දිවිබර සමඟ පදක්කම් වෙනුවෙන් යකඩෙන් බර ඔසවන්නිය ශ්‍රීමාලි | Page 3 | සිළුමිණ

දිවිබර සමඟ පදක්කම් වෙනුවෙන් යකඩෙන් බර ඔසවන්නිය ශ්‍රීමාලි

 

'ශ්‍රීමාලී සමරකෝන් පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලියේ දී රන් පදක්කමක් දිනා ගත්තා ය. ඒ සඳහා ඇය එසවූ බරට වඩා දැඩි ජීවන බරක් උසුලන ශ්‍රීමාලිගේ ජීවිත කතාවෙන් බිඳකි මේ.'

ශ්‍රීමාලි සමරකෝන් කාන්තා කිලෝ ග්‍රෑම් 45 බර පන්තියෙන් උස්බෙකිස්තානයේදී අවසන් වූ ලෝක ශූරතා සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලියේ දී රන් පදක්කම් දිනාගත්තා ය. ඇය දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තිඹලව ග්‍රාමයෙන් ලක් කෙළිබිමට එක්වන්නියකි. අනේක විද දුක් ගැහැට විඳිමින් ලොව දිනූ ඒ දිරිය දියණියගේ කතාව සියල්ලෝ දැන සිටිය යුතු එකකි. එය ධෛර්ය සම්පන්න භාවයට කදිම කතාංගකයකැයි කිව හැකි ය.

ශ්‍රීමාලි උපන්නේ ගොවි පවුලක ය. මඩ සෝදා-ගත් පසු ගොවියා රජකමටත් සුදුසු යැයි කීවාට ඔවුනට ලැබුණේ දරිද්‍රතාවයෙන්, දුෂ්කරත්වයෙන් පිරි ජීවිතයකි. එහෙයින් ගොවි බිමෙන් ලැබෙන යමකින් සිය පවුල නඩත්තු කළ නොහැකි යැයි තීරණය කළ ඔවුහු තමන්ට පාරම්පරිකව හිමිව තිබූ කුඹුරක් උකසට තබා කිරි ගවයන් දෙදෙනෙකු මිලයට ගත් හ. ඒ තම දියණියන් දෙදෙනාගේ අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙනි. දිවා රෑ නොබලා ශ්‍රීමාලිගේ පියා වන ආර්.එම්.ඩබ්ලිව් සමරකෝන් හා මව වන ඩී.එම්. සුනේත්‍රා ජීවිතය ගැටගසා ගන්නට දරන්නේ අපමණ වෙහෙසකි. ඒ තම දරුවන් තමන්ට යා නොහැකි වූ ලෝකය දිග්විජය කරාවි යැයි අපේක්ෂාවෙනි.

'මගේ මහත්තයා හදවත් රෝගයකින් පෙළෙ-නවා. ඒ නිසා ලොකු බර වැඩක් කරන්න බෑ. නමුත් දරුවන්ගේ අධ්‍යපනය වෙනුයෙන් හා පවුලේ පැවැත්ම වෙනුවෙන් ඔහුට හැකි උපරිමයෙන් එයා වැඩ කරනවා. අපිට ඉන්න දරුවන් අතරින් ශ්‍රීමාලි පුංචි සන්ධියේ ඉඳලාම බර ඉසිලීමේ ක්‍රීඩාවට කැමැත්තක්

දැක්වූවා. මේ බව අපි දැනගත්තෙ හබරන ඉසුරු පාසලේ ගුරු දෙවිවරුන් නිසා. ඒ වගේම මහනුවර මහමායා විද්‍යාලයේ ගුරු දෙවිවරුන් තමයි ශ්‍රීමාලිගේ බර ඉසිලීමේ දක්ෂතාවයන් හඳුනාගෙන ඇගේ ක්‍රීඩා ජීවිතය පවත්වාගෙන යන්න අපට බොහෝ උපකාර කළේ. මේ සිදුවීම් එක්ක අපිට අපේ දුවගේ අනාගතය ගැන ලොකු විශ්වාසයක් ඇති වුණා. එයා කවදාහරි අපිට බැරි දෙයක් රට වෙනුවෙන් කරාවි කියලා අපි හිටියේ දැඩි විශ්වාසයකින්. ඒ නිසා බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න අපි ඇයට මානසිකව හයියක් වුණා.' යැයි ශ්‍රී මාලිගේ මව 'ක්‍රීඩා' හා පැවසුවා ය.

එහෙත් තමන්ගේ පවුලේ ආර්ථික දුෂ්කරතා වෙනුවෙන් ඔවුන් ගත් අභියෝගාත්මක තීන්දුවක් ගැන ද ඈ මෙලෙස හෙළිදරව් කළා ය.

'කුඹුරු වැඩ කරන්නත් අමාරු නිසා දියණි-යන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් අපි අපිට පාරම්පරිකව අයිති වෙලා තිබුණු කුඹුරු කෑල්ල උකස් තියන්න තීරණය කළා. ඇත්තටම ඒක යෝජනා කළේ අපේ ලොකු පුතා. ඒ රුපියල් ලක්ෂ තුනකට. ඒ මුදලින් කිරි හරක් දෙන්නෙක් මිල දී ගත්තා. ඒ කිරි අම්මාවරු දෙදෙනා තමයි මගේ මේ දුවගේ ජයග්‍රහණයේ ශක්තිය, කිරි අම්මාවරු අද රටට ගෞරවයක් ගෙනත් දෙන්න අපේ දියණියට පිහිට වෙලා තිබෙනවා. අපිට අපේ මේ කිරි හරක් දෙදෙනා රටක් රාජ්‍යයක් වගේ. අපි ඔවුන්ව පෝෂණය කරනවා වගේම දෙගුණයක් වෙහෙසිලා ,ලේ කිරි කරලා ඔවුන් අපිව පෝෂණය කරනවා.' ඇය කීවා ය.

