
තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව සුවය ලබා ඇති මෙරට ආසාදිතයින් ගණන 70ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වනවිට මෙරටදී තහවුරු කරගත් කොරෝනා ආසාදිතයින් ගණන 238ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මියගිය කොරෝනා රෝගීන් ගණන 7කි.
වෛද්‍ය අධීක්ෂණය යටතේ කොරෝනා බවට සැක සහිතව ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 145ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.