
රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ කටයුතු සඳහා එළඹෙන සඳුදා දිනයේ බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කය විවෘත කෙරුණ ද එදිනට සුරාසල් විවෘත කිරීමක් සිදු නොවන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එස්.බෝදරගම පවසයි.
ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ දී සුරාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් මේ වන තෙක් රජයේ අවධානය යොමුව නොමැති බව ඔහු සඳහන් කළේය.
මීට පෙර ඇඳිරි නීතිය ඉවත් කළ අවස්ථාවල දී සුරාසැල් විවෘත කිරීමට රජය පියවර ගත්ත ද එහිදී ජනතාව විසින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පිළිනොපැදීම සහ වෛද්‍ය නිර්දේශ මත සුරාසැල් වසා තැබීමට රජය පියවර ගත්තේය.
කෙසේ වෙතත් එළඹෙන 11 වැනිදා ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමේ අරමුණින් බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කය විවෘත කිරීමෙන් අනතුරුව සුරාසැල් විවෘත කෙරෙන බවට ඇතැම් පුද්ගලයින් අසත්‍ය ප්‍රචාර සිදුකෙරෙමින් සිටින බව සුරාබදු කොමසාරිස් ජනරාල් එස්.බෝදරගම සඳහන් කළේය.