
කොවිඩ් 19 රෝගය පතුරුවන කොරෝනා වයිරසය දැන් දැන් පාලනය වනු ඇතැයි, නැතහොත් එන්නත් මඟින් පාලනය වනු ඇතැයි, එන්තත් මඟින් පාලනය වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු බොහෝ දෙනා විශ්වාස කළහ. එහෙත් දැන් සිදුවන සිදුවීම් අනුව පෙනී යන්නේ කොවිඩ් වයිරසය කිසිසේත්ම පාලනය වී නොමැති බවයි. ඒ වෙනුවට වයිරසය නව වයිරස ප්‍රෙභ්ද සාදමින් තවදුරටත් මිනිස් වර්ගයා ගිල ගනිමින් සිටින බවයි.
මේ වන විට ඉන්දියාවෙන් ආරම්භ වූ වයිරසයේ ඩෙල්ටා ප්‍රෙභ්දය මුළු ලොව පුරාම අති දරුණු ලෙස පැතිර යමින් තිබේ. විශේෂයෙන්ම ආසියාව මේ වන විට ඩෙල්ටා ප්‍රෙභ්දයේ දරුණු ග්‍රහණයට නතු වී අවසන්ය. ඉන්දියාව, පකිස්තානය, මෙන්ම ඉන්දුනීසියාව, පිලිපීනය, මියන්මාරය වැනි රටවල් ගත වන මොහොත වන මිට අති දරුණු වාතාවරණයකට මුහුණ දෙමින් සිටී. කලක් ඇමරිකාවට, බ්‍රසීලයට හිමිව තිබූ කොවිඩ් මරණ වාර්තා දැන් වන විට අයත්ව ඇත්තේ ආසියානු රටවලටය. ඔස්ට්‍රේලියාවද ඩෙල්ටා ප්‍රෙභ්දය හේතුවෙන් නගර කිහිපයක්ම වසා දැමීමට කටයුතු කර තිබේ.
පිලිපීනය
පිලිපීනයේ පළාත් 17න් 13ක්ම මේ වන විට ඩෙල්ටා ප්‍රෙභ්දය විසින් ග්‍රහණයට නතු කරගෙන සිටින අතර තත්ත්වය පාලනය කිරීමට එරට රජය හැකි සෑම උත්සාහයක්ම දරමින් සිටින බව පැවසේ. පසුගිය ඉරිදා දිනයේදී පිලිපීනයෙන් කොවිඩ් මරණ 287ක් වාර්තා වූයේ ආසාදිතයන් දසදහසකට ආසන්න සංඛ්‍යාවක්ද සමඟිනි. මෙලෙස ආසාදිතයන් සහ මරණ විශාල වශයෙන් ඉහළ යන වාතාවරණයක මිලියන 14ක් ජනතාව වාසය කරන මැනිලා නගරය වසා දැමීමට පිලිපීන රජය කටයුතු යෙදීය. නගරය වසා දමා ඇති වාතාවරණය තුළදීද එන්නත් ලබා දීමට පිලිපීන රජය කටයුතු යොදමින් සිටින අතර දහස් ගණන් ජනතාව එන්නත් පෝලිම්වල පසුවනු දැකගත හැකිවී තිබේ.
මීට පෙර පිලිපීන ජනතාව එන්නත් ලබා ගැනීමට දැඩි සේ පසුබට වූ අතර ජනාධිපති රොඩ්රිගෝ ගුයිටරේස් පවසා සිටියේ එන්නත් නොලබන ජනතාව සිරගත කරන බවයි. එහෙත් වයිරසය දැඩි සේ පැතිර යෑමත්, මරණ වැඩිවීමත් සමඟ ජනතාව කිසිඳු පෙරැත්තයකින් තොරව එන්නත් ලබා ගැනීමට පෝලිම්වල පසුවනු දැක ගත හැකිවී තිබේ.
ඉන්දුනීසියාව
ජනගහනයට සාපේක්ෂව ලෝකයේ වැඩිම කොවිඩ් මරණ අනුපාතය පසුගිය සතියේදී ඉන්දුනීසියාවෙන් වාර්තා වූයේ ද එරට තුළ ඩෙල්ටා ප්‍රෙභ්දය දැඩිසේ පැතිර යෑම ආරම්භ වීම හේතුවෙනි. මේ සමඟින් ආසන්නයේ පිහිටා ඇති ෆිජී රාජ්‍යයේද දැඩි සේ කොවිඩ් පැතිර යෑම සිදුවෙමින් පවතින අතර ලෝකයේ වැඩිම කොවිඩ් මරණ අනුපාතයද මේ දෙරටින් වාර්තා වෙමින් තිබේ. නවසීලන්තය ඇතුළු රටවල් රැසක් ඉන්දුනීසියාව සහ ෆිජි රාජ්‍යයට සංචාරක සීමා පනවා ඇති අතර ෆිජී හි දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 24,000 ඉක්මවා වාර්තා වෙමින් තිබේ. මේ තත්ත්වය යටතේ ගත වී යන මොහොතේ ලෝකයේ කොවිඩ් මර්මස්ථානය ඉන්දුනීසියාව බව තහවුරු කර තිබේ.
