හමුදා රාජකාරියට බාධා කළ මන්ත්‍රි අත්අඩංගුවට | සිළුමිණ

හමුදා රාජකාරියට බාධා කළ මන්ත්‍රි අත්අඩංගුවට

ආරච්චිකට්ටුව ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඇඳිරි නීතිය පවතින අවස්ථාවේ නාවික හමුදා සෙබළුන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

පොලීසිය පැවසුවේ ඊයේ රාත්‍රියේ කරුකුපනේ ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි.

ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවේ එම ප්‍රදේශයේ නිවසක් තුළ පිරිසක් රැස්වී සිටින බව දැක නාවික හමුදාව ඉන් ඉවත්වන ලෙස ඔවුන්ට අවවාද කර ඇත.

පසුව එම ස්ථානයට පැමිණි මන්ත්‍රිවරයා නාවික හමුදා සෙබළුන්ගේ රාජකාරියට බාධා වන ආකාරයෙන් කටයුතු කර ඇති බවයි ආරච්චිකට්ටුව පොලීසිය සඳහන් කළේ.

 

Comments