහැ යැයි කියමින් පසෙකට වෙද්දි ඇතැමුන් වෙදාටත් වඩා ලියන්නට කියවන්නට ඇබ්බැහි වුහ.

කොහොම නමුත් ඇය මීට පෙරද සෙනෙහසේ නවාතැන නමින් තම කාව්‍ය සංග්‍රහය එළිදැක්වුයේය. ඉන් කලකට පසු එනම් පසුගිය කොරෝනා කාලයේ ඇය විසින් ලියන ලද කාව්‍ය සංග්‍රහය ‘සෙනෙහෙ විල ‘ නමින් නිකුත් විය.

ගෙවි ගිය කොරෝනා සමය අප කාටත් නුහුරු නුපුරුදු අත්දැකීමක් විය. කුමක් සිදුවේද?, සිදුවෙමින් පවතින්නේ කුමක්දැයි කියාවත් තෝරා බේරා ගන්නට බැරි කාලයක් අප කාටත් ගතරන්නට විය. ඒ සිංහල අවුරුද කාලය මෙන්ම මේ සිංහල අවුරුදු කාලය ද අවිනිශ්චිතය. අවුරුද්දේ පණිවුඩය මුලින්ම ගෙනෙන්නේ කොහාය. කිවිඳිය මේ කියන්නේ කොහාටය. මාතෘකා ‘කොහා සහ කොරෝනා‘.

“රතේ රතට එරබොදු මල් පිපෙන විට

ලිපේ බතක් වෙනා මෙන් ඉදේවිද

සකේ තිබෙනතුරු යහපත සැදේවිද

කොහෝ නුඹත් රට රටවල ගියාවද

තරාතිරම නොබලා ලොව මිනිසුන්නේ

කොරෝනා ඇවිත් මුළු රට කලඹන්නේ

බොහෝ දෙනෙක් දෙන උපදෙස් නොතකන්නේ

අකාගයේ රුදු මරු තුරුලට යන්නේ

කොහෝ ඉතින් උඹටත් දුක හිතෙයි තමා

යන්නට එපා දුරු රට පොඩි පැටව් දමා

මුඩු බිම් යළිත් පලබරවෙයි නැතිව පමා

අවුරුදු නොකෑවට මට වෙනු මැනවි සමා

එසේ ලියන ඇය තවත් විටෙක ලියන්නේ සිඟිත්තියකගේ සිතුවිලි. මේ සිඟිත්තියගේ මව දෙවන දරුවා බලා පොරොත්තුවෙන් සිටින කාලයයි. මව තමන්ට මල්ලි කෙනෙකු රැගෙන එයි. මම ගේ වෙනස්කම් ඇගේ පුංචි හිත නිරීක්ෂණය කරයි. ඇය ඇගේ සිතේ අුැති දෙය තාත්තාගෙන අසන්නට බියය. එවිට ඇය එය කියන්නට සිතන්නේ හඳමාමාටය. ඇගේ සිඟිති සිතුවිලි එහෙට මෙහෙට දුවයි. ඇය කාගෙන්ද අහන්නේ යැයි සිතන ප්‍රශ්නය ටික කලකින් ඇයටම උත්තර ලැබෙයි. පවුලට එක්වූ නව සාමාජිකයා දැරිය පිළි ගන්නේ ආදරයෙනි. සිඟිත්තියගේ සිතුවිලි එක්කොට කිවිඳිය විසින් පද එක්තැන් කළ කවි පෙළකි මේ. එය නම් කොට ඇත්තේ ‘පුංචි දෝණි තනිකමට කියන කවි‘ යනුවෙනි.

ඉද්ද ගහ යට පුංචි දෝණී ඉරට මොනවද කියනවා

බබෙක් නෑ තව අම්මා කිව්වට නෙතට කඳුළුත් උණනවා

අප්පච්චිගෙන් අහල බැලුවොත් බණිවීද බය හිතෙනවා

බැද්ද ඉහළින් පායනා සඳ මාමටත් මම කියනවා

හඬන තරමට ගෙදර සේරම මල්ලි ගාවට දුවනවා

නළවගනනත් බැරිව විටෙකදි අම්මා කඳුළැලි සලනවා

දෝණිටත් ආදරෙයි අපි කිය කියා මගෙ මුව සිඹිනවා

මමත් මල්ලිත් ලොකු වෙලා අම්මලගෙ දුක සැප බලනවා

ඇගේ නිර්මාණ වලට විවිධ විෂය මාතෘකා වෙයි. ඇය කවි ලියන්නේ ගැහැනියක්, මවක්, යන තැන සිටය. විවිධ මාතාකා යටතේ ලියැවුණ කවි ගණනාවක්ම අපට මෙහිදි හමුවේ. නමදු මෙහි එන ඇතැම් කවි ඇයටම පමණක් සිමාවී ඇත. ඇගේ ඉදිරි නිර්මාණ කරණයේදී ඒ තත්වයෙන් බැහැර වී සැමට එක්ක පොදුවේ රසවිදීමට හැකි නිර්මාණ එළිදක්වන්නේ නම් ඇය වඩාත් සාර්ථක කිවිඳියක් වනු ඇත.

Comments