ලොව පුරා කොවිඩ් මරණ ලක්ෂ 14 ඉක්මවයි | Page 11 | සිළුමිණ

ලොව පුරා කොවිඩ් මරණ ලක්ෂ 14 ඉක්මවයි

ලොව පුරා සිදුව ඇති කොවිඩ් - 19 මරණ ගණන ලක්ෂ 14 ඉක්මවා ගොස් තිබේ.
 
ලෝකයේ රටවල් 218 කින් කොවිඩ් මරණ වාර්තා වන බව දත්ත අනුව පැහැදිලි වේ.
 
කෙසේ වෙතත් 23 වැනි දින පසුගිය දින කිහිපයට සාපේක්ෂව ලොව පුරා සිදුව ඇති දෛනික මරණ සංඛ්‍යාවේ අඩුවක් පෙන්නුම් කරන අතර, එම සංඛ්‍යාව 7,951ක් ලෙස දැක්වේ.
 
මේ අතර, වැඩිම මරණ සංඛ්‍යාවක් අමෙරිකාවෙන් වාර්තා වන අතර, එය 263,687 කි.
 
මීට අමතරව ඉන්දියාව, බ්‍රසීලය සහ මෙක්සිකෝව යන රටවලින් ලක්ෂය ඉක්මවූ මරණ ගණනක් මේ වනවිට වාර්තාවී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

Comments