ආසාදිතයින්ගේ ගණන 1884ක් - Update | සිළුමිණ

ආසාදිතයින්ගේ ගණන 1884ක් - Update

රාත්‍රී - 10.56

තවත් කොවිඩ්-19 වෛරස ආසාදිතයෙකු හඳුනාගෙන ඇත.

ඒ අනුව අද (13) නව ආසාදිතයින් සිව් දෙනෙකු හඳුනා ගැණුනි.

මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිතයින්ගේ ගණන 1884ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඉන් ආසාදිතයින් 621 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

මේ අතර ආසාදිතයින් 1252 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

අදත් ආසාදිතයන් 03ක් හමුවෙයි - Update

මෙරටින් හමු වූ කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය 1,883 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද (13) තවත් ආසාදිතයන් තිදෙනෙකු හමුවීමත් සමගින් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

මේ වනවිට ආසාදිතයන් 1252 ක් සුවය ලබා ඇති අතර තවමත් ප්‍රතිකාර ලබමින් සිටින්නේ 619 දෙනෙක් පමණි.

Comments