ලොව පුරා කොරෝනා මරණ 184,000 ඉක්මවයි | Page 11 | සිළුමිණ

ලොව පුරා කොරෝනා මරණ 184,000 ඉක්මවයි

කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව අද(23) වන විට 184,000 ඉක්මවා තිබේ.

එසේම ලොව පුරා වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව විසිහය ලක්‍ෂ තිස්පන්දහස ඉක්මවනු ලැබේ.

ඉකුත් පැය 24 තුළ අමෙරිකාවෙන් කොරෝනා නව මරණ 2,341න් වාර්තා වී ඇත.

ඒ අනුව එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 47,700කට ආසන්න වන අතර ඉකුත් පැය 24 තුළ වාර්තා වූ නව ආසාදිතයින් 29,973ත් සමඟ එරට සමස්ථ ආසාදිතයින් ගණන 848,000 ඉක්මවා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Comments