ජාතික රෝහලෙන් රෝගීන්ට උපදෙස් | සිළුමිණ

ජාතික රෝහලෙන් රෝගීන්ට උපදෙස්

කොරෝනා ව්‍යාප්තියත් සමග රෝහලට පැමිණෙන රෝගීන් අපහසුතාවට පත්වීම වැළැක්වීම සඳහා කොළඹ ජාතික රෝහල රෝගීන්ට දුරකතනයෙන් වෛද්‍ය උපදෙස් ලබාදීමේ සේවාවක් ආරම්භ කර තිබේ.

ජාතික රෝහල පැවසුවේ, ඒ අනුව 011 3 618 724 , 076 8 185 157 යන දුරකතන අංක ඔස්සේ එම වෛද්‍ය උපදෙස් ලබාගත හැකි බවයි.

සඳුදා සිට සෙනසුරාදා දක්වා සෑම දිනකම පෙරවරු 8.00 සිට පස්වරු 1.00 දක්වා මෙම දුරකතන සේවා ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

Comments