
ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සභාව හෙට රැස්වීමට නියමිතව තිබේ.
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේ, එදින සවස 4.30 ට හිටපු කතානායක කරුජයසූරියගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම කතානායක නිල නිවසේදිී පැවැත්වෙන බවයි.
ස්වාධීන කොමිෂන් සභාවල ක්‍රියාකාරිත්වය ඇතුළු කරුණු කිහිපයක් සාකච්ඡා කිරීම සඳහා මෙලෙස ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සභාව රැස්වන බව ඔහු සඳහන් කළේ ය.
ආණ්ඩ්‍රක්‍රම ව්‍යාවස්ථා සභාව පසුගිය 23 වනදා ද කතානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් කතානායක නිල නිවසේදි රැස් විය.
හිටපු කතානායක කරු ජයසූරියගේ සභාපතිත්වයෙන් යුත් ආණ්ඩුක්‍රම ව්‍යාස්ථා සභාව ආග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ආර්. සම්බන්ධන්, බිමල් රත්නායක, මහින්ද සමරසිංහ, තලතා අතුකෝරල, යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් වන ජාවෙඩ් යුසුෆ්, නාගනාදන් සෙල්වකුරන් සහ ආචාර්ය ජයන්ත දනපාල යන අයගෙන සමන්විතයි.