
නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීම පහසුවන පරිදි හෙට (27), සඳුදා රට පුරා ඇඳිරි නීතිය පනවන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය 28 වන අඟහරුවාදා අලුයම 5.00ට ඉවත් කොට එදිනම රාත්‍රී 8.00 සිට යළි ක්‍රියාත්මක කෙරේ.
මේ අතර ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි නැවත දැනුම්දෙන තුරු ත්‍රිවිධ හමුදාවට අයත් නීලධාරි හා සෙසු නිලයින්ගේ නිවාඩු හා කෙටි නිවාඩු අවලංගු කර ඇත.
ඒ අනුව දැනට නිවාඩු මත සිටින නීලධාරි හා සෙසු නිලයින් කඩිනමින් තමන් සේවය කරන කඳවුරු වෙත වාර්තා කල යුතුයි.
එලෙස නිවාඩු මත සිටින නිලධාරි හා සෙසු නිලයින් වහාම තමන් සේවය කරන කදවුරේ ප්‍රධානියා හෝ වගකිවයුතු නිලධාරියෙකු දුරකථන මාර්ගයෙන් අමතා වැඩිදුර උපදෙස් ලබා ගැනීමට කටයුතු කළ යුතුය.
ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසින් ත්‍රිවිධ හමුදාධිපතිවරුන්ට නිකුත් කළ නියෝගයේ සදහන් කර තිබුණේ නිලධාරීන් සහ සෙසුනිලයින් සඳහා ලබා දී ඇති සියලුම නිවාඩු අවලංගු කිරීමේ තීරණය අද (26) දින ගනු ලැබූ බවයි.