ඔක්ස්ෆර්ඩ් එන්නත වෙළඳපොලට එන ලකුණු | සිළුමිණ

ඔක්ස්ෆර්ඩ් එන්නත වෙළඳපොලට එන ලකුණු

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සමඟ එක්ව මේ වනවිට සායනික අත්හදාබැලීම් සිදුකරන එන්නත සාර්ථක වුවහොත් ලබන ඔක්තෝම්බර් මාසයේදී එම එන්නත වෙළඳපොලට නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ලොව විශාලතම එන්නත් නිෂ්පාදන ආයතනයක් වන ඉන්දියාවේ පූනේ හි පිහිටි සේරම් ආයතනය ප්‍රකාශ කර තිබේ.

පෝලියෝ, පිටගැස්ම, රුබෙල්ලා, සරම්ප ඇතුලු රෝග රැසකට අදාළ ප්‍රතිශක්තිකරණ එන්නත් නිපදවා ගෝලීයව අලෙවිකරන සේරම් ආයතනය ඉන්දියාවේ ප්‍රමඛතම ජෛව තාක්ෂණ සමාගමයි.

එම සමාගම කොරෝනා වෛරසයට අදාළ එන්නත නිපදවීම සඳහා ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලය සමඟ ඒකාබද්ධව කටයුතු කරන ගෝලීය ආයතන හතෙන් එකක් වේ.

සේරම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ප්‍රකාශ කර ඇත්තේ තම කණ්ඩායම ඔක්ස්ෆර්ඞ් සරසවිය සමඟ සමීපව කටයුතු කරන අතර, සායනික අත්හදාබැලීම් සාර්ථක වුවහොත් මසකට මිලියන 10 ක එන්නත් ප්‍රමාණයක් නිපදවීමට අපේක්ෂා කරන බවයි.

එමෙන්ම එම සායනික අත්හදාබැලීම් සාර්ථක වුවහොත් එය ඉදිරි සති දෙක තුන තුළ, අවශ්‍ය නියාමන අනුමැතිය සහිතව ඉන්දියාවේ අත්හදාබැලීමට සැළසුම් කර ඇති අතර, ඒ සඳහා දැනටමත් ප්‍රමාණවත් මාත්‍රා පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කලේය.

 

Comments