‘කෝවිඩ් - 19’ ලෝක ව්‍යාප්තිය ඇරඹේ | Page 6 | සිළුමිණ

‘කෝවිඩ් - 19’ ලෝක ව්‍යාප්තිය ඇරඹේ

කෝවිඩ් - 19 හෙවත් කොරෝනා වයිරසය මේ වන විට තම ලෝක ව්‍යප්තිය අරඹා තිබේ. ලෝක සෞඛ්‍ය සංවි­ධා­නය මීට පෙර අන­තුරු අඟවා සිටියේ මේ අව­ස්ථාව සම්බ­න්ධ­යෙනි. මේ දක්වා චීන­යෙන් බැහැ­රව රෝගය වාර්තා වූ සෑම අව­ස්ථා­ව­ක­දීම චීනය හා සම්බ­න්ධ­යක් දක්නට ලැබිණි. එනම් චීන­යෙන් අදාළ රටේ සංචා­රය කළ අයෙකු හෝ චීනයේ සංචා­රයේ යෙදුණු අයෙකු යනාදී වශ­යෙනි. එහෙත් මේ වන විට චීනයේ සම්බ­න්ධ­ය­කින් තොරව රට­වල් රැසක කෝවිඩ් - 19 පැතිර යමින් තිබේ. එය වඩා භයා­නක තත්ත්ව­යක් ලෙස හැඳි­න්විය හැකිය.

මේ වන විට චීනයේ අස­ල්වැසි දකුණු කොරි­යාව කෝවිඩ් - 19 හේතු­වෙන් වඩා බර­ප­තල අව­ස්ථා­ව­කට මුහුණ දෙමින් සිටී. දිනෙන් දින දකුණු කොරි­යා­වෙන් වාර්තා වෙන රෝගීන් ප්‍රමා­ණය අධික වෙමින් තිබේ. පසු­ගිය බ්‍රහ­ස්ප­තින්දා උදෑ­සන වන විට දකුණු කොරි­යා­වෙන් වාර්තා වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 1596ක් විය. එදින උදෑ­සන පම­ණක් රෝගීන 300කට අධික සංඛ්‍යා­වක් වාර්තා වී තිබිණි. මේ අනුව දකුණු කොරි­යාව තුළ රෝගය පාල­න­ය­කින් තොරව ව්‍යප්ත වෙමින් පව­තින බව පැහැ­දි­ලිවේ. දකුණු කොරි­යානු ජන­තාව රජ­යට චෝදනා කර­මින් සිටින්නේ රෝගය පාල­නය සඳහා සෑහී­ම­කට පත් විය හැකි වැඩ­පි­ළි­වෙ­ළක් රජය මගින් දියත් නොක­රන බව ප්‍රකාශ කර­මිනි. කෙසේ වුවද කෝවිඩ් - 19 පාල­නය කිරී­මෙන් පසුව වුවද සමස්ත ලෝක­ය­ටම දරුණු ආර්ථීක අර්බූ­ද­යක පැට­ලී­මට සිදු­වන බව නම් පැහැ­දි­ලිය.

මේ අතර වයි­ර­සය මුලින්ම වාර්තා වූ චීනය කිසි­යම් සුභ­දායී මට්ට­ම­කට පැමි­ණෙ­මින් සිටින බවට පෙර­මග ලකුණු දිස්වෙ­මින් තිබේ. මේ වන විට දින­කදී වාර්තා වන රෝගීන් සංඛ්‍යාව පන්සි­ය­යක් පමණ අඩු අග­යක් ගන්නා අතර මරණ සංඛ්‍යා­වද අඩු වෙමින් පවතී. වූහාන් නග­රය පිහිටා ඇති හුබෙයි ප්‍රාන්තයේ හැර චීන­යට අයත් සෙසු ප්‍රදේ­ශ­වල අවම රෝගීන් සංඛ්‍යා­වක් වාර්තා වෙමින් තිබේ.

එහෙත් රෝගීන් අවම ප්‍රති­කා­ර­ව­ලින් පසු රෝහ­ල්ව­ලින් නිවෙස් කරා එවීම හේතු­වෙන් වඩා අය­හ­පත් ප්‍රති­ඵල අත්විය හැකි බවට බිය පළ වෙමින් තිබේ. රෝගය නිව්මෝ­නි­යාව දක්වා වර්ධ­නය නොවූ රෝගීන් දින දාහ­ත­රක ප්‍රති­ජී­වක ලබා දීමෙන් පසු නිවෙස් වෙත එව­මින් සිටින බව­ටද වාර්තා ලැබේ. මෙය රෝගීන් වඩා බර­ප­තළ තත්ත්ව­ය­කට ඇද දැමී­මට සමත් බව වාර්තා වේ.