ගමේ උපකාර

'පසුගිය කාලේ තරගවලට ඉදිරිපත් වෙන්න උවමනා වුණාම අපේ ගමේ උදවිය තම තමුන්ට පුලු පුළුවන් විදිහට මුදලින් උදවු කළා. ඒ වගේම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැල් ගානේ ගිහිල්ලා දුවට සල්ලි එකතු කරලා දෙන්නත් මම පසුබට වුණේ නෑ. අම්මා කෙනෙකු ලෙස මට මගේ දුව වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම මම කළා. මම මුලින්ම මේ ජයග්‍රහණය දුරකථනයෙන් දැනගත්ත මොහොතේ මට ඉහේ මලක් පිපුන වගේ දැනුණා. අනේ මගේ කෙල්ල දුක දිනා රටට ජයග්‍රහණයක් අරගත්තා නේද කියලා මට සතුටු හිතුණා.' ශ්‍රීමාලි සමරකෝන්ගේ මව ආර්.එම්.ඩබ්ලිව්. සුනේත්‍රා තවදුරටත් පැවසී ය.

මෙම සාකච්ඡාවට එක්වූ ශ්‍රීමාලිගේ පියා ද මෙලෙස අදහස් දැක්වීය.

'ගොවිතැනෙන් තමයි අපේ දිවිය රැකුනේ. හදිසියේ මට හදවත් රෝගයක් වැලඳුණා. දැන් අපි කිරි ගවයින් දෙන්නෙක්ගෙන් ජීවත් වෙන්නේ. තණකොළ ටික කපලා මේ හරකුන් දෙන්නා පෝෂණය කරලා ගන්න කිරි ටිකෙන් තමයි ජීවි-කාව උපයා ගන්නේ. අපේ දුප්පත්කම අපි ළඟ පීඩා දෙද්දී අපේ දරුවෙක් ලෝකය ජයගත්තා නේද කියලා දැනෙද්දී අද අපිට සතුටු වෙන්න පුළුවන්.

පුංචි කාලේ දුව බර උසුලන ක්‍රීඩාවට ඇතුළු කළාට එයාට සපත්තු දෙකක්වත් තිබුණේ නැහැ. එයා තරගවලට එක් වුණේ සපත්තු දෙකක් නැතුව. ඒ වගේම විවිධ ජයග්‍රහණ ලබන කොට එයාගේ ගුරුවරයා තමයි දුවව උනන්දු කළේ. අපට ඒ බව කවදාවත් අමතක කරන්න බෑ. 2003 වසරේ දුව ලැබූ ජයග්‍රහණයත් සමඟ මේ රටේ ජනමාධ්‍ය ආයතන ගොඩක් දුව ගැන කතා කළා. ඒ නිසා බොහෝදෙනෙක් දුවටත් පාසලටත් බර ඉසිලීමේ ක්‍රීඩාව නංවන්න විවිධා-කාරයෙන් උදවු උපකාර කළා. අපිට මෙම තරගයෙන් ජයග්‍රහණයක් හි-මිකර ගැනීමට හැකි වෙයි කියලා විශ්වාසයක් තිබුණේ නෑ. විශේෂයෙන් රන් පදක්කම ලැබෙයි කියලා කොහෙ-ත්ම බලාපොරොත්තු වුණේ නෑ. කොහොම උණත් 2015 වසරේ දුව රිදී පදක්කමක් දිනාගත් නිසා අපට පුංචි බලාපොරොත්තුවක් තිබුණා.

ඒ වගේම මේ ජයග්‍රහණය පිටිපස්සේ සෙවණැල්ලක් බඳුව සිටින මිනිසා තමයි නදික බණ්ඩාර ගුරුතුමා. එයාගේ පවුලේ කෙනෙකුට වගේ තමයි මගේ දුවටත් එයා හැමදාම සැලකුවේ.

මගේ දුව රන් පදක්කමක් දිනුව කියා අපි දැනගත්තේ මගේ පොඩි දෝණිට එවල තිබුණු කෙටි පණිවිඩයකින්. හවස ප්‍රවෘත්ති බලලා තමයි එය සත්‍යයක් කියා තහවුරු වුණේ.' යැයි කීවේ ශ්‍රීමාලිගේ ආදණිය පියා ඩී.එන් සමරකෝන් මහතා ය.

සරසවි සිසුවියක්

ශ්‍රී ලංකා මාතාව රනින් බැබළ වූ ශ්‍රීමාලි සමරකෝන් හබරණ මහා විද්‍යාලයේන් මූලික අධ්‍යාපනය හදාරමින් සිටියදී උසස් පෙළ අධ්‍යාපනය සඳහා මහනුවර මහමායා විද්‍යාලයට ඇතුළත්වීමට අවස්ථාව හිමි රග ත්තා ය. එහිදී බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් දක්ෂතා දක්වමින් සිටි ඇය අධ්‍යාපනයේ දී උසස් පෙළ කඩඉම ජයගනිමින් මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුළත්ව අධ්‍යාපනය ලබමින් සිටින්නී ය. ක්‍රීඩා-වට හා අධ්‍යාපනයට එකසේ හපන් ශ්‍රීමාලිගේ

ක්‍රීඩක කතාව මෙරට බොහෝ යෞවන යෞව-නියන්ට ආදර්ශයකි.

ගීෂා මුණසිංහ

 

 

 

Comments