තත්ත්වය තවත් බැරූරුම් වන්නේ ඉන්දුනීසියාව ආශ්‍රිතව තවත් ප්‍රෙභ්දයක් වර්ධනය වෙමින් පවතින බවට විද්‍යාඥයන් සිදුකරන අනුමානයන්ද සමගිනි. තවමත් ඒ පිළිබඳ පර්යේෂණ සිදුකෙරමින් පවතින අතර ඇතැම්විට එක් ප්‍රබේධයකට වඩා වැඩි සංඛ්‍යාවක් මතුවිය හැකි බවටද අනුමන කර තිබේ.
පසුගිය වසරේදී ද වයිරසයේ දරුණු ප්‍රහාරයකට ඉන්දුනීසියාව මුහුණ දුන් අතර වයිරසයේ දෙවැනි රැල්ලට එරට මුහුණ දුන්නේ මේ වසරේ ජූනි මාසයෙන් පසුවය. මේ වන විට රටතුළ ඔක්සිජන් හිඟයකට මුහුණ දෙමින් සිටින ජනතාව රෝහල් පහසුකම් අවම වීමෙන්ද තවත් අපහසුතාවන්ට පත්වෙමින් සිටින බව වාර්තා වේ.
මේ අතර ඉන්දුනීසියාවේ ජනාකීර්ණ ප්‍රදේශවල දැඩි ලෙස කොවිඩ් පැතිර යමින් පවතින බැවින් ජනතාව ආහාර ඇතුළු භාණ්ඩ හුවමාරු කර ගැනීම සඳහා ඉවත දමන අබලි භාණ්ඩ යොදමින් රොබෝවරු ආදිය නිපදවමින් සිටිති. වංසගත බිය, මරණ බිය අතර තව අදහස් මතු කරමින් පවතින අඳුර තුළ වුවුද එළිය දැකීමට මිනිසා සමත් වන අන්දම සැබවින්ම ප්‍රශංසා කළ යුතු තරම්ය.
උතුරු
ඇමරිකාව සහ යුරෝපය
ඇමරිකාව මේ වන විට වයස අවුරුදු තිහට අඩු අයට එන්නත් ලබා දෙමින් සිටින නමුත් සමස්ත ඇමරිකානු ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරමින් සිටින බව වාර්තා වේ. ඒ හේතුවෙන්ම තවතවත් ආසාදිතයන් වාර්තා වෙමින් තිබෙන අතර ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව එන්නත ප්‍රතික්ෂේප කිරීම යනු තවත් ප්‍රශ්න රැසකට අත වැනීමකි. එවැනි පුද්ගලයන් ආසාදනය වීමෙන් වයිරසයට තව තවත් නව ප්‍රබේධ නිපදවීමට හැකියාව ලැබෙන බවත්, ඒ අනුව අනාගතයේදී එන්නත් සඳහාද ඔරොත්තු දිය හැකි අන්දමේ ප්‍රෙභ්ද වුවද බිහි විය හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා නිවේදනය කර තිබේ.
පසුගිය සතියේදී කොළොම්බියාවෙන් තවත් අලුත්ම කොවිඩ් වයිරස ප්‍රබේධයක් හඳුනාගත් අතර එම ප්‍රෙභ්දය ආසාධනය වී මිය ගිය අතරින් අට දෙනෙකු එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් අය බව වාර්තා වී තිබේ.
අමතක කළ යුතු නොවන්නේ වූහාන්හි වාර්තා වූ දිනයේ සිටම වයිරසය මිනිසාට වඩා පියවරක් හෝ ඉදිරියෙන් සිටි බවයි. මිනිසා එන්නත්කරණය ආරම්භ කිරීමත් සමග වඩා වැඩි ව්‍යප්තියකින් යුතු ඩෙල්ටා වැනි ප්‍රෙභ්ද බිහි වීම ඒ සඳහා හොඳම උදාහරණයයි. එබැවින් මිනිසා මේ මොහොතේදී තම තමන්ගේ කැමති අකමැති වරණ වෙනුවට සමස්ත මිනිස් සංහතිය වෙනුවෙන් සිතා බලා නුවණැතිව කටයුතු කිරීමට පෙලඹෙන්නේ නම් එය ඉතා වැදගත් වනු ඇති බව සඳහන් කළ යුතුය.