රෝගීන් වාර්තා වීම අඩු වෙමින් තිබු­ණද එසේ වන්නේ ඖෂධ හේතු­වෙන් නොව කාලා­නු­රූ­පව සිදු වන ඔරොත්තු දීමේ හැකි­යාව වර්ධ­නය වීම හේතු­වෙන් යැයි සර­ලව පැව­සිය හැකිය. එයද සතු­ටු­විය හැකි තත්ත්ව­යක් නොවේ. සැබ­වින්ම එය රෝගය පාල­නය කිරී­මක් ලෙස දැක්විය නොහැ­කිය.

කෙසේ වුවද කෝවිඩ් හේතු­වෙන් චීනයේ ආර්ථික දේශ­පා­ලන අනා­ග­තය ඉතා ප්‍රබල ගැටලු රැස­කට මුහුණ දෙනු ඇති බව නම් නිසැ­කය. එසේ වුවද චීනය යනු ඕනෑම අව­ස්ථා­ව­කට මුහුණ දීමට සහ ජය­ග්‍ර­හ­ණය කිරී­මට තරම් ශක්ති­යක් සහිත රටක් බවද අම­තක කළ යුතු නැත.

මැද පෙර­දිග කලා­ප­යද මේ වන විට කෝවිඩ් - 19 හේතු­වෙන් අර්බූ­ද­යට ලක් වී සිටින අත­ර ඒ සඳහා අලු­තෙන්ම එක්ව සිටින රට වන්නේ සවුදි අරා­බි­යයි. මුස්ලිම් ජාති­ක­යන්ගේ ආග­මික වන්දවා සිදු­වන මක්කම සහ මදීනා කරා වන්ද­නා­වට පැමි­ණෙන බැති­ම­තුන්ට වීසා ලබා නොදී­මට සවුදිය පසු­ගි­යදා තීර­ණය කර සිටි­යේය. කෝවිඩ් - 19 තම රට තුළ පැති­රීම වැළැ­ක්වීම එහි අර­මුණ වේ. අම­ත­රව මේ වීසා තහ­නම සංචා­ර­ක­යන් සඳ­හාද ක්‍රියා­ත්මක බව සවුදි රජය දන්වා තිබේ. ලෝකයේ සෑම රට­ක­ටම කෝවිඩ් කිසි­යම් ආකා­ර­ය­කින් හෝ බල­පෑම් කර ඇති අතර සංචා­රක කර්මා­න්තය ප්‍රධා­න වේ. බොහෝ නිෂ්පා­දන කර්මාන්ත මේ රෝගය හේතු­වෙන් දරුණු අර්බූ­ද­ය­කට ලක්ව තිබේ.

එස්තෝ­නි­යාව එරට ප්‍රථම කොව්ඩ් - 19 රෝගියා වාර්තා කර සිටි අතර අවා­ස­නා­වට මෙන් මේ රෝගියා ඉරා­නයේ සංචා­ර­ය­කින් පසු සිය­රට බලා පැමිණි පුද්ග­ල­යකු බව වාර්තා විය. ඉරා­නය මුහුණ දෙමින් සිටින බිහි­සුණු තත්ත්වය මෙම­ගින් පැහැ­දිලි වේ. පසු­ගියදා ඉරා­නයේ නියෝජ්‍ය සෞඛ්‍ය ඇම­ති­ව­ර­යාද කෝවිඩ් රෝගි­යකු බව වාර්තා වූ අතර ඔහු ඊට පෙර රෝගයේ පැති­රීම සම්බ­න්ධව දැනුම් දීමට පැවැත්වූ මාධ්‍ය සාක­ච්ඡා­වේදී රෝග ලක්ෂණ පෙන්නුම් කර­මින් ඉතා අප­හ­සු­වෙන් සිටිනු වීඩියෝ දර්ශ­න­වල පැහැ­දි­ලිව සට­හන් වී තිබිණී. එය ඉතා කන­ගා­ටු­දා­යක අව­ස්ථා­වක් විය. මීට අම­ත­රව රෝගය පැති­රී­මට වඩා මරණ වැඩි­යෙන් වාර්තා වූ රටක් වශ­යෙන්ද ඉරා­නය නම් කළ හැකිව තිබේ. මේ වන විට ඉරා­න­යෙන් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 141ක් වන නමුදු වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 22කි.

