
ඕනෑ ම විෂයක ප්‍රසිද්ධ වන්නට යම් කිසි පිරිසකට වාසනාව හිමි ය. එහෙත් එවැනි වාසනාවන්තයන් අතර ලෝකයේ පළමු වැනියකු වන්නට හැකි වන්නේ ඉතාමත් සීමිත පිරිසකට පමණ ය. ක්‍රීඩාවේ පළමු වැනියකු වීම වඩා දුර්ලභ ය. අදින් අවසන් වන ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අතරතුර ලෝකයේ පළමු වැනියා වන්නට මෙරට ක්‍රිකට් ක්‍රීඩකයකුට ද හැකියාව උදාවිය. මේ ඒ සමඟින් සිහිපත් වන ලොව පළමු වැනියා වීමේ වංස කතාව ගැන ය.'
පසුගිය දා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නව-තම විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීමේ පන්දු යවන්නන් අතර, පළමු තැනට පැමිණීමට ඔහුට හැකියාව උදාවිණි. එය අසුරු සැණක් සේ ඇතිවී නැතිවී ගිය ද ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් සිය ගණනක් අතරින් පළමු වැනියා බවට පත්වන්නට හැකියාව උදාවීම සුවිශේෂී කරුණකි. එය පෞද්ගලික ව ඔහුට මෙන් ම රටක් වශයෙන් ශ්‍රී ලංකාවට ද වඩා ශක්තිමත් ක්‍රිකට් ප්‍රතිරූපයක් ගොඩනැංවීමට හේතු සාධක විය.
ඔහු අන් කවරකුවත් නොව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ අලුත්ම තුන් ඉරියව් වීරයා සේ සැලකෙන වනිඳු හසරංග ය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අන්තර්ජාතික ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි එවන් දස්කමක් ප්‍රකට කළ පස් වැනි පන්දු යවන්නා වන්නේ ඔහු ය. ඒ අනුව අන්තර්ජාතික ටෙස්ට් සහ එක්දින ශ්‍රේණිගත කිරීම් හි පළමු වැනියා බවට පත්වන්නට මුත්තයියා මුරලිදරන්
සමත් වීම එහි පළමු අවස්ථාව ය. එමෙන් ම අන්තර්ජාතික එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව චමින්ද වාස්ට සහ නුවන් කුලසේකරට ප්‍රථම ස්ථානය හිමිවද්දී අන්තර්ජාතික විස්සයි20 ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව පළමු තැන හිමි කර ගැනීමට අජන්ත මෙන්ඩිස්ට හැකියාව ලැබිණි.
ඒ අනුව පසුගිය දා නිකුත් වුණු නව-තම ජාත්‍යන්තර විස්සයි20 ශ්‍රේණිගත කිිරීම් අනුව පළමුවැනි තැනට පැමිණීමට වනිඳු හසරංග සමත්ව ඇත. එහි විශේෂත්වය වනුයේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු මෙම දස්කම පෑවේ වසර 10 ක ට පමණ පසුව වීම ය.
පළමු වැනියා වූ පළමු වැනියා
මුත්තයියා මුරලිදරන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පළමු වැනියා වූ පළමු වැන්නා ය. එක්දින තරග රටාවේ අවස්ථා 2 ක දී සහ ටෙස්ට් තරග රටාවේ අවස්ථා 4 ක දී ඔහු මෙලෙස ලොව පළමු තැන හිමි කර ගෙන තිබේ.
