පොත් පුවත් | සිළුමිණ

පොත් පුවත්

යුද්ධයේ කඳුළ ‘ජෙගන්’

කෘතිය - ජෙගන්
කර්තෘ - නිලංක ඇලෙක්සැන්ඩර්
මිල - රුපියල් 400/= පිටු 118
nilankaalexander78@gmail.com
ඇගැල්මා ප්‍රකාශනයකි

කලක් අප යුද්ධයෙන් පීඩා විදිමු. ඒ කාලයේදී මිනිසුන් විදි පීඩාවන් පදනම් කරගනිමින් සිංහල දෙමළ තරුණ තරුණියන්ගේ හැඟිම් දැනීම් එක්කර ලියැවුණ ‘ජෙගන්‘ අපේ රටේ තවත් එක් යුගයක් ගැන යැයි කිවහැකිය.

83 කළු ජූලිය, දකුණේ තරුණයන්ගේ සන්නද්ධ අරගල කාලය, යුද්ධයේ අවසානය ආදි වූ සිදුවිම් මත පදනම් වෙමින් ලියූ කෙටි කතා කතා කිහිපයක් ‘ජෙගන්‘ හී ඇතුළත් වේ.

 


දැරියන්ගේ අපූරු වික්‍රම

කෘතිය - මැලෝරි ටවර්ස්හි සීත සමය
කර්තෘ - චිත්‍රා අමරසේකර
මිල - රුපියල් 750/= පිටු 265
විමසීම් - 071 8163177
සමයවර්ධන පොත්හල

‘අධ්‍යාපනයට වඩා ජීවිතයට එකතු කරගතයුතු දෑ බොහෝය‘ යන්න තේමා කොට ගනිමින් ලියැවුණ යොවුන් නවකතා පෙළක තවත් පොතකි මේ. ලෝක ප්‍රසිද්ධ කතුවරියක වන ඉඩ්නි බ්ලයිටන් විසින් රචිත කතා පෙළෙහි නව වන පොත මැලෝරි ටවර්සහී සීත සමය ලෙසින් චිත්‍රා අමරසේකර ලේඛිකාව විසින් සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත. සීත සමයේදී දැරියන් විසින් ඒ සීත සමය ගෙවා දමන අයුරුත් ඔවුන්ගේ පාසල් ජීවිතයත් මේ කෘතියට තේමාව වී තිබේ.

 


අතීතයෙන් වර්තමානයට ලියූ කෙටිකතා

කෘතිය - මතකයේ රැඳුණු රාත්‍රියක්
කර්තෘ - සිසිල් සමරසිංහ
මිල - රුපියල් 400/= පිටු 96
විමසීම් -සමයවර්ධන පොත්හල

සුන්දර සිතුවිලි සහ කල්පිතසිතුවිලිත් එකට ගළපා ගනිමින් 1969 , 1970 කාල වකවානුව පාදක කොට ගනිමින් ලියන ලද කෙටි කතා කිහිපයක් ‘මතකයේ රැඳුණු රාත්‍රියක්‘ කෘතියේ ඇතුළත්ය. සිසිල් සමරසිංහ ලේඛකයා මින් පෙරද කෘති දෙකක් රචනාකොට ඇත. ඒ බුලත් අතේ උපත හා කඳුකරයේ අසිරිමත් කිරි මුහුද ය. ජීවිතයේ විවිධ හැළහැප්පිම්, පුද්ගල සබඳතා, ආදරය ප්‍රේමය ආදිය සම්බන්ධ වීමෙන් මේ කතා ගොඩනගා තිබේ.

 


කඳුකර ජීවිතය ගැන කියන සාමිමලේ

කෘතිය - සාමිමලේ
කර්තෘ - සුජිත් ප්‍රසංග
මිල - රුපියල් 350/= පිටු 144
විමසීම් - 071 2871768
සරසවි ප්‍රකාශනයකි

සුජිත් ප්‍රසංගගේ නවතම කෘතිය සාමිමලේ ය. වතුකරයේ ජීවත් වූ දෙමළ පවුලක් පසුබිම් කරගනිමින් ලියැවී ඇති මේ නවකතාව ලියැවී ඇත. ලැයිමක ජීවත් වෙමින් කන්ද කොයිවෙලේ වැස්සට නාය යාවිදැයි සිතා ගන්නට බැරිව ළතැවෙන මිනිසුන් හා ඔවුන්ගේ දරුවන් ඉන් එහා බිමක් සොයා යන්නට දරන උත්සාහයක් ලෙසින් ලියැවී ඇති කතාවකි සාමිමලේ.

 


සිනමා ලොවේ රස තොරතුරු

කෘතිය - රසදෝත
ප්‍රධාන කර්තෘ - ඇන්ටන් සමන්ප්‍රිය මිල රුපියල් 100/= පිටු 32
විමසීම් - 076 9403222
මීඩියා විෂන් ප්‍රකාශනයකි

ඇන්ටන් සමන්ප්‍රිය විසින් ප්‍රධාන කර්තෘත්වය දරමින් ඉදිරිපත් කරන රසදෝත දෙමාසික සිනමා සඟරාවේ තුන්වන කලාපය දැන් නිකුත් වී ඇත.

මෙවර කලාපය වෙන්වී ඇත්තේ මෙරට අසහාය නළු විජයකුමාරණතුංගයන් පිළිබඳ ය. ඔහුගේ ජීවන තොරතුරු මෙන්ම, ඔහු රඟපෑ චිත්‍රපටත් මෙහි අඩංගුය. අප අතරින් වෙන්වු ගුවන් විදුලි නිවේදිකාවක වන කුසුම් පීරීස්, නැසී ගිය ජනප්‍රිය නිවේදක ප්‍රේම කිර්තීද අල්විස් ආදි ගැන මෙන්ම තවත් රසබර තොරතුරු රැසක් මෙහි අඩංගුය.

 

Comments