මේ වන විට ළැව් ගිනි නිවී, ගං වතු­රද බැස ගොස් තම රට තුළ සාම­කාමී වාතා­ව­ර­ණ­ය­කට මුහුණ දෙමින් සිටින ඕස්ට්‍රේ­ලි­යානු අග­මැති ස්කොට් මොරි­සන් ‘සමස්ත ලෝක­යම කෝවිඩ් හේතු­වෙන් බර­ප­තළ තත්ත්ව­ය­කට මුහුණ දෙමින් සිටින බව‘ ප්‍රකාශ කළේය. කෙසේ වුවද රෝගීන් 23 වාර්තා වීමෙන් පසු රෝගය පැති­රීම සාර්ථ­කව පාල­නය කර ගැනී­මට ඕස්ට්‍රේ­ලි­යා­වට හැකි­විය. එමෙන්ම මේ වන විට ඕස්ට්‍රේ­ලි­යානු විද්‍යා­ඥ­යන් කෝවිඩ් සඳහා එන්න­තක් සොයා ගත් බව ප්‍රකාශ වී ඇති අතර ඔවුන් එය සතුන් සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂා­වන්ට ලක් කර­මින් ඇති බවද වාර්තා වී තිබේ.

කෙසේ වුවද ලෝක ආර්ථික දත්ත­ පෙන්නුම් කර සිටින්නේ 2020 වසරේ සමස්ත ලෝක ආර්ථී­කයේ සිය­යට 6 -7 අතර වර්ධ­න­යක් බලා­පො­රොත්තු ව සිටි නමුදු කෝවිඩ් හේතු­වෙන් එම ඉලක්ක ඉටු කර ගැනීම අප­හසු වනු ඇති බවයි.

එමෙන්ම මේ වන විට කෝවිඩ් හේතු­වෙන් බොහෝ වැඩ­ට­ස­හන් සහ උත්සව කල් දැමී­මට සිදුව තිබේ. දකුණු කොරි­යාව සහ අමෙ­රිකා එක්සත් ජන­ප­දයේ නාවික හමුදා එක්ව පැවැ­ත්වී­මට නිය­මි­තව තිබූ හමුදා පුහු­ණු­වක් කෝවිඩ් හේතු­වෙන් කල් දමා තිබේ. රට­ර­ට­වල පැවැ­ත්වී­මට නිය­මි­තව තිබූ උත්සව, සැම­රුම් සහ වැඩ­මුළු රාශි­යක් මේ හේතු­වෙන් අව­ලංගු කර ඇතැයි වාර්තා වේ. ඒ අත­රට අලු­තෙන්ම එක් වීමට නිය­මි­තව ඇත්තේ 2020 ජපා­නයේ ටෝකියෝ නුවර පැවැ­ත්වී­මට සියලු කට­යුතු සූදා­නම් කර තිබූ ඔලි­ම්පික් උලෙළයි. තවම මේ මහා ක්‍රීඩා උලෙළ කල් දැමී­මට තීර­ණය කිරීම කල් වැඩි බවට ඔලි­ම්පික් කමි­ටුව පවසා සිටි­යද බොහෝ දුරට එය කල් දැමී­මට සිදු­වනු ඇති බවට වාර්තා ලැබේ. පසු­ගි­යදා ජපා­නයේ කෝවිඩ් වරක් වැලඳී නිරෝ­ධා­ය­න­යට ලක් කර පසුව සුව­පත් වූ ජපාන කාන්තා­වක් යළිත් රෝග­යෙන් පීඩා විඳින බව වාර්තා වීමත් සමග මේ තීර­ණය ගනු ඇති බවට සැක පළ වේ. ජපාන අග­මැ­ති­ව­රයා පවසා ඇත්තේ මාර්තු 2වැනිදා සිට පාසල් වසා දැමී­මට කට­යුතු කළ යුතු වනු ඇති බවයි.

අමෙ­රි­කා­වද රෝග­යට සූදා­නම් වෙමින් සිටින්නේ විදේශ රට­වල අධ්‍යා­ප­නය ලැබී­මට යන සිසුන්ට තාව­කා­ලි­කව එයින් වැළකී සිටින ලෙසට අව­වාද දෙමිනි. පසු­ගි­යාද ජනා­ධි­පති ට්‍රම්ප් කෝවිඩ් සඳහා අමෙ­රි­කාව සූදා­නම් විය යුතු බවත්, පාසල් වසා දැමී­මට සූදා­න­මින් සිටිය යුතු බවත් පවසා සිටි­යේය.

කෙසේ වුවද තව­මත් ලෝකය නව කොරෝනා වයි­ර­ස­යෙන් හෙවත් කෝවිඩ් - 19න් නිද­හස්ව නැත. ඒ වෙනු­වට රෝගය ලොව පුරා ඉතා භයා­නක ලෙස ව්‍යප්ත වෙමින් තිබේ. ගත වී යන කුමන හෝ මොහො­තක කොව්ඩ් - 19 පාල­නය කළ හැකි ඖෂ­ධ­යක් සොයා ගත් බවට සුබ ආරං­චි­යක් අස­න්න ලැබේ නම් හෝ රෝගය පාල­නය වී ඇති බව අස­න්නට ලැබේ නම් එය මුළු මහත් පෘථිවි වාසී­න්ගේම සතු­ටට හේතු වනු ඇත.

Comments