එක්දින තරග අංශයෙන් ඔහු එම දස්කම දක්වා ඇත්තේ 2000 සහ 2001 වසරවල දී ය. ජාත්‍යන්තර ටෙස්ට් තරග අංශයෙන් 2003, 2007, 2008 සහ 2010 යන වසරවල දී මුරලි ලොව අංක එකේ පන්දු යවන්නා ලෙස අබිසෙස් ලබා තිබේ. මේ අතර ටෙස්ට් අංශයෙහි ලොව ඉහළ ම ප්‍රසාද ලකුණු ලබාගත් ලැයිස්තුවෙහි සිව් වැනි ස්ථානය
හිමිව ඇත්තේ ද මුත්තයියා මුරලිදර-න්ට ය. ඒ 2007 වසරේ දී ප්‍රසාද ලකුණු 920 ක් හිමි කර ගනිමිනි. ජාත්‍යන්තර
ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල දී මෙන්ම අනතර්ජාතික එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල දී ද ලොව පළමු වැනි තැනට පත් වූ පළමුවන ලාංකීය පන්දු යවන්නා වන්නේ මුත්තයියා මුරලිදරන් ය.
එක්දින පිිටියේ පළමුවැනියා වූ චමින්ද වාස්
2004 වසරේ එක් කාර්තුවකදී චමින්ද වාස් අයි.සී.සී එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පළමු තැනට පත් විය. 2004 – 04- 24 වනදා නිකුත් කළ ශ්‍රේණිගත කිරීම් අනුව වාස් ලොව එක්දින පන්දු යවන්නන් අතර පළමු තැන හිමි කරගෙන තිබුණි. එවන් දස්කමක් පෑ ශ්‍රී ලංකාවේ පළමුවන වේග පන්දු යවන්නා ලෙසද වාස් එදා වාර් තා පොත් අතරට එක් විය.
කාර්තුවක් පුරා පළමු තැන දිනූ කුලසේකර
නුවන් කුලසේකරද අන්තර්ජාතික එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි පන්දු යවන්නන් අතර තරග කාර්තුවක් පුරා පළමු තැන රැකගත් සුපිරි ශ්‍රී ලාංකික වේග පන්දු යවන්නෙකි. ඔහු එම දස්කම දැක්වූයේ 2009 වසරේ දී ය.
කුලසේකරට මෙම අවස්ථාව හිමි වුණේ අයි.සී.සීය විසින් 2009 – 09 – 07 දින නිකුත් කළ ශ්‍රේණිගත කිරීම් අනුවය.
තෙවැනියා අජන්ත මෙන්ඩිස්
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විස්සයි20 පන්දු යැවීමේ අංශයේ 2011 වර්ෂයේ පළමු තැන හිමි කර ගනු ලැබූවේ අජන්ත මෙන්ඩිස් ය. අන්තර්ජාතික විස්සයි20 ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි, පන්දු යවන්නන් අතර ලොව පළමු තැන හිමි කර ගත් පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ ඔහු ය.
ඉතා ම කෙටි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා ජීවිතයකට හිමිකම් කියන අජන්ත මෙන්ඩිස් එම කෙටි කාලය තුළ අසමසම ක්‍රිකට් වාර්තා රැසකට ද හිමිකම් කියා තිබේ.
අලුත් ම සාමාජිකයා වනිඳු
ජාත්‍යන්තර විස්සයි20 පිටියේ පළමු වැනි තැන දිනාගත් මෑත කාලීන පළමු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා වනිඳු හසරංග ය. ප්‍රසාද ලකුණු 776 ක් ලබා ගෙන ඔහු මේ වන විට ලොව පන්දු යවන්නන් අතර පළමු තැන රැඳී සිටියේ ය. 2021 නොවැම්බර් මස 2
වන දා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්-සිලය ඉදිරිපත් කළ නවත ම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඔහු මෙම කිරුළ හිමි කර ගෙන තිබේ. මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී වනිඳු දැක් වූ සුපිරි දස්කම් මෙලෙස ශ්‍රේණි සටහනේ පෙරමුණට පැමිණීමට හේතු වූ අතර ඔහු එම තරගාවලියේ දී කඩුලු ත්‍රිත්වයක් ද දවා ගනිමින් දක්ෂතා දැක්වූයේ ය. ශ්‍රී ලංකාව වෙනුවෙන් අයි.සී.සී. ශ්‍රේණිගත කිරීම්හි පළමු තැනට පත් වූ ළාබාලතම ක්‍රීඩකයා වන්නේද වනිඳුය.
පසිඳු මිහිරාන් රැටියල