කෙසේ වෙතත් ලෝකයේ සෑම රටකම පාහේ මේ වන විට හැකි උපරිම ශක්තිය යොදමින් එන්නත්කරණය ක්‍රියාත්මක වෙමින් තිබෙන අතර බහුතරයක් ජනතාවද එන්නත් ලබා ගැනීමට උත්සුක වෙමින් තිබෙන බව පෙනේ.
දුගී රටවල ජනතාවට එන්නත් මාත්‍රා දෙක ලබා දෙනතුරු තුන්වැනි බූස්ටර් කිරීමක් කෙරෙහි අවධානය යොමු නොකරන මෙන් ධනවත් රටවලින් ලෝක සෞඛ්‍ය සංවිධනාය ඉල්ලීමක් කළද, ඇමරිකාව, ජර්මනිය සහ ප්‍රංශය මේ වන විටත් තම රටවල ජනතාවට තුන්වැනි එන්නත් මාත්‍රාවක් හෙවත් බූස්ටර් කිරීමක් ආරම්භ කර තිබේ.
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා සිටියේ දැන් ජනතාවට ලබා දෙන එන්නත සඳහා ඔරොත්තු දෙන වයිරස ප්‍රෙභ්ද ඉදිරියේදී නිර්මාණය වන්නේ නම් කළ යුතු වන්නේ ඒ සඳහා අලුතෙන්ම එන්නත් නිපදවා සමස්ත ලෝකයට එම එන්නත් මුල සිට ලබා දිය යුතු බවයි. තත්ත්වය එසේ වන්නේ නම් කොවිඩ් සමඟ ජීවිතය තවත් බොහෝ දුර විය හැකි බව පැවසිය හැකිය.
දකුණු කොරියාව
වයිරසයේ ලෝක ව්‍යප්තිය ආරම්භ වීමෙන් පසුව එය ඉතා හොඳින් පාලනය කරමින් ඉතා කෙටි කාලයක් තුළ මහ මැතිවරණයක් පවා පැවැත්වූ දකුණු කොරියාවෙන් මේ වන විට විශාල වශයෙන් ආසාදිතයන් වාර්තා වෙමින් තිබේ. එරට කිසි දිනෙක දෛනික ආසාදිතයන් දෙදහස ඉක්මවා වාර්තා නොවූවද මේ වන විට දෛනිකව ආසාදිතයන් තුන්දහසකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වෙමින් පවතින බව දැනගන්නට ලැබේ. එපමණක්ද නොව මෙලෙස ආසාදිතයන් වාර්තා වන්නේ අතිශයින්ම ජනාකීර්ණ ප්‍රදේශවලින් බවද පැවසේ. එහි අර්ථය වන්නේ ඉදිරියේදී තවත් ආසාදිතයන් වාර්තා විය හැකි බවයි.
දකුණු කොරියාවේ සෞඛ්‍ය ඇමැතිවරයා ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරමින් හැකිතාක් නිවෙස්ම රැඳී සිටින ලෙස ඉල්ලා සිටියේය. මේ වන විට දකුණු කොරියානු ජනගහනයෙන් සියයට 41කට එක් එන්නත් මාත්‍රාවක් ලබා දී අවසන් කර තිබේ. එහෙත් වයිරසය පැතිරීම පාලනය කිරීමට එයට නොහැකි වී ඇති බවට මේ අධික ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වීම හොඳ උදාහරණයක් වී තිබේ.
වියට්නාමය
පසුගිය වසරේදී කොවිඩ් ඉතා දක්ෂ ලෙස පාලනය කරමින් ආසාදිතයන් ඉතා අවම සංඛ්‍යාවක සහ මරණ 200කට අඩු සංඛ්‍යාවක පවත්වා ගනිමින් ලෝකයටම ආදර්ශයක් වූ වියට්නාමය මේ වන විට ඉතා අසීරු අවස්ථාවකට මුහුණ දෙමින් සිටින්නේද රට තුළ දැඩි සේ පැතිර යන ඩෙල්ටා ප්‍රෙභ්දය හේතුවෙනි.
මේ වන විට එරට දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව හාරදහස ඉක්මවා වාර්තා වෙමින් තිබේ. මේ අතර රටතුළ එන්නත්කරණයද වේගවත්ව ක්‍රියාත්මක වෙමින් පවතින බව රජය ප්‍රකාශ කර තිබේ.
පියොංගියෑං නගරයේ ජනතාව ස්වේච්ඡාවෙන් පැමිණ රෝගීන්ට උපකාර කිරීමට ඉදිරිපත් වෙමින් සිටින අතර නගරය වසා දමා ඇති වාතාවරණයක් යටතේ එකිනෙකා අතර භාණ්ඩ හුවමාරු කරගනිමින් සහයෝගයෙන